5. මහා සුතසෝම ජාතකය
“එම්බා අරක්කැමිය, තෝ කුමක් හෙයින් මෙබඳුවූ ඉතා දරුණු කම් කරන්නෙහිද? මුළාව ස්ත්රීන්ද පුරුෂයන්ද නසන්නෙහිය. මෙය මස හේතුකොටගෙණද නොහොත් ධනය හේතුකොට කොටගෙණදැයි” සේනාපතිතෙම ඇසීය.
“ස්වාමීනි, මෙය තමන් හේතුකොටගෙණ නොවේ. ධනය හේතුකොටගෙණද නොවේ. අඹුදරුවන්ද යහළුවන් නෑයන් හේතුකොටගෙණද නොවේ. මාගේද ස්වාමිවූ ඒ පින්වත් රජතෙම මෙබඳුවූ මස අනුභව කෙරේයයි” අරක්කැමිතෙම කීයේය.
“ඉදින් ස්වාමිහුගේ වැඩෙහි යෙදුනාවූ තෝ මේ ඉතා දරුණුකම් කරන්නෙහි නම් හෙට උදෑසනම අන්තඃපුරයට පැමිණ රජු ඉදිරියෙහි එය මට කියවයි” සේනාපතිතෙම කීයේය.
“ස්වාමිනි කාලහත්ථි නම් සේනාපති තුමනි, ඔබ වහන්සේ යමක් කියන්නෙහි නම් මම එසේම කරන්නෙමි. උදෑසනම අන්තඃපුරයට පැමිණ රජු ඉදිරියෙහි එය ඔබට කියන්නෙමියි” අරක්කැමිතෙම කීයේය.
ඉක්බිති රාත්රිය ඇවෑමෙහි සූය්යෙ_ාද්ගමන වේලෙහි කාල සේනාපතිතෙම අරක්කැමියා හැරගෙණ රජහුවෙත පැමිණියේය. රජහුවෙත පැමිණ මේ වචනය කීයේය.
“මහරජ, ඔබ විසින් අරක්කැමිතෙම ස්ත්රි පුරුෂයන් නසවයි මෙහෙයවන ලද්දේ ඔබ මිනිමස් කන්නෙහි යනු සැබෑදෑයි” ඇසීය.
“කාලහත්ථි සේනාපතිය, මේ කාරණය එසේය, මා විසින් අරක්කැමිතෙම එසේ මෙහෙයවනලදී. මාගේ වැඩය කරන්නාවූ ඔහුට කුමක් හෙයින් නින්දා කරන්නෙහිදැයි” රජතෙම ඇසීය.
“සියලු මත්ස්යයන්ට ජ්යෙෂ්ඨවූ මස් කෑමෙහි ගිජුවූ ආනන්ද නම් මත්ස්යතෙම තමන්ගේ පිරිස අනුභවකොට පිරිස පිරිහුනු කල්හි පසුව තමාද අනුභවකොට මළේය.
“මෙසේ ප්රමාදවූ රසයෙහි ගිජුබැව්හි ඇළුනාවූ අඥානතෙම ඉදින් මත්තෙහි උපදින දුක නොදනීද, හෙතෙම දරුවන් විනාශකොට නෑයන්ද හැරදමා පෙරලා තමන්ම අනුභව කෙරේ.
“මහරජ, මේ කරුණ අසා ඔබගේ ඒ කැමැත්ත දුරුකෙරේවා. මිනීමස් අනුභව නොකරව, මහරජ, නුඹ ආනන්ද මත්ස්යයා මෙන් මේ මුළු රට හිස්නොකරවයි” සේනාපතිතෙම කීයේය.
“එම්බා කාල හත්ථිය, පෙර නමින් සුජාත නම් කෙළෙඹියෙක් විය. ඔහුගේ ඖරශ පුත්රයෙක් විය. හෙතෙම දඹපල නොලැබ ඒ දඹපල නොලැබීමෙන් මළේය.
“කාලය, මෙපරිද්දෙන්ම මම කෑයුතුවූ උතුම් රශය අනුභවකොට මිනීමස් නොලබා ජීවිතය හරින්නෙමියි සිතම්යයි” රජ කීයේය.
“මානවකය, නුඹ විශිෂ්ට රූ ඇත්තෙහිය. සොත්ථිය නම් උතුම් කුලයෙහි උපන්නේය. පුත්රය, නුඹ අනුභව නොකටයුත්තක් අනුභව කරන්ට නුසුදුස්සෙහියයි” පියා කීයේය.
“පියාණෙනි නුඹ මා යමකින් වලක්නෙහිද මේ සුරාව නම් රශ අතුරෙන් එක්තරා උතුම් රශයෙක, යම් තැනෙක්හි මෙබඳු රශයක් ලබන්නෙම්ද ඒ මම එතැන්හි යන්නෙමි.
“බ්රාහ්මණය, යම් බඳුවූ මාගේ දැකීමෙන් නුඹ සතුටු නොවන්නෙහිද, ඒ මමම නික්ම යන්නෙමි. ඔබගේ සමීපයෙහි නොවසන්නෙමියි” මානවකයා කීයේය.
“මානවකය, අන්යවූද දායාද පුත්රයන් ලබන්නෙමු. ජඩය තෝද විනාශයට පැමිණෙව යම් තැනකට පැමිණියාවූ තා නොඅසන්නෙම්ද, එබඳු තැනකට යවයි” පියා කීයේය.
“දෙපා ඇත්තවුන්ට අධිපතිවූ මහරජ මෙපරිද්දෙන්ම ඔබ මාගේ වචනය අසව, සුරාවෙහි ලොල්වූ මානවකයා මෙන් ඔබද රටින් පිටුවහල් කරන්නාහුයයි සේනාපතිතෙම කීයේය.
“සේනාපතිය, නමින් සුජාත නම්වූ තාපසවරුන්ගේ ශ්රාවකයෙක් වීය. හෙතෙම දිව්යප්සරාවන් කැමති වෙමින්ම අනුභව නොකෙළේය. පානය නොකෙළේය.
“යම්සේ කුසතණ අග දියගෙණ මුහුද දිය මනින්නේද, දිව්යවූ කාය සම්පත් ලබා මානුසිකවූ කාමසම්පත් එමෙනි.
“කාලහත්ථිය, මෙපරිද්දෙන්ම මම කෑයුතුවූ උතුම් රශය අනුභවකොට දැන් මිනීමස් නොලදීන් ජීවිතය හරින්නෙමි සිතම්යයි” රජ කීයේය.
“අහසින් ගමන් කරන්නාවූ මේ ධ්රතරාෂ්ඨ නම් හංසයෝ දිවි පැවැත්මට නුසුදුසුවූ පරිභෝගයෙන් යම්සේ සියල්ලෝ විනාශයට පැමිණියාහුද,