6. සෙරිණි ප්රේතියගේ කථාව
464. “වෙන්ව පෙනෙන ඉලඇට ඇත්තී, කෘශව නිර්වස්ත්රවූවාය. දුර්වර්ණ වූවාය. නහර වැල් ඉල්පී ගියාය. මෙහි සිටින තී කවරියක්ද?”
465. “ස්වාමීනි, මම නපුරු ගති ඇති යම් ලෝකයෙහිවූ ප්රේතියක් වෙමි. පාප කර්මයක් කොට මෙයින් ප්රේතලෝකයට ගියේ වෙමි.
466. “කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරුකමක් කරණ ලද්දේද? කවර කර්ම විපාකයකින් ප්රේතලෝකයට ගියේද?”
467. “නොවලක්වන ලද්දාවූ තීර්ථ නම්වූ මහණ බමුණන් කෙරෙහි අඩමසක් හැසුරුනෙමි. දානවස්තු විද්යමාන කල්හිද තමහට පිහිටක් නොකෙළෙමි.
468. “පිපාසා ඇතිව නදිය කරා පැමිණියෙම් නම් දිය හිස්ව පවතියි. උෂ්ණකාලයෙහි සෙවනකට පැමිණියෙම් නම් අව්ව පැමිණෙයි.
469. “වාතයද ගිනිසමානව මාගේ ශරීරය දවමින් හමයි. වහන්ස, මේ දුක්ද ඊටවඩා දරුණුවූ අනික් දුකටත් සුදුසුවෙයි.
470. “හස්තිනී පුරයට ගොස් මාගේ මවට කියව. දුක්පත්වූ ප්රෙත ලොකවාසීවූ තීගේ දියනිය මා විසින් දක්නාලදී.
471. “පව්කම් කොට මෙයින් ප්රෙතලෝකයට ගියාය. මෙහි මා විසින් තබනලද වස්තුව ඇත්තේය. එය මා විසින් කිසිවෙකුට නොකියන ලද්දේය.
472. “ආසනය යටින් සාරලක්ෂයක් තබනලදහ. ඒ වස්තුවෙන් මා උදෙසා දන්දේවා. ඒ මවගේද ජීවිකාව වේවා.
473. “මාගේ මවුතොමෝ දන්දී මට පින පමුණුවාවා. එකල්හි මම සියලු කාමයෙන් සමෘද්ධවූවා සුවපත් වන්නෙමියි” කීයේය.
474. “ඒ උපාසකතෙම යහපතැයි පිළිවදන්දී හස්තිනී පුරයට ගොස් ඇගේ මවට කීයේය. ‘දුක්පත්වූ ප්රෙත ලොකවාසීවූ තීගේ දියණිය මා විසින් දක්නාලදී.’
475. “එහිදී ඒ ප්රෙතිතොමෝ ‘තීගේ දියණිය අකුශල් කොට මෙයින් සැවගොස් ප්රෙතලෝකයෙහි ඉපදී දුක් විඳින්නී’යයි මගේ මවුට කියනු මැනවැයි මට මෙහෙයවූවාය.”
476. “තීගේ දියණිය මා විසින් දක්නා ලදී. අකුසල් කොට මෙයින් ප්රේත ලෝකයෙහි උපන්නාය. දුකට පත් වූවාය.”
477. “පව්කම්කොට ප්රෙතලෝකයට ගියාවූ මාගේ එහි තබනලද මා විසින් කිසිවෙකුට නොකියනලද ආසනය යට සාරලක්ෂයක් ධනය ඇත. ඉන්මට දානයක් දුනමැනව. සෙස්ස ඇගේ ජීවිකාවටද ගනීවා.
478. “මාගේ මවුතොමෝ දන්දී මට පින් පමුණුවාවා. එකල්හි මම සියලු සැපතින් සම්පූර්ණව සුව ඇත්තියක් වන්නෙමි.”
479. “එහෙයින් වනාහි ඕතොමෝ දන්දුනි, දී ඒ ප්රෙතියට පින් පැමිණවී. ප්රෙතියද සුවපත්විය. ශරීරය මනාදැකුම් ඇතිවිය.”
සෙරිණීපෙතවත්ථු ඡට්ඨං.
7. මිගලුද්දක ප්රේතයාගේ කථාව
480. “තරුණ දෙවතාවන් හා දිව්යප්සරාවන් විසින් පිරිවරණ ලද්දාවූ සිත්කළුවූ කාමකොට්ඨාසයන්ගෙන් යුක්තව රාත්රී කාලයෙහි හොබනෙහිය. දවල්කාලයෙහි දුක් අනුභව කරන්නෙහිය. පූර්වජාතියෙහි කිනම් කර්මයක් කෙළෙහිද?”
481. “මම රම්යවූ සිත්කළුවූ ගිරිබ්බජනම්වූ රජගහනුවර පූර්වජන්මයෙහි ලේවැකුණු අත් ඇති දරුණුවූ මුව වැද්දෙක්වීමි.
482. “එකල්හි ඉතා දරුණුවූ පරපීඩාවෙහි ඇලුනු නොහික්මුනාවූ කිසිවෙකු සමග විරුද්ධයක් නොකරන්නාවූ බොහෝ සත්වයන් කෙරෙහි දූෂිත වූ සිත් ඇතිව හැසුරුනෙමි.
483. “ඒ මට යහපත් සිත් ඇති ශ්රද්ධාවත්වූ උපාසක මිත්රයෙක්විය. හෙතෙමේද අනුකම්පාකරමින් නැවත නැවත මා වැලැක්විය.