1 “යමෙක් අත්වලින් පාවලින් ගසාද මුහුණටත් අනීද, මහරජ, හෙතෙම ඒකාන්තයෙන් ප්‍රියයෙක් වේද, ඒකාරණයෙන් ඔබ කවරෙකු දක්නෙහිදැයි” දේවතා දූ ඇසීය.
2 “යමෙකුට කැමති පරිද්දෙන් බනීද, මොහුගේ ඊමත් නොකැමැති වේද, මහරජ, ඒකාන්තයෙන් හෙතෙම ප්‍රිය වූයෙක්වේ. ඒ කාරණයෙන් ඔබ කවරෙකු දක්නෙහි දැයී” දෙවෙනි ප්‍රශ්නය ඇසීය.
3 “යමෙක් අභූතයෙන් ගටා බෙනේද, බොරුවකින් චොදනා කෙරේද, මහරජ එකල්හි හෙතෙම ප්‍රියයෙක්වේ. ඒ කාරණයෙක් කවරෙකු ඔබ දක්නෙහිදැයි” තුන්වෙනි ප්‍රශ්නය ඇසීය.
4 “යමෙක් ආහාරද පාන වර්ගද වස්ත්‍ර ශයනාශනයන්ද හැරගෙණ යන්නේවේද, මහරජ, ඒකාන්තයෙන් හැරගෙණ යන්නාවූම ඔව්හු ප්‍රිය වෙත්. ඒ කාරණයෙන් ඔබ කවරෙකු දක්නෙහි දැයි” සතරවෙනි ප්‍රශ්නය ඇසීය.
දේවතාපුච්ඡිත ප්‍රශ්නය.
1 “මෙහි රැස්වූ පස් පඬිවරුනි, මට ප්‍රශ්නයක් වැටහේ. එය අසව්, නින්දා කටයුතු කරුණක් හෝ පැසසියයුතු කරුණක් හෝ රහස් කරුණ කවරෙකුට කියයුතු වන්නේදැයි” රජතෙම ඇසීය.
2 “මහරජ, නුඹ වහන්සේ අපට ප්‍රකාශ කරව, නුඹ වහන්සේ අපගේ ස්වාමියාද බර උසුලන්නාද වේ. එබැවින් පළමුකොට නුඹ වහන්සේම මෙය කියනු මැනව, මහරජ, නුඹ වහන්සේගේ කැමත්තද රුචිවන කරුණුද කල්පනා කොට පණ්ඩිතයෝ පස්දෙන පසුව කියත්යයි” සේනකතෙම කීයේය.
3 “යම් භාර්‍ය්‍යාවක් ආචාර සම්පන්නද අනුන් වසඟයෙහි නොපවත්නීද ස්වාමිහුගේ සිතේ කැමැත්ත පරිදි වසන්නීද, මනවඩන්නීද, එබඳු භාර්‍ය්‍යාවට නින්දා කටයුතු කරුණ හෝ පැසසිය යුත්ත හෝ රහස් කරුණ කියයුතු වන්නේයයි” රජතෙම කීයේය.
4 “යමෙක් දුකට පැමිණියාවූ ආතුරයාට උතුම් ප්‍රතිෂ්ඨාධාර වේද, එබඳු උපකාර ඇති යහළුවාටම නින්දා කටයුතු කරුණක් හෝ පැසසිය යුතු කරුණ හෝ රහස් කරුණ ප්‍රකට කරන්නේයයි” සේනකතෙම කීයේය.
5 “වැඩිමහළුවූද තවද මධ්‍යමවූද බාලවූද යම් සහෝදරයෙක්වේද, ඉදින් හෙතෙම ආචාර සීලයෙන් යුක්තවූ පිහිටීම ස්වභාව කොට ඇත්තෙක් වන්නේ නම් එබඳු සහෝදරයාටම නින්දා කටයුතුවූ හෝ පැසසිය යුතුවූ හෝ රහස් කරුණ කියයුතු වන්නේයයි” පුක්කුසතෙම කීයේය.
6 “යමෙක් ඒකාන්තයෙන් පියාගේ සිතට වසඟව පවතීද, පියාට අනුජාතක පුත්‍රවේද, ලාමක නොවූ ප්‍රඥා ඇත්තේද එබඳු පුත්‍රයාට නින්දා කටයුතුවූ හෝ ප්‍රශංසා කටයුතුවූ හෝ රහස් කරුණ කියයුතු වන්නේයයි” කාවින්ද තෙම කීයේය.
7 “දෙපා ඇත්තවුන්ට උතුම්වූ මහරජ්ජුරුවෙනි, යම් මවක් කැමැත්තෙන්ද ප්‍රේමයෙන්ද ඒ පුත්‍රයෙකු පොෂණය කෙරේද, එබඳු මවට නින්දා කටයුතුවූ හෝ ප්‍රශංසා කටයුතුවූහෝ රහස් කරුණ කියයුතු වන්නේයයි” දෙවින්දතෙම කීයේය.
8 “මහරජ, සැඟවියයුතු කරුණ වනාහි සැඟවීමට යහපත් වේ. සැඟවිය යුතු කරුණ වනාහි ප්‍රකාශ කිරීම නොපසස්නා ලදී. ප්‍රාඥතෙම අදහස මුදුන් පැමිණෙනතාක් ඉවසන්නේය. මුදුන් පැමිණි අර්ථ ඇත්තේ සුවසේ කියන්නේයයි” මහෞෂධ පණ්ඩිතතෙම කීයේය.
9 “රාජොත්තමය, නුඹවහන්සේ කුමට වෙනස්වූ සිත් ඇත්තෙහිද, දෙපා ඇත්තවුන්ට උත්තමය ඔබගේ යම් වචනයක් නොඅසමි. කුමක් සිතමින් නොසතුටු සිත් ඇත්තේ වෙහිද, දෙවයන් වහන්ස මාගේ කිසියම් වරදක් ඇත්තේදැයි” උදුම්බරා දේවි ඇසුවාය.