1 “සේනක පණ්ඩිතතෙම කියනලද්දේ සැබෑවක්මය. මහත් ප්රඥා ඇත්තාවූ යම්බඳුවූ ඔබද මද ව්යඤ්ජන ඇති බත අනුභව කරන්නෙහිද, ශ්රී තොමෝ යම්බඳුයයි කීද ඕතොමෝ එබඳුමය. ඔබගේ ධෛර්ය්යයද, ප්රඥාවද අභාවයාගේ වසඟයට ගියාවූ ඔබ නොරකීයයි” ඇමතිතෙම කීයේය.
2 “සැපය දුකින් මුහුකුරුවන්නාවූ කල් නොකල් සොයමින් කැමැත්ත සැඟවූ පුරුෂතෙම අභිවෘද්ධිහුගේ දොරටු අරින්නේ වෙයි. එහෙයින් මම යවසාලේ බතින් සතුටුවන්නෙමි.
3 “වීර්ය්යකිරීමට සුදුසු කාලයද දැන නුවණින් මාගේ අර්ථය මුහුකුරුවා සිංහවිජෘම්භනයෙන් විජෘම්භනය කරන්නෙමි. ඒ සමෘද්ධියෙන් යුක්තවූ මා නැවතද දක්නෙහි යයි” මහෞෂධතෙම කීයේය.
4 “පණ්ඩිතය, ඇතැම්හු වනාහි සැප ඇත්තාවූ පව් නොකරත්. නැවත සමහරු අපකීර්තිය ලැබීමට භයින් පව් නොකරත්. නුඹ වනාහි සමර්ථවූයේම මහත් අර්ථ සිතන්නේද කවර කාරණයකින් මට දුකක් නොකෙරෙහිදැයි” රජතෙම ඇසීය.
5 “පණ්ඩිතයෝ තමන්ගේ සැපය හේතුකොටගෙණ පාපකර්ම නොකරත්. දුකින් ස්පර්ශ කරණ ලද්දාහු සම්පත්තියෙන් ගිලිහුනාහුද සත්පුරුෂයෝ ඡන්දයෙන්ද ද්වේෂයෙන්ද සුචරිත ධර්මය අත්නොහරිත්යයි” මහෞෂධතෙම කීයේය.
6 “ක්ෂත්රියතෙම මෘදුවූ හෝ දරුණුවූ හෝ යම්කිසි ආකාරයකින් බැගෑපත්වූ තමන් සම්පත්තියෙහි නගාසිටුවන්නේය පසුව සුචරිත ධර්මයෙහි හැසිරෙන්නේයයි” රජ තෙම කීයේය.
7 “යමෙක් යම් ගසක්හුගේ සෙවෙනෙහි හිඳින්නේද, ශයනය හෝ කරන්නේද, හෙතෙම ඒ ගසේ අත්ත නො බිඳින්නේය. කුමක් හෙයින්දයත්, මිත්රද්රෝහිතෙම ලාමකවේ යයි” පණ්ඩිතතෙම කීයේය.
8 “මහරජ, යමෙකුගේ සමීපයෙන් පුරුෂතෙම ස්වල්පවූද, ධර්මයක් දැනගන්නේද, යම් සත්පුරුෂ කෙනෙකුත් ඔහුගේ සැකය දුරුකරද්ද, ඔහු වනාහි ඒ පුද්ගලයාට පිහිටා සිටින හෙයින් දීපයද පරම ප්රතිෂ්ඨාවදවේ. ඔහු හා ප්රඥා ඇත්තේ මිත්රභාවය නම් නොනසන්නේයයි” පණ්ඩිතතෙම කීයේය.
9 “කම්සැප අනුභව කරන්නාවූ අලසවූ ගෘහස්ථයා යහපත් නොවේ. සංයම නැත්තාවූ ප්රව්රජිතතෙම යහපත් නොවේ. නොවිමසා කටයුතු කරන්නාවූ රජතෙමේ යහපත් නොවේ. යම් පණ්ඩිතයෙක් කිපෙන සුළුද ඒ යහපත් නොවේ.
10 “ක්ෂත්රියතෙම විමසා බලා කටයුතු කරන්නේය, මහරජ නොවිමසා කටයුතු කිරීම සුදුසු නොවේ. මහරජ, විමසා කටයුතු කරන්නහුගේ යශසද කීර්තියද වැඬේයයි” පණ්ඩිතතෙම කීයේය.
භූරි ප්රශ්නය.
1 “යමෙක් අත්වලින් පාවලින් ගසාද මුහුණටත් අනීද, මහරජ, හෙතෙම ඒකාන්තයෙන් ප්රියයෙක් වේද, ඒකාරණයෙන් ඔබ කවරෙකු දක්නෙහිදැයි” දේවතා දූ ඇසීය.
2 “යමෙකුට කැමති පරිද්දෙන් බනීද, මොහුගේ ඊමත් නොකැමැති වේද, මහරජ, ඒකාන්තයෙන් හෙතෙම ප්රිය වූයෙක්වේ. ඒ කාරණයෙන් ඔබ කවරෙකු දක්නෙහි දැයී” දෙවෙනි ප්රශ්නය ඇසීය.
3 “යමෙක් අභූතයෙන් ගටා බෙනේද, බොරුවකින් චොදනා කෙරේද, මහරජ එකල්හි හෙතෙම ප්රියයෙක්වේ. ඒ කාරණයෙක් කවරෙකු ඔබ දක්නෙහිදැයි” තුන්වෙනි ප්රශ්නය ඇසීය.
4 “යමෙක් ආහාරද පාන වර්ගද වස්ත්ර ශයනාශනයන්ද හැරගෙණ යන්නේවේද, මහරජ, ඒකාන්තයෙන් හැරගෙණ යන්නාවූම ඔව්හු ප්රිය වෙත්. ඒ කාරණයෙන් ඔබ කවරෙකු දක්නෙහි දැයි” සතරවෙනි ප්රශ්නය ඇසීය.
දේවතාපුච්ඡිත ප්රශ්නය.
1 “මෙහි රැස්වූ පස් පඬිවරුනි, මට ප්රශ්නයක් වැටහේ. එය අසව්, නින්දා කටයුතු කරුණක් හෝ පැසසියයුතු කරුණක් හෝ රහස් කරුණ කවරෙකුට කියයුතු වන්නේදැයි” රජතෙම ඇසීය.