5. කුමාර ප්‍රෙතයාගේ කථාව
453. ශාස්තෲන් වහන්සේ යම්සේ පුද්ගලයා ප්‍රකාශ කළසේක්ද, සර්වඥයන් වහන්සේගේ සර්වඥතාඥානය ආශ්චර්ය ස්වභාව ඇත්තේය. අධික කුශල ධර්ම ඇත්තාවූද සමහර පුද්ගලයෝ වෙත්මය. ඉතාසුළු පින් ඇත්තාවූද සමහරු වෙත්මය.
454. “සොහොනෙහි බහාලනලද මේ කුමාරතෙම ඇඟිල්ලෙන් වැගුරුණු කිරෙන් රාත්‍රියෙහි යැපෙයි. කරණලද පින් ඇති කුමරා යක්ෂ භූතයෝද නොපෙලුවාහුය. සර්පජාතීහුද පීඩානොකළාහුය.
455. “සුනඛයෝද මේ කුමරුගේ පාදයන් පිරිමැද්දාහුය. කවුඩෝද සිවල්ලුද ඔබිමොබ පෙරලත්. පක්ෂි සමූහයා ගැබ්මල පහකරත් කවුඩෝ වනාහි ඇස්මල පහකරත්.
456. “කිසි මනුෂ්‍ය කෙනෙක් මේ කුමරුගේ රැකීම නොකළාහුය. ඖෂධ හෝ අබදුම්දීම් හෝ නොකළාහුය. නැකැත්යොගද නොගත්තාහුය. ඇල්ආදී සර්වධාන්යයන්ද නොවිසුරුවාහුය.
457. “රාත්‍රියෙහි ගෙනෙන ලදුව සොහොනෙහි දමන ලද්දාවූ ඉතාම දුක්පත්වූ වෙඬරුපිඩක් බඳුවූ වෙවුලන්නාවූ ජීවත්වේදෝ නොවේදෝයි සැකසහිතවූ ජීවිත මාත්‍රයම ඉතිරිවූ මෙබඳුවූ
458. “ඒ කුමරු දෙව්මිනිසුන් විසින් පුදන ලද්දාවූ මහාප්රාඥවූ තථාගතයෝ දුටුසේක. ඔහු දැකම මේ කුමර තෙම මේ නුවර භොගසම්පත්තියෙන්ද කුලයෙන්ද උසස් කෙනෙක් වන්නේයයි” ප්‍රකාශ කළසේක.
459. “මේ කුමරුගේ ව්‍රතසමාදානය කුමක්ද, ශ්‍රේෂ්ඨ හැසිරීම කුමක්ද, මොනවට පුරුදුකරණ ලද්දාවූ කෙබඳුවූවක් හුගේ මේ විපාකයවේද, මෙබඳුවූ විපතට පැමිණ එබඳුවූ කීපරිදි සම්පත්ද දිව්යසම්පත්ද නැවත වළදන්නේද?
460. “ජනසමූහයා බුද්ධප්රමුඛවූ භික්ෂුසංඝයාහට මහත් පූජාවක් කෙළේය. එහිදී මොහුගේ සිතට අගෞරවයක් ඇතිවිය. යහපත් සභාවෙහි නොකිවයුතුවූ රළුවචනයක් කීයේය.
461. “හෙතෙම නැවත ඒ ලාමක විතර්කය පහකොට ප්‍රීතියද ප්රසාදයද ලැබ ජේතවනයෙහි වැඩවසන්නාවූ තථාගතයන් වහන්සේට සත් දිනක් කැඳදානයෙන් උපස්ථාන කෙළේය.
462. “මොහුගේ ඒ ව්රතසමාදානයද ඒ ශ්‍රේෂ්ඨ චර්යාවදවේ. මනාසේ පුරුදු කරණලද්දාවූ ඒ කර්මයාගේ මේ විපාකයවේ මෙබඳු විපතට පැමිණ එබඳුවූ ඒ උක්තප්‍රකාර සම්පත්ද දිව්යඍද්ධියද නැවත වළඳන්නේය.
463. “ඒ කුමාරතෙම මේ මිනිස් ලොවම අවුරුදු සියයක් මුළුල්ලෙහි සියලුකාම සැපතින් යුක්තව සිට ශරීරයාගේ බිඳීමෙන් ශක්‍රයාගේ සහභාවයට යන්නේය.”
කුමාරපෙතවත්ථු පඤ්චමං.
6. සෙරිණි ප්‍රේතියගේ කථාව
464. “වෙන්ව පෙනෙන ඉලඇට ඇත්තී, කෘශව නිර්වස්ත්රවූවාය. දුර්වර්ණ වූවාය. නහර වැල් ඉල්පී ගියාය. මෙහි සිටින තී කවරියක්ද?”
465. “ස්වාමීනි, මම නපුරු ගති ඇති යම් ලෝකයෙහිවූ ප්‍රේතියක් වෙමි. පාප කර්මයක් කොට මෙයින් ප්‍රේතලෝකයට ගියේ වෙමි.
466. “කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරුකමක් කරණ ලද්දේද? කවර කර්ම විපාකයකින් ප්‍රේතලෝකයට ගියේද?”
467. “නොවලක්වන ලද්දාවූ තීර්ථ නම්වූ මහණ බමුණන් කෙරෙහි අඩමසක් හැසුරුනෙමි. දානවස්තු විද්‍යමාන කල්හිද තමහට පිහිටක් නොකෙළෙමි.
468. “පිපාසා ඇතිව නදිය කරා පැමිණියෙම් නම් දිය හිස්ව පවතියි. උෂ්ණකාලයෙහි සෙවනකට පැමිණියෙම් නම් අව්ව පැමිණෙයි.
469. “වාතයද ගිනිසමානව මාගේ ශරීරය දවමින් හමයි. වහන්ස, මේ දුක්ද ඊටවඩා දරුණුවූ අනික් දුකටත් සුදුසුවෙයි.
470. “හස්තිනී පුරයට ගොස් මාගේ මවට කියව. දුක්පත්වූ ප්‍රෙත ලොකවාසීවූ තීගේ දියනිය මා විසින් දක්නාලදී.
471. “පව්කම් කොට මෙයින් ප්රෙතලෝකයට ගියාය. මෙහි මා විසින් තබනලද වස්තුව ඇත්තේය. එය මා විසින් කිසිවෙකුට නොකියන ලද්දේය.