භාණවාරං දුතියං නිට්ඨිතං.
4. භුස (බොල්) ප්‍රෙතයාගේ කථාව
448. “එකෙක් හැල් වී බොල් හිස විසුරුවා ගනී. නැවත තවත් එකෙක් හිස සිඳීමට පැමිණෙයි. මේ ස්ත්‍රියද තම පිට මස් හා ලේ අනුභව කරයි. තීද අපවිත්‍රවූ පිළිකුල්කටයුතුවූ අශුචි අනුභව කෙරෙහිය. කවර අකුශල කර්මයක්හුගේ මේ විපාකය වේද?”
449. “මේ තෙම පෙර මවට හිංසාපීඩා කෙළේය. මෙතෙම කූටවෙළෙන්දෙකි. මෝතොමෝ මස් කා බොරු කීමෙන් වංචාකෙළේය.
450. “මම මිනිස් ලොව මනුෂ්‍යයෙක්ව සියලු කුශලයට ඊශ්වරවූ ගෘහපතියෙක් වීමි. ධනය ඇති කල්හිම නැතැයි අඟවා මෙයින් කිසිවක් නුදුනිමි.
451. “මෙය මාගේ ගෙයි නැතැයි බොරු කියමින් වසාලීමි ඉදින් මාගේ ගෙයි ඇතිව සඟවන්නෙම් නම් මාගේ ආහාරය අශුචි වේවා.
452. “ඒ අකුශල කර්මයාගේද මුසාවාද අකුශලයාගේද, කර්ම දෙදෙනාගේ විපාක හේතුවෙන් සුවඳැල් සහල් පිළිබඳවූ බත මාහට අශුචි බවට පෙරළෙයි.
453. “කුශලා කුශල කර්මයෝ හිස් නොවෙත්. එය කර්මය නොවැනසේමය. දුගඳවූ හටගත් පණුවන් ඇති අශුචි අනුභව කරමි. පානයද කරමි.”
භුසපෙතවත්ථු චතුත්ථං.
5. කුමාර ප්‍රෙතයාගේ කථාව
453. ශාස්තෲන් වහන්සේ යම්සේ පුද්ගලයා ප්‍රකාශ කළසේක්ද, සර්වඥයන් වහන්සේගේ සර්වඥතාඥානය ආශ්චර්ය ස්වභාව ඇත්තේය. අධික කුශල ධර්ම ඇත්තාවූද සමහර පුද්ගලයෝ වෙත්මය. ඉතාසුළු පින් ඇත්තාවූද සමහරු වෙත්මය.
454. “සොහොනෙහි බහාලනලද මේ කුමාරතෙම ඇඟිල්ලෙන් වැගුරුණු කිරෙන් රාත්‍රියෙහි යැපෙයි. කරණලද පින් ඇති කුමරා යක්ෂ භූතයෝද නොපෙලුවාහුය. සර්පජාතීහුද පීඩානොකළාහුය.
455. “සුනඛයෝද මේ කුමරුගේ පාදයන් පිරිමැද්දාහුය. කවුඩෝද සිවල්ලුද ඔබිමොබ පෙරලත්. පක්ෂි සමූහයා ගැබ්මල පහකරත් කවුඩෝ වනාහි ඇස්මල පහකරත්.
456. “කිසි මනුෂ්‍ය කෙනෙක් මේ කුමරුගේ රැකීම නොකළාහුය. ඖෂධ හෝ අබදුම්දීම් හෝ නොකළාහුය. නැකැත්යොගද නොගත්තාහුය. ඇල්ආදී සර්වධාන්යයන්ද නොවිසුරුවාහුය.
457. “රාත්‍රියෙහි ගෙනෙන ලදුව සොහොනෙහි දමන ලද්දාවූ ඉතාම දුක්පත්වූ වෙඬරුපිඩක් බඳුවූ වෙවුලන්නාවූ ජීවත්වේදෝ නොවේදෝයි සැකසහිතවූ ජීවිත මාත්‍රයම ඉතිරිවූ මෙබඳුවූ
458. “ඒ කුමරු දෙව්මිනිසුන් විසින් පුදන ලද්දාවූ මහාප්රාඥවූ තථාගතයෝ දුටුසේක. ඔහු දැකම මේ කුමර තෙම මේ නුවර භොගසම්පත්තියෙන්ද කුලයෙන්ද උසස් කෙනෙක් වන්නේයයි” ප්‍රකාශ කළසේක.
459. “මේ කුමරුගේ ව්‍රතසමාදානය කුමක්ද, ශ්‍රේෂ්ඨ හැසිරීම කුමක්ද, මොනවට පුරුදුකරණ ලද්දාවූ කෙබඳුවූවක් හුගේ මේ විපාකයවේද, මෙබඳුවූ විපතට පැමිණ එබඳුවූ කීපරිදි සම්පත්ද දිව්යසම්පත්ද නැවත වළදන්නේද?
460. “ජනසමූහයා බුද්ධප්රමුඛවූ භික්ෂුසංඝයාහට මහත් පූජාවක් කෙළේය. එහිදී මොහුගේ සිතට අගෞරවයක් ඇතිවිය. යහපත් සභාවෙහි නොකිවයුතුවූ රළුවචනයක් කීයේය.
461. “හෙතෙම නැවත ඒ ලාමක විතර්කය පහකොට ප්‍රීතියද ප්රසාදයද ලැබ ජේතවනයෙහි වැඩවසන්නාවූ තථාගතයන් වහන්සේට සත් දිනක් කැඳදානයෙන් උපස්ථාන කෙළේය.