1 “මේ ලෝකයෙහි යම් කෙනෙකුන්ගේ කිසිකලෙකත් සත් පියවරක් පමණවත් ගියාවූ මිත්රකමක් නුවූවිරූද සතුරුවූ දෙදෙනෙක් යහළු වූවාහු මිත්රකමින් එකකුව හැසිරෙත්. ඊට හේතු කවරේදැයි” රජ තෙම පඬිවරුන්ගෙන් ඇසීය.
2 “ඉදින් අද පෙරබත් කාලයෙහි තෙපි මට මේ ප්රශ්නය විසඳාකියන්ට නොහැකිවන්නාහු නම්, තෙපි සියල්ල රටින් පිටුවහල් කරන්නෙමි. දුෂ්ප්රාඥ ස්වභාව ඇත්තවුන්ගෙන් මට වැඩෙක් නැත්තේමයයිද” රජතෙම කීයේය.
3 “මහරජ, මහජන රැස්වීම් ඇති තන්හි දැඩිවූ ජනයා ගේ කෝලාහල ඇතිවූ කල්හි විසිර ගියාවූ සිත් ඇති නොයෙක් දේ ගැන සිතන්නාවූ අපි මේ ප්රශ්නය විසඳා කියන්ට නොහැකිවෙමු.
4 “මහරජ, මේ පණ්ඩිතයෝ තනි තනිව රහසිගතව එකඟ සිත් ඇත්තෝ කාරණය නිරවශෙෂ වශයෙන් සිතා ඉතා විවේක තැනක හිඳ කල්පනාකොට ඉක්බිති මේ කාරණය කියත්යයි” සේනක පණ්ඩිත තෙම කීයේය.
5 “උසස් ඇමති පුත්රයන්ටද, රාජ පුත්රයන්ටද එළුමස ප්රිය මනාප වේ. ඔව්හු ශුනකයාගේ මස අනුභව නොකරත්. එසේ ඇතිකල්හි එළුවාගේ බල්ලා හා යහළුකම වන්නේයයි” සේනකතෙම කීයේය.
6 “මහරජ, අසුපිට ඇතිරීම් සුවය හේතුකොට ගෙණ එළුවාගේ සම ගසාගනිත්. ඔව්හු ශුනඛයාගේ හම නො අතුරත්. එසේ ඇතිකල්හි එළුවාගේ ශුනකයා හා යහළුකම වන්නේයයි” පුක්කුසතෙම කීයේය.
7 “එළුවා වනාහි ඇඹරීගිය අං ඇත්තෙක් වේ. ශුනකයාගේ අං නැත. එළුවා තණ කන්නේද බල්ලා මස් බුදින්නෙක්දවේ. එසේ ඇතිකල්හි එළුවාගේ බල්ලා හා මිත්රකම වන්නේයි” කාවින්දතෙම කීයේය.
8 “එළුවා තණ කන්නෙක්ද කොළ කන්නෙක්දවේ. බල්ලා තණ කන්නෙක් නොවේ. කොළ ද නොකයි. බල්ලා සාවාද බළලාද කෑමට අල්ලාගන්නේය. එසේ ඇතිකල්හි එළුවාගේ බල්ලා හා මිත්රකම් වන්නේයයි” දේවින්දතෙම කීයේය.
9 “අර්ධවූ අෂ්ටපාදයක් හෙවත් සතර පයක් ඇති නිය අටක් හෙවත් කුර අටක් ඇති මේ එළුවා නොපෙනී සතර පාදයක් ඇති මේ ශුනකයාට මස් ගෙණඑයි. මේ ශුනක තෙම එකී එළුවාට තණකොළ ගෙණ එයි.
10 “ප්රාසාද මතුමහලට ගියාවූ විදෙශාධිපතිවූ රජතෙම වනාහි බළලාගේද, එළුවාගේද ඔවුනොවුන්ගේ ආහාරය පිළිබඳවූ ඒ මේ ගණුදෙනුව ප්රත්යක්ෂකොට දැක්කේයයි” මහෞෂධ පණ්ඩිතතෙම කීයේය.