807. “යම් කරුණකින් චක්රය මාගේ හිසෙහි පැහැර මස්තකයෙහි කැරකේද, එහෙයින් මම දෙවියන්ට කිනම් වරදක් කෙළෙම්ද, මා විසින් කවර නම් පාපයක් කරණ ලදද,
808. “පළිඟු ප්රාසාදයද රිදී ප්රාසාදයද මැණික්මය ප්රාසාදයද රත්රන් ප්රාසාදයද ඉක්මවා කවර නම් කාරණයකින් මෙහි ආයේද,
809. “මෙයට වඩා මෙහි සම්පත් ඉතා බොහෝ වන්නාහයි හැඟීම් මෙසේ මේ හැඟීමෙන් ව්යසනයට පැමිණියාවූ මා බලව.
810. “සතර දෙනෙකුගෙන් නොසතුටුව අට දෙනෙකු ළඟට ගියේය. අටදෙනෙකු කෙරෙනුදු නොසතුටුව සොළොස් දෙනෙකු ළඟට ගියේය. සොළොස් දෙනෙකුගෙන්ද නොසතුටුව දෙතිස් දෙනෙකු ළඟට ගියේය. වැඩි වැඩියත් පතන්නේ උර චක්රයට ලංවිය තෘෂ්ණාවෙන් නසනලද පුරුෂයාගේ මස්තකයෙහි උර චක්රය කැරකේ.
811. “මත්තෙහි විශාලවූ පුරවන්ට නොහැකිවූ ආසාවෙන් පැතිර පවත්නාවූ ඒ තෘෂ්ණාව යම් කෙනෙක් අනුව ගිජු වෙත්ද, ඔහු උර චක්රය දරන්නාහු වෙත්යයි” කීයේය.
9. මිත්තවින්දකජාතකං නවමං.
812. “හංසතෙම පළාසයාට කීය. “යහළුව, නුග ගසෙක් හටගණියි. තාගේ ඇකයෙහි හෙවත් වෙළෙප්හී හුන්නාවූම ඒ නුගගස තාගේ මරුතැන් සිඳින්නේයි.
813. “නුග ගස වැඩෙන්නේම වේවා මොහුට මම පියා හෝ මව හෝ මෙන් පිහිට වෙමි. මෙතෙම මෙසේ වන්නේය.
814. “යම් හෙයකින් තෝ භයානකවූ කිරි ගස ඇකයෙහි වඩන්නෙහිද, එහෙයින් තා ආමන්ත්රණය කොට යවූ කුමක් හෙයින්දයත්? මේ නුග ගසේ වැඩීම මට රුචිනොවේ.
815. “දැන් වනාහි මා භයගන්වයි හංසරාජයාගේ මහමෙර හා සමානවූ වචනය අසා නොදැන මට මහත්වූ භය පැමිණියේය.
816. “වැඩෙන්නාවූ යමෙක් තමාගේ මුල් පිහිට නසාද, ඔහුගේ වැඩීම නුවණැත්තන් විසින් පසස්නා ලද්දී නොවෙයි. ඔහුගේ විනාශය සැක කරන්නාවූ ප්රාඥතෙම මුලින් නැසීමට යත්න කරන්නේයයි” කීයේය.
10. පලාසජාතකං දසමං.
වණ්ණාරොහවග්ගො දුතියො.
3. අට්ඨ වර්ගය
817. “රාජය, මාගේ වසඟ බවට ආවාවූ මෙබඳුවූ තොපගේ යම්කිසි කාරණයෙක් තා මේ දුකින් මුදන්නේද, එසේවූ කාරණයක් ඇත්ද,
818. “දරුව, තාගේ වසඟ බවට ආවාවූ මෙබඳුවූ මාගේ යම්කිසි කාරණයෙක් මා මෙබඳු දුකින් මුදාද, එසේවූ කාරණයෙක් නැත්තේය.
819. “රාජය, සුචරිතයට වඩා අනිකක් මරණ කාලයෙහි රක්ෂා නොකරන්නේය. රජ, ශුභාෂිතයට වඩා මරණ කාලයෙහි අනිකක් රක්ෂා නොකරන්නේය මෙයින් අන්යවූ මුක්තා මාණික්යාදී ධනයද මෙසේ මැයි.
820. “මට ආක්රොශ කෙළේය. මට ගැසුවේය. මා දිනුවේය. මා අයත් දෙය හැරගත්තේ යයි මෙසේ යම් කෙනෙක් ඒ සිත බැඳගණිත්ද, ඔවුන්ගේ වෛරය නොසංසිඳේ.
821. “මට ආක්රොශ කෙළේය. මට ගැසුවේය. මා දිනුවේය. මාගේ අයිති දෙය හැර ගත්තේයයි යම් කෙනෙක් ඒ සිත බැඳ නොතබත්ද, ඔවුන්ගේ වෛරය සංසිඳේ.
822. “මෙහි වෛරයෙන් වෛරයෝ කිසිකලෙකත් නොම සංසිඳෙත් වෛර නොකිරීමෙන්ම සංසිඳෙති. මෙතෙම සත්පුරුෂයන්ගේ ප්රවේණි ධර්මය වේයයි” වදාළේය.
1. දීඝිතිකොසලජාතකං පඨමං.
823. “පරලොව ගියහු අනුව ශොක කෙරෙහි යන යමක් ඇද්ද, එය ගිහිගෙන් ඉවත්වූ අනගාරික වූ ශ්රමණවූම තොපට සුදුසු නොවේ.
824. “ශක්රය, ඒකාන්තයෙන් එක්ව විසීමෙන් මනුෂ්යයාගේද මෘගයාගේද හෘදයෙහි ප්රෙමය හටගණියි. එය ශොක නොකරන්නට නොපිළිවන.
825. “මළහුටද මැරෙන්නහුටද, යම් කෙනෙක් හඬත්ද, ඔව්හු හඬත්මය වැළපෙත්මය. ඍෂිය, නොහඬව, ඒ හැඬීම සත්පුරුෂයෝ හිස් යයි කීහ.
826. “බ්රහ්මය, ඒකාන්තයෙන් හැඬීමෙන් මළාවූ පරලොව ගිය තැනැත්තේ නැඟී සිටින්නේ නම් සියල්ලෝ එකතුව ඔවුනොවුන්ගේ මළ නෑයන්ට හඬමු.
827. “ගිතෙලින් ඉසිනලද ගින්නක් මෙන් ශෝකයෙන් ඇවිළුනාවුම මා ඒකාන්තයෙන් ජලයෙන් ඉසින්නාක් මෙන් සියලු පීඩාව නිවූයේය.
828. “ශෝකයෙන් පෙළුනාවූ මාගේ පුත්ර ශෝකය යමෙක් දුරු කෙළේය. හෙතෙම මාගේ හෘදය ඇසුරු කළාවූ යම් ශොක නමැති හුලක් වීද, එය ඒකාන්තයෙන් උදුරා දැමීය.