802. “හුණ දන්ඩෙන් බඳනා ලදුව සතුරන් අතට පත්වූ තෙපි ප්‍රසන්නවූ මුඛ වර්ණ ඇත්තහුය. තෙපි කුමක් හෙයින් ශොක නොකරව්ද,
803. “ශොක කිරීමෙන්ද හැඬීමෙන්ද ස්වල්පවූ ප්‍රයෝජනයකුත් නොලැබිය හැක්කේමය. ශොක කරන්නාවූ දුකට පැමිණියාවූ මොහු දැන සතුරෝ සතුටු සිත් ඇත්තාහු වෙත්.
804. “වැඩ අවැඩ දන්නාවූ පණ්ඩිතතෙම යම්හෙයකින් වනාහි ආපදාවන්හි කම්පා නොවේද, එහෙයින් මොහුගේ විකාරයට නොපැමිණියාවූ පෙර මෙන් තුබූ මුහුණ දැක සතුරෝ දුකට පැමිණියාහු වෙත්.
805. “මන්ත්‍ර ජප කිරීමෙන්ද මන්ත්‍රණය කිරීමෙන්ද ප්‍රිය වචන කීමෙන්ද, අල්ලස් දීමෙන්ද පරම්පරාව කීමෙන්ද යන මෙයින් යම් යම් පරිද්දෙකින් යම් තැනක වැඩක් හෝ දියුණුවක් ලබන්නේද, ඒ ඒ පරිද්දෙන් එතැනදී උත්සාහ කරන්නේයි.
806. “මා විසින් හෝ අනිකෙකු විසින් හෝ මේ අර්ථය ලබන්ට නොපිළිවනැයි යම්හෙයකින් දන්නේ නම් ශොක නොකරන්නේ දැඩිවූ අකුශල කර්මය කෙළේනම් දැන් කුමක් කෙරෙම්දැයි ඉවසන්නේයයි” කීයේය.
8. තචසාරජාතකං අට්ඨමං.
807. “යම් කරුණකින් චක්‍රය මාගේ හිසෙහි පැහැර මස්තකයෙහි කැරකේද, එහෙයින් මම දෙවියන්ට කිනම් වරදක් කෙළෙම්ද, මා විසින් කවර නම් පාපයක් කරණ ලදද,
808. “පළිඟු ප්රාසාදයද රිදී ප්රාසාදයද මැණික්මය ප්රාසාදයද රත්රන් ප්රාසාදයද ඉක්මවා කවර නම් කාරණයකින් මෙහි ආයේද,
809. “මෙයට වඩා මෙහි සම්පත් ඉතා බොහෝ වන්නාහයි හැඟීම් මෙසේ මේ හැඟීමෙන් ව්‍යසනයට පැමිණියාවූ මා බලව.
810. “සතර දෙනෙකුගෙන් නොසතුටුව අට දෙනෙකු ළඟට ගියේය. අටදෙනෙකු කෙරෙනුදු නොසතුටුව සොළොස් දෙනෙකු ළඟට ගියේය. සොළොස් දෙනෙකුගෙන්ද නොසතුටුව දෙතිස් දෙනෙකු ළඟට ගියේය. වැඩි වැඩියත් පතන්නේ උර චක්‍රයට ලංවිය තෘෂ්ණාවෙන් නසනලද පුරුෂයාගේ මස්තකයෙහි උර චක්‍රය කැරකේ.
811. “මත්තෙහි විශාලවූ පුරවන්ට නොහැකිවූ ආසාවෙන් පැතිර පවත්නාවූ ඒ තෘෂ්ණාව යම් කෙනෙක් අනුව ගිජු වෙත්ද, ඔහු උර චක්‍රය දරන්නාහු වෙත්යයි” කීයේය.
9. මිත්තවින්දකජාතකං නවමං.
812. “හංසතෙම පළාසයාට කීය. “යහළුව, නුග ගසෙක් හටගණියි. තාගේ ඇකයෙහි හෙවත් වෙළෙප්හී හුන්නාවූම ඒ නුගගස තාගේ මරුතැන් සිඳින්නේයි.
813. “නුග ගස වැඩෙන්නේම වේවා මොහුට මම පියා හෝ මව හෝ මෙන් පිහිට වෙමි. මෙතෙම මෙසේ වන්නේය.
814. “යම් හෙයකින් තෝ භයානකවූ කිරි ගස ඇකයෙහි වඩන්නෙහිද, එහෙයින් තා ආමන්ත්‍රණය කොට යවූ කුමක් හෙයින්දයත්? මේ නුග ගසේ වැඩීම මට රුචිනොවේ.
815. “දැන් වනාහි මා භයගන්වයි හංසරාජයාගේ මහමෙර හා සමානවූ වචනය අසා නොදැන මට මහත්වූ භය පැමිණියේය.
816. “වැඩෙන්නාවූ යමෙක් තමාගේ මුල් පිහිට නසාද, ඔහුගේ වැඩීම නුවණැත්තන් විසින් පසස්නා ලද්දී නොවෙයි. ඔහුගේ විනාශය සැක කරන්නාවූ ප්‍රාඥතෙම මුලින් නැසීමට යත්න කරන්නේයයි” කීයේය.
10. පලාසජාතකං දසමං.
වණ්ණාරොහවග්ගො දුතියො.