අනුන් දිවි නැසීමෙන් ජීවත් වන්නාවූ එසේ හෙයින් මස් හා ලෙය භොජන කොට ඇති වෘක තෙමේ ව්‍රතය සමාදන් වයේය. උපොසථයට පැමිණියේය.
ශක්‍රතෙම ඔහුගේ ව්‍රතය දැන එළු රූපයෙන් සමීපයට පැමිණියේය. ඉක්බිති පහවූ තපස් ඇතිව පැමිණියේය. ලේ පානය කරන්නාවූ හෙතෙම තපස බිඳ ගත්තේ.
එපරිද්දෙන්ම මේ ලෝකයේ දුර්වලයෝ හෙවත් සමාදන්වූ ගුණය රැකීමෙහි ශක්තිය නැත්තාවූ සමහරු එළුවා කරණකොට වෘකයා මෙන් තමාම සැහැල්ලු කෙරෙත්යයි’ කීයේය.
10. වක ජාතකය.
පස්වන කුම්භ වර්ගයයි.
එහි උද්දානය:
වරකුම්භ, සුපත්ත, කායවිච්ඡන්ද, ජම්බුඛාදක, අන්ත, සමුද්ද, කාමවිලාප, උදුම්බර, කෝමායපුත්ත සහ වක යන මේ ජාතක දසයයි.
තික නිපාතය නිමි.
වර්ග උද්දානය:
සඞ්කප්ප, පදුම, උදපාන, අබ්භන්තර සහ කුම්භ වර්ගය යැයි තික නිපාතයෙහි වර්ග පසෙකි.
4. චතුක්ක නිපාතය
1. කාලිංග වර්ගය
508. “මොවුන්ට වාසල් දොර හරිව්. අරුණ නම් රජුගේ පුරුෂ සිංහවූ ගුරුවරයා විසින් මනාකොට උගන්වන ලද නන්දිසේන නම් මා විසින් මනාකොට රක්නා ලද මේ නුවරට ඇතුළු වෙත්වා.
509. “නොඉවසිය හැක්ක, ඉවසන්ට පුළුවන්වූ කළිඟුරට වැස්සන්ට ජයවේ, අශ්වක දෙසවාසීන්ට පරාජයයි ව්‍යසන යයි තා විසින් මෙසේ කියන ලදී. තපස්විය. ඍජුවූවාහු බොරු නොකියත්.”
510. “ශක්‍රය, දෙවතාවෝ බොරුකීම ඉක්මවූවාය. ඒ දෙවියන් කෙරෙහි සත්‍යය උතුම් ධනයවේ. දිව්‍ය රාජවූ මඝවන්තු නම්වූ මහේන්ද්රය, ඔබ විසින් කුමක් පිණිස හෝ ඒ බොරුව කියන ලදද?”
511. “බමුණ, ඒ ඒ තන්හි කියනු ලබන කල්හි තා විසින් අසන ලද්දේ නොවේද? දෙවියෝ පුරුෂ පරාක්රමයට ඊර්ෂ්‍යා නොකෙරෙද්ද, ආත්ම දමනයද, චිත්තයාගේ සමාධියද, නොවෙනස් බවද, තවන්නට සුදුසුකාලයෙහි නොපසු බස්නා බවද, දෘඪවූ වීර්යයද, පුරුෂ පරාක්‍රමයද, ඒ අශ්වක නම් රජුගේ යෝධයන්ට වූහ. එසේ හෙයින් ඔවුන්ට ජය අත්වූයේයයි” කීයේය.
චූළකාලිඞ්ගජාතකං පඨමං.
512. “නොදිය යුත්තන් කෙරෙහි දානය දෙන්නේද දියයුත්තන් කෙරෙහි නොදෙන්නේද, එබඳු පුරුෂයා ආපදාවන්හි ව්‍යසනයට පැමිණියේ යහළුවෙකු නොලබයි.
513. “නොදියයුත්තන් කෙරෙහි දානය නොදෙන්නේද, යමෙක් දීමට සුදුස්සන් කෙරෙහි දේද, හෙතෙම විපත්වලදී ව්‍යසනයට පැමිණියේ ව්‍යසනයෙන් ගලවන්නට සුදුසු යහළුවෙකු ලබන්නේය.