1100. “හිසෙහි සුදුසු ප්‍රදෙශයෙහි හටගත්තාවූ කෙශයෝ පෙර කාලවර්ණ වූහ. සුසීමය, අද සුදුවූ ඔවුන් දැක දස කුශල ධර්මයෙහි හැසිරෙව, මෛථුනයෙන් වෙන්වීම නම්වූ බ්‍රහ්මචර්යාවට සුදුසු කාලය වේ.
1101. “දේවයෙනි, මාගේ හිස පැසුනේය. තොපගේ හිස නොවෙයි ඒ මාගේම හිසය. මාගේ හිස වේ. යහපතක් කරන්නෙමි බොරු කීවෙමි. රාජ ශ්‍රේෂ්ඨය, එක අපරාධය ක්ෂමා කළ මැනව.
1102. “රාජය, නුඹ තරුණයෙහි දැකුම් කළුවෙහිය. කිළිලයක් මෙන් පළමු වයසින් නැඟී සිටියේවෙහි. එහෙයින් රාජ්‍යයද කරව, මාද බලව, ජනෙන්ද්‍රය කාලික සැපය අනුව ධාවනය නොකරව,
1103. “සිළිටුවූ ස්පර්ශ ඇති මනාවූ ශරීර ඇති යහපත් මධ්‍ය ප්‍රදෙශ ඇති කුමාරිකාව මම දකිමි. කළුවැල් පැලෑටියක් මෙන් ලෙළදෙන්නාවූ ඕතොමෝ ක්ලෙශ වසඟයෙන් පොළඹවන්නියක් මෙන් පුරුෂයන් සමීපයෙහි යෙයි.
1104. “උත්පත්තියෙහි පටන් අසූ හැවිරිදිවූ හෝ අනූ හැවිරිදිවූ හෝ දණ්ඩක් ගෙණ වෙව්ලන්නාවූ පරාළයක් මෙන් තුන් තැනකින් බිඳුනාවූ ඇවිදිනාවූ ඒ ස්ත්‍රිය මා පසුකලෙක දකිමි.
1105. “ඒ මම එයම නැවත නැවත සිතන්නේ යහන් මැද හුදකළාව සයනය කරමි. මමද මෙසේයයි බලන්නේ ගෘහයෙහි නොඇලෙන්නෙම් බ්‍රහ්මචර්යාවට සුදුසු කාලයයි.
1106. “ගිහිගෙයි වසන්නහුගේ යම් පස්කම්හි ඇල්මක් ඇද්ද, මෝතොමෝ එළෙන්නාවූ රැහැණක් වැන්නීය. මෙයද සිඳ බලාපොරොත්තුවක් නැත්තාවූ ප්‍රාඥයෝ කාම සැපය හැර තපසට යෙත්.”
6. සුසීමජාතකං.
1107. “මම බඹ දහසක් පමණ ඇති නයෙකු ගෙණ ආයෙමි. මහත්වූ ශරීර ඇති ඒ නයාද මාද දරන්නේ නොවෙවුලයි.
1108. “කෝට සිම්බලිය, එසේ කල්හි මට වඩා ඉතා මදවූ මස් ඇති මේ කුඩා පක්ෂියා දරන්නේ බිය පත්වූයෙහි, කුමට වෙව්ලන්නෙහිද,
1109. “රාජය, තෝ මස් කන්නෙහි මේ පක්ෂිතෙම ගෙඩි කන්නේය. මෙතෙම නුග ඇටද පුලිල ගෙඩිද දිඹුල් ගෙඩිද ඇසතු ගෙඩිද අනුභව කොට මාගේ කඳෙහි වර්චස් හෙලන්නේ (මළ පහ කරන්නේය.)
1110. “මාගේ පසෙක්හි වාත රහිත ස්ථානයෙහි හටගත්තා වූ ඒ නුග ආදී වෘක්ෂයෝ මනාව වැඩෙත්. ඔව්හු මා වැළඳ ගන්නාහ. මා වෘක්ෂ නැත්තහු කරන්නාහ.
1111. “නුග ආදී බිජුවට ගෙණෙන ලද මේ කුරුලු ජාතීන් විසින් නසනලද මුල් සහිත කඳ ඇති අන්‍යවූද දාම නම්වූ වෘක්ෂයෝ ඇත්තාහ.
1112. “රාජය, මහත්වූද වනදෙටු රුක් යටපත් කොට හටගන්නාහු වැඩෙත්. එසේහෙයින් මතු පැමිණෙන භය දක්නෙම් වෙව්ලමි.
1113. “සැක කටයුත්තන් සැක කරන්නේය. නොපැමිණියාවූ භය රක්නේය. ප්‍රාඥතෙම නොපැමිණි භය හේතුකොට ගෙණ දෙලොව බලන්නේය.
7. කොටිසිම්බලිජාතකං.
1114. “දහම් කැමැතිවූ යුධිට්ඨිල නම් රජතෙම විධුර පණ්ඩිතයන් විචාළේය. බ්‍රාහ්මණය, හුදකලාවූ කවරෙක් නම් බොහෝ කරුණෙන් ශොක කෙරේයයි දන්නෙහිදැයි විචාළේය.
1115. “එළු සමූහයාගෙන් යුක්තව බොහෝ දර ඇතිව වනයෙහි වසන්නාවූ වාසෙට්ඨ නම් බමුණුතෙම රෑ දාවල් අනලස්ව මැසි උවදුරු හරණ පිණිස ගිනි දුම් කෙළේය.
1116. “ඒ ගිනිදුම් ගඳින් මැසි මදුරුවන්ගෙන් පෙළුනාවූ සරභ මෘගයෝ ඒ ගිනිදුම් කරන්නාවූ බ්‍රාහ්මණයාගේ සමීපයෙහි වර්ෂා කාලයෙහි විසීමට පැමිණියාහුය.