3. සුධාභෝජන ජාතකය
මම කිසිවක් නොමිලදී ගනිමි, නොවිකුණමි, මා සතුව රැස්කිරීමක්ද නැත. මේ ස්වල්පය ඉතා දුකසේ ලැබුණකි. මේ බත් පත දෙදෙනෙකුට ප්රමාණවත් නොවේ.
ස්වල්පයකින් ස්වල්පයක් දිය යුතුය. මධ්යම දෙයින් මධ්යම ප්රමාණයක් දිය යුතුය. බොහෝ දෙයින් බොහෝ කොට දිය යුතුය. නොදීම නූපපදියි.
කෝසිය, මම තොපට මෙය කියමි. දන් දෙව, අනුභව ද කරව. ආර්ය මාර්ගයට නැගෙව. තනිව අනුභව කරන්නා සැප නොලබයි.
අමුත්තෙකු හිඳින කල්හි යමෙක් තනිව බොජුන් වළඳාද, ඔහුගේ පූජාව නිසරු වෙයි. වීර්යයද නිසරු වෙයි.
කෝසිය, මම තොපට මෙය කියමි. දන් දෙව, අනුභව ද කරව. ආර්ය මාර්ගයට නැගෙව. තනිව අනුභව කරන්නා සැප නොලබයි.
අමුත්තෙකු හිඳින කල්හි යමෙක් තනිව බොජුන් නොවළඳාද, ඔහුගේ පූජාව සත්ය වෙයි. වීර්යයද සඵල වෙයි.
කෝසිය, මම තොපට මෙය කියමි. දන් දෙව, අනුභව ද කරව. ආර්ය මාර්ගයට නැගෙව. තනිව අනුභව කරන්නා සැප නොලබයි.
යමෙක් බොහෝ දෙනා බැස ගන්නා දොණ නම් තිම්බරු තොට ඇති වේගවත් සැඩ පහර ඇති මහත් ගංගාවට (ද්රව්ය) දමන්නේ වේද,
අමුත්තෙකු හිඳින කල්හි යමෙක් තනිව බොජුන් නොවළඳාද, ඔහුගේ පූජාව මෙහිම (ඵල සහිත) වෙයි. පැතූ දෙයද (සිදු වෙයි).
කෝසිය, මම තොපට මෙය කියමි. දන් දෙව, අනුභව ද කරව. ආර්ය මාර්ගයට නැගෙව. තනිව අනුභව කරන්නා සැප නොලබයි.
අමුත්තෙකු හිඳින කල්හි යමෙක් තනිව බොජුන් වළඳාද, හෙතෙම දිගු නූල් ඇති බඳුන් සහිත බිලී කොක්ක ගිලින්නේය.
කෝසිය, මම තොපට මෙය කියමි. දන් දෙව, අනුභව ද කරව. ආර්ය මාර්ගයට නැගෙව. තනිව අනුභව කරන්නා සැප නොලබයි.
මේ බ්රාහ්මණයෝ ඒකාන්තයෙන් උතුම් වර්ණ ඇත්තාහ. ඔබගේ මේ බල්ලා කුමක් හෙයින්ද? උසස් පහත් වර්ණ ශෝභාව දක්වයි. බ්රාහ්මණයිනි, තෙපි කවුරුන්දැයි අපට කියව්.