කොල, වඳුර, පෙර තෝ ක්රීඩා ස්වභාව ඇත්තාවූ අපගේ සමීපයෙහි පැන පැන ක්රීඩා කෙළෙහි. අපගේ ආශ්රමයෙහි වැඳිරි මුහුණු ආදී ක්රීඩාවන් කෙරෙහිය. වානරය, ක්රීඩා ස්වභාව ඇත්තාවූ තා කෙරෙහි අපි නොඇලෙමු.
ආයුෂ්මත්නී, මා විසින් බහුශ්රැතවූ හෙවත් බොහෝ උගත්වූ කෝමාය පුත්රයාගේ උතුම්වූ ධ්යාන විශුද්ධි තොමෝ අසන ලද්දීමය. එසේහෙයින් තෝ දැන් මා පෙර මෙන් නොසිතව. ධ්යානයෙන් යුක්තවම වාසය කරමු.
ඉදිනුදු ගලෙහි බිජුවට වපුරන්නාහුද, වර්ෂාවද මනාකොට වසින්නේද, ඒ බීජය වනාහි නොමහටගත්තේද, එපරිද්දෙන් ඔවුන්ගේ වනාහි උතුම් වූ විශුද්ධි තොමෝ අසන ලදී. වානරය, තෝ ධ්යාන භූමියට දුරවෙහියයි’ කීයේය.
9. කොමායපුත්ත ජාතකය.
අනුන් දිවි නැසීමෙන් ජීවත් වන්නාවූ එසේ හෙයින් මස් හා ලෙය භොජන කොට ඇති වෘක තෙමේ ව්රතය සමාදන් වයේය. උපොසථයට පැමිණියේය.
ශක්රතෙම ඔහුගේ ව්රතය දැන එළු රූපයෙන් සමීපයට පැමිණියේය. ඉක්බිති පහවූ තපස් ඇතිව පැමිණියේය. ලේ පානය කරන්නාවූ හෙතෙම තපස බිඳ ගත්තේ.
එපරිද්දෙන්ම මේ ලෝකයේ දුර්වලයෝ හෙවත් සමාදන්වූ ගුණය රැකීමෙහි ශක්තිය නැත්තාවූ සමහරු එළුවා කරණකොට වෘකයා මෙන් තමාම සැහැල්ලු කෙරෙත්යයි’ කීයේය.
10. වක ජාතකය.
පස්වන කුම්භ වර්ගයයි.
එහි උද්දානය:
වරකුම්භ, සුපත්ත, කායවිච්ඡන්ද, ජම්බුඛාදක, අන්ත, සමුද්ද, කාමවිලාප, උදුම්බර, කෝමායපුත්ත සහ වක යන මේ ජාතක දසයයි.
තික නිපාතය නිමි.
වර්ග උද්දානය:
සඞ්කප්ප, පදුම, උදපාන, අබ්භන්තර සහ කුම්භ වර්ගය යැයි තික නිපාතයෙහි වර්ග පසෙකි.