1091. “යමෙක් පෙර වනාහි දුරවූ මා පෙර මගට යේද, මහත් ශරීර ඇති දිගින් යුක්තවූ සෝමදත්තතෙම නොදක්නා ලැබේ. කොයි ගියේදෝ
1092. “සිඳිනාලද මාළුවා වැලක් මෙන් ඒ සෝමදත්ත තෙම මලේ සයනය කෙරෙයි. මේ හෙතෙමේ මැයි. භූමියෙහි වැටුණේ සයනය කෙරෙයි. හස්තිතෙම ඒකාන්තයෙන් මළේය.
1093. “පරලොව ගියහු අනුව ශොක කෙරෙයි යන යමක් ඇද්ද, එය අනගාර්ය භාවයෙන් යුක්තවූ කාමයන්ගෙන් වෙන්වූ සිත් ඇති ශ්‍රමණයෙකුට සුදුසු නොවෙයි.
1094. “ශක්‍රය, ඒකාන්තයෙන් එක්ව වාසය කිරීමෙන් මනුෂ්‍යයෙකුටද මෘගයෙකුටද, හෘදයෙහි ප්‍රෙමය හටගණියි. ඔහුට ශොක නොකරන්නට නොපිළිවනි.
1095. “යම් කෙනෙක් ඒ මළහුට හඬත්ද, මම මැරෙන්නෙමියි හඬත්ද, වැලපෙත්ද එය හිස්යයි සත්පුරුෂයෝ කීහ. එසේහෙයින් නොහඬව, නොවැලපෙව,
1096. “බමුණ, ඒකාන්තයෙන් හැඬීමෙන් මළාවූ පරලොව ගිය තැනැත්තා නැගී සිටින්නේ නම් ඔවුනොවුන්ගේ මළ නෑයන්ට සියල්ලෝ එකතුව හඬමු.
1097. “ගිතෙල් ඉසින ලද්දාවූ ඇවිල ගන්නා ලද්දාවූම ගින්නක් වන්වූ මා ජලයෙන් තෙමන්නක්හු මෙන් සියලු පීඩාව නිවූයෙහිය.
1098. “මාගේ හෘදය ඇසුරු කළාවූ යම් ශොක හුලයක් වීද, යමෙක් ශෝකයෙන් පෙළුනාවූ මාගේ පුත්‍ර ශෝකය දුරු කෙළේද, හෙතෙම මාගේ ශොක නමැති හුල උදුරා දැමීය.
1099. “දුරුවූ ශොක ඇති නොකැළඹුන සිත් ඇති ඒ මම උදුරා දමනලද ශොක හුල් ඇත්තේ වෙමි. එහෙයින් ශක්‍රය, ඔබගේ කීම අසා ශොක නොකරමි. නොහඬමි.”
5. සොමදත්තජාතකං.
1100. “හිසෙහි සුදුසු ප්‍රදෙශයෙහි හටගත්තාවූ කෙශයෝ පෙර කාලවර්ණ වූහ. සුසීමය, අද සුදුවූ ඔවුන් දැක දස කුශල ධර්මයෙහි හැසිරෙව, මෛථුනයෙන් වෙන්වීම නම්වූ බ්‍රහ්මචර්යාවට සුදුසු කාලය වේ.
1101. “දේවයෙනි, මාගේ හිස පැසුනේය. තොපගේ හිස නොවෙයි ඒ මාගේම හිසය. මාගේ හිස වේ. යහපතක් කරන්නෙමි බොරු කීවෙමි. රාජ ශ්‍රේෂ්ඨය, එක අපරාධය ක්ෂමා කළ මැනව.
1102. “රාජය, නුඹ තරුණයෙහි දැකුම් කළුවෙහිය. කිළිලයක් මෙන් පළමු වයසින් නැඟී සිටියේවෙහි. එහෙයින් රාජ්‍යයද කරව, මාද බලව, ජනෙන්ද්‍රය කාලික සැපය අනුව ධාවනය නොකරව,
1103. “සිළිටුවූ ස්පර්ශ ඇති මනාවූ ශරීර ඇති යහපත් මධ්‍ය ප්‍රදෙශ ඇති කුමාරිකාව මම දකිමි. කළුවැල් පැලෑටියක් මෙන් ලෙළදෙන්නාවූ ඕතොමෝ ක්ලෙශ වසඟයෙන් පොළඹවන්නියක් මෙන් පුරුෂයන් සමීපයෙහි යෙයි.
1104. “උත්පත්තියෙහි පටන් අසූ හැවිරිදිවූ හෝ අනූ හැවිරිදිවූ හෝ දණ්ඩක් ගෙණ වෙව්ලන්නාවූ පරාළයක් මෙන් තුන් තැනකින් බිඳුනාවූ ඇවිදිනාවූ ඒ ස්ත්‍රිය මා පසුකලෙක දකිමි.
1105. “ඒ මම එයම නැවත නැවත සිතන්නේ යහන් මැද හුදකළාව සයනය කරමි. මමද මෙසේයයි බලන්නේ ගෘහයෙහි නොඇලෙන්නෙම් බ්‍රහ්මචර්යාවට සුදුසු කාලයයි.
1106. “ගිහිගෙයි වසන්නහුගේ යම් පස්කම්හි ඇල්මක් ඇද්ද, මෝතොමෝ එළෙන්නාවූ රැහැණක් වැන්නීය. මෙයද සිඳ බලාපොරොත්තුවක් නැත්තාවූ ප්‍රාඥයෝ කාම සැපය හැර තපසට යෙත්.”
6. සුසීමජාතකං.