1549. හෙතෙම එහි ගොස් සිතන්නේ උස්පහත්වූ බොහෝ සිතිවිලි උපන්නාහු වෙත්. ‘මොහුගේ ජීවත්වීමෙන් කිසිදු වැඩක් නැත්තේය. මෙහිදීම මොහු මරා හදවත ගෙණ යන්නෙමියි” පූර්ණකයා සිතුයේය.
1550. “ඒ කාතියානතෙම එහි ගොස් පර්වත අතර ඇතුළට ඇතුල්ව ප්‍රදූෂ්‍යවූ සිත් ඇත්තේ අසංවරවූ භූමිප්රදෙශයෙහි විධුර පඬිහු හිස යටිකුරුකොට අල්වා ගත්තේය.
1551. “මහත් භය ඇත්තාවූ ලොමුඩැහැගන්නාවූ යා නොහැකිවූ නරකය වැනි ප්‍රපාතයෙහි එල්බෙන්නාවූ කුරු රට වැස්සන්ගේ උතුම්වූ ඒ ඇමතිතෙම නිර්භයව පූර්ණක නම් යක්ෂයාට මෙසේ කීයේය.
1552. “මානවකය, නුඹ රූපයෙන් දෙවියෙකු බඳුවෙහිය. එහෙත් අනාර්‍ය්‍ය ස්වභාව ඇත්තෙහිය. සංයමයක් නැත්තේ සංයම ඇත්තෙකු බඳුවෙහිය. රෞද්‍රවූ ඉතා අහිතකම් කරන්නෙහිය. තොපගේ සිතෙහිද ස්වල්ප තරම්වත් කුසලයක් නැත්තේය.
1553. “යම්හෙයකින් මා ප්‍රපාතයෙහි හෙලා මරන්ට කැමැත්තෙහිද, එහෙයින් මාගේ මරණයෙන් තොපට කවර ප්‍රයෝජනයක්ද, අද තොපගේ මේ කාරණය අමනුෂ්‍යයෙකුගේ වැනි වේ. ඔබ කවර දේවතාවෙක් වෙහිදැයි” මට කියවයි කීයේය.
1554. “ඉදින් ඔබ විසින් පූර්ණක නම් යක්ෂයෙක් අසන ලද්දේද, හෙතෙම වනාහි කුවේර නම් රජුගේ ඇමතියෙක් වේ. මහත්වූ පවිත්‍රවූ වර්ණයෙන් හා බලයෙන් යුක්තවූ භූමිය දරන්නාවූ වරුණ නම් නාගරාජයෙක් වේ.
1555. “මම ඒ නාරජහුගේ අනුජාත දුව කැමති වෙමි. ඕතොමෝ ඉරන්දතී නම් නාගකන්‍යාව වේ. පණ්ඩිතය, ශොභන මධ්‍ය ප්‍රදෙශ ඇති ඒ ප්‍රියාව හේතුකොටගෙණ ඔබට වධ පිණිස සිත පහළ කෙරෙමියි” පූර්ණකතෙම කීයේය.
1556. “එම්බා යක්ෂය, නුඹ මෙසේ මුළාවූවෙක් නොවෙව. බොහෝවූ ලෝවැස්සෝ වරදවා ගැණීමෙන් නැසුනාහුය. ශොභන මධ්‍ය ප්‍රදෙශ ඇත්තාවූ තාගේ ප්‍රියාවට මා මැරීමෙන් කවර කටයුත්තක් වේද, එබැවින් ඒ සියල්ල අසමුයි” විධුර තෙම කීයේය.
1557. “මහත් ආනුභාව ඇත්තාවූ මහත්වූ නාරජහුගේ දුව කැමැත්තේ මම නෑයන්ට බැලමෙහෙ කරන්නෙක්වෙමි. යම්හෙයකින් මා පහසුවෙන් කාමයෙන් පොළඹවනු හැකියයි දැනගත්තාහුද, එහෙයින් මයිල්තෙම ඇය ඉල්වන්නාවූ මට මෙසේ කීය.
1558. “ඉදින් ඔබ පණ්ඩිතයාගේ හදවත දැහැමින් ලැබ මෙහි ගෙනෙන්නෙහි නම්, යහපත් ශරීර ඇති මනා නෙත් යුවලක් ඇති ඉතා විස්මයට කරුණුවූ සඳුන් ගල්වන ලද ශරීර ඇති ඉරන්දතී නම් දුව තට දෙන්නෙමු. මේ සතුටු පඬුරෙන් කුමරිය ලැබිය හැක. මෙයින් අන්‍යවූ ධනයක් මත්තෙහි නොකැමැත්තෙමුයි” කීහ.
1559. “එම්බා පණ්ඩිතය, මෙසේ මම මුළාවූයේ නොවෙමි. ඇසුව මැනව. මා විසින් නපුරුකොට ගන්නා ලද කිසිවකුත් නැත්තේය. දැහැමින් ලබන ලද තොපගේ හෘදයවස්තුවෙන් නාගයෝ මට ඉරන්දතී නම් නාග කන්‍යාව දෙති