1 එම්බා සේනකය, ප්රඥාවෙන් යුක්තවූ සම්පත්තියෙන් තොරවූවහුද, යශස් ඇත්තාවූ ප්රඥාව නැත්තහුද, මොවුන් දෙදෙනාගෙන් කවරෙකු උතුම්යයි පණ්ඩිතයෝ කියද්ද, මේ කාරණය ඔබ විචාරමියි” රජතෙම කීයේය.
2 “මහරජ, ඒකාන්තයෙන් ප්රාඥයෝද, අඥානයෝද, ශිල්ප දන්නාහුද, ශිල්ප නොදන්නාහුද මනා ජාති ඇත්තාහුද යන සියල්ලෝ මනා ජාති නැත්තාවූ සම්පත් ඇත්තහුගේ මෙහෙකරුවෝ වෙත්. මේ කරුණද දැක ප්රඥා ඇත්තේ නිහීනය සම්පත් ඇත්තේම උතුම්යයි මම කියමියි” සේනක තෙම කීයේය.
3 “අලාමක ප්රඥා ඇති සියලු ධර්මයන් දක්නාසුළු මහෞෂධය ඔබද විචාරමි. අඥානවූ සම්පත් ඇත්තහුද, පණ්ඩිතවූ සම්පත් නැත්තහුද යන මේ දෙදෙනා අතුරෙන් කවරෙක් උතුම්යයි පණ්ඩිතයෝ කියද්දැයි” රජතෙම ඇසීය.
4 “මහරජ, මේ ලෝකයෙහි මේ එෛශ්චර්ය්යම ශ්රේෂ්ඨ යයි හඟිමින් අඥානතෙම පව්කම් කරයි. මෙලොව දක්නාසුළු පරලොව නොදක්නාවූ අඥානතෙම දෙලොවෙහිම පරාජය ගණියි. මේ කාරණයද දැක ප්රඥාව ඇත්තාම උතුම් වේ. යශස් ඇත්තාවූ අඥානයා උතුම් නොවේයයි මම කියමියි” මහෞෂධ තෙම කීයේය.
5 “මහරජ, මේ ශිල්පය සම්පත් නොදරයි. නෑයන් ඇත්තෙක්ද, නොකරයි. ශරීරාවකාශයක්ද නොවේ. කෙළ වැගිරෙන්නාවූ මුඛ ඇති සැප විඳින්නාවූ මේ ගෝරිමන්ද සිටුහු බැළුව මැනව. ශ්රී තොමෝ වනාහි ඔහු භජනය කෙරේ. මේ කරුණද දැක ප්රඥා ඇත්තේ නිහීනය. සම්පත් ඇත්තේම උතුම්යයි මම කියමි.” සේනකතෙම කීයේය.
6 “මහරජ, මද ප්රඥා ඇත්තේ සැපය ලැබ මත්වේ. දුකින් ස්පර්ශ කරණලද්දේද මුළාවීමට පැමිණේ. ආගන්තුගවූ සුවදුක් දෙකින් ස්පර්ශ කරණලද්දේ අව්වෙහි තබනලද මත්ස්යයෙකු මෙන් සැලෙයි. මේ කරුණද දැක ප්රඥාව ඇත්තේම උතුම්වේ. සම්පත් ඇති අඥානය උතුම් නොවේ යයි මම කියමියි” මහෞෂධතෙම කීයේය.
7 “මහරජ, යම්සේ වනයෙහි මිරිරි පල ඇති රුක පක්ෂීහු හාත්පසින් හැසිරෙද්ද, මෙසේම ආඪ්යවූ ධන සහිතවූ සම්පත් ඇත්තාවූ පුද්ගලයා බොහෝදෙනා සම්පත් හේතුවෙන් භජනය කෙරෙයි. මේ කාරණය දැක ප්රඥා ඇත්තා උතුම් නොවේ සම්පත් ඇත්තේම උතුම්වේ යයි මම කියමියි” සේනකතෙම කීයේය.
8 “මහරජ, බලවත්වූ අඥානතෙම යහපත් නොවේ. හෙතෙම සාහසික වශයෙන් ධනය ලබයි. පසුව නිරය පාලයෝ අඥානවූ ඔහු අඬද්දීම දරුණු දුක් ඇති නිරයට ඇද ගනිත්. මේ කාරණයද දැක ප්රඥා ඇත්තාම උතුම්ය. යශස් ඇති බාලතෙමේ උතුම් නොවේයයි මම කියමියි” මහෞෂධ තෙම කීයේය.
9 “යම්කිසි ඇල දොලවල් ගඟ කරා ගලා බසිද්දී ඒ සියල්ලෝම තමතමන්ගේ නාමගොත්ර හැර දමත්. මුහුදට ගලාබසින්නාවූ ගංගාවද නමින් ප්රකට නොවේද, එපරිද්දෙන්ම ලෝවැසිතෙම ඉසුරුමත් තැනැත්තා ප්රධානකොට ඇත්තේය. මේ කරුණද දැක මම ප්රඥාවන්තයා නිහීනය සම්පත් ඇත්තේම උතුම්යයි කියමියි” සේනකතෙම කීයේය.
10 “යම් මේ මහා සාගරයක් ඔබ කීයෙහිද, අපමණවූ බොහෝ කලක් එයට ඇල-දොලවල් ගලා බසිත්. ඒ සාගරය තෙම නිතර මහත්වූ රලවේග ඇත්තේය. එසේ නමුත් මහා සමුද්රයතෙම වෙරල නොයික්මවාද,
11 “මෙපරිද්දෙන්ම අඥානයාගේ කථාවෝ නුවණ ඇත්තහු නොඉක්මවත්. ශ්රී තොමෝද කිසිකලෙකත් ප්රඥාවන්තයා නොඉක්මවයි. මේ කාරණයද දැක ප්රඥාවන්තයාම උතුම්වේ. යශස් ඇති අඥානතෙම උතුම් නොවේය කියමියි” මහෞෂධතෙම කීයේය.
12 “කායාදී සංයම නැත්තාවූද, යශපිරිවර ඇත්තේ ඉදින් විනිශ්චය ස්ථානයෙහි සිට අනුන්ට කරුණක් කියාද, ඔහුගේම ඒ කීම නෑ සමූහයා මැද නගියි. ශ්රී තොමෝ වනාහි එය කරවයි ප්රඥාව එසේ නොකරයි. මේ කරුණ දැක මම ප්රඥා ඇත්තේ හීනවේ. සම්පත් ඇත්තේම උසස්වේය කියමියි” සේනකතෙම කීයේය.