1. 12.
85. “සර්පතෙම දිරුණාවූ සම සිය සිරුරෙන් හැර දමායේද එසේම ශරීරය නිරර්ථකවූ කල්හි (ආයු, උෂ්ම, විඥානයන්) පහවූ කල්හි කළුරිය කළ කල්හි
86. “දවනුලබන්නාවූ ශරීරය නෑයන්ගේ හැඬීම නොදනී. එහෙයින් මේ පුත්‍රයා නිමිතිකොට නොහඬමි. හෙතෙම ඔහුගේ ගමනක්වීද එහි ගියේය.
87. “ඒ සිටිතැනින් නොකැඳවන ලදුව පැමිණියේය. මෙලොවින් අනුනොදන්නා ලදුව ගියේය. යම් ආකාරයකින් ආයේද, එසේම ගියේ වෙයි. එහිදී කවර හැඬීමක්ද?
88. “දවනුලබන්නාවූ ශරීරය නෑයන්ගේ හැඬීම නොදනී. එහෙයින් මේ පුත්‍රයා නිමිතිකොට නොහඬමි. හෙතෙම ඔහුගේ ගමනක්වීද එහි ගියේය.
89. “ඉදින් අඬන්නෙහිනම් කෘශවූ ශරීර ඇත්තියක් වන්නෙමි. ඒ හැඬීමෙහිදී මට කවර ප්‍රයෝජනයක් වන්නේද? අපගේ ඤාති මිත්‍ර සහෝදරයන්ටද බොහෝ දුක්ම වන්නේය.
90. “දවනුලබන්නාවූ ශරීරය නෑයන්ගේ හැඬීම නොදනී. එහෙයින් මේ පුත්‍රයා නිමිතිකොට නොහඬමි. හෙතෙම ඔහුගේ ගමනක්වීද එහි ගියේය.
91. යම්සේ දරුවෙක් අහසෙහි යන සඳ ඉල්ලා හඬාද, මියගිය තැනැත්තා අරභයා යමෙක් ශෝක කෙරේද මේ කාරණයත් එබඳුමය.
92. දවනුලබන්නාවූ ශරීරය නෑයන්ගේ හැඬීම නොදනී. එහෙයින් මේ පුත්‍රයා නිමිතිකොට නොහඬමි. හෙතෙම ඔහුගේ ගමනක්වීද එහි ගියේය.
93. “පින්වත් බමුණ, යම්සේ දියකළය බිඳුනේ නොගැලපිය හැකිවේද යමෙක් තෙම කළුරිය කළ කෙනෙකු සඳහා ශොක කෙරේ නම් මේ කාරණයත් එසේයයි දත යුතුයි.
94. “දවනුලබන්නාවූ ශරීරය නෑයන්ගේ හැඬීම නොදනී. එහෙයින් මේ පුත්‍රයා නිමිතිකොට නොහඬමි. හෙතෙම ඔහුගේ ගමනක්වීද එහි ගියේය.
12. උරග ප්‍රේතයාගේ කථාව
උරගවග්ගො පඨමො නිට්ඨිතො.
එහි උද්දානය:
කුඹුරු ද, සූකර ද, පූති ද, පිට්ඨධීතලික ද, තිරොකුඩ්ඩ ද, පඤ්චපුත්ත ද, සත්තපුත්ත ද, ගොණ ද, පෙසකාර ද, එසේම ඛල්ලාටිය, නාග සහ උරග යන දොළසයි.