2. සොණනන්ද ජාතකය
92. “ස්වාමීනි, තාපසයන් වහන්ස, ඔබ වහන්සේ දෙවතාවෙක් වෙහිද ගන්ධර්වයෙක් වෙහිද, නොහොත් පුරින්දද නම්වූ ශක්‍රයා වෙහිද, මනුෂ්‍යවූ ඍද්ධි ඇත්තෙක් වෙහිද, අපි ඔබ වහන්සේ කෙසේ දනිමුදැයි” මනොජ නම් රජතෙම ඇසීය.
93. “රාජ්‍ය භාරය දරණ බැවින් භාරත නම් රජතුමනි, මම දෙවියෙක් නොවෙමි. ගන්ධර්වයෙක්ද නොවෙමි. පුරින්දද නම් ශක්‍රයාද නොවෙමි. මනුෂ්‍යවූ ඍර්ධි ඇත්තෙක්වෙමි. මෙසේ මාදනුවයි” නන්ද නම් තාපසතෙම තීයේය.
94. “පින්වතා විසින් මේ මහත්වූ කාය වෙය්‍යාවතික කර්මය කරණලද ස්වභාව ඇත්තේය. එනම් පින්වතා වර්ෂාව වස්නා කල්හි වර්ෂාව වැළකීම කෙළේය.
95. “තවද පින්වත් තෙමේ දරුණුවූ සුළඟ හා අව්ව ඇතිකල්හි සිහිල් සෙවන කෙළේය. තවද පින්වත් තෙමේ සතුරන් මධ්‍යයෙහි ඊ පහරින් රැක්මද කෙළේය.
96. “තවද පින්වතා ඒ සමෘද්ධ රටවල්වල වැසියන් අපට වසඟවූවන් කෙළේය. තවද පින්වතා ඒ සියයක් රජුන් අප අනුව යන්නවුන් කෙළේය.
97. “අපි පින්වතාට සතුටු වූවාහුය. පින්වතා යම් සම්පත්තියක් කැමැත්තෙහි නම් එය ඉල්වාගනු මැනව. ඇත්යානාවක්ද අශ්වරථයක්ද අලංකාරයෙන් සැරසූ ස්ත්‍රීන්ද සිත්කළුවූ ගෙවල්ද යන මොවුන් පින්වතාට අපි දෙන්නෙමු.
98. “නොහොත් අඟුරටෙහි රාජ්‍යය හෝ මගධරට රාජ්‍යය හෝ අපි පින්වතාට දෙන්නෙමු. තවද අස්සක නම් රට හෝ අවන්ති නම් රට හෝ සතුටු සිත් ඇත්තාවූ අපි ඔබට දෙමු.
99. “රාජ්‍යයෙන් භාගයක් හෝ අපි පින්වතාට දෙන්නෙමු ඉදින් සියලු දඹදිව රාජ්‍යයෙන් ප්‍රයෝජන ඇත්තේ නම් එයද දෙමි. යමක් කැමැත්තෙහිද එය අනුශාසනා කරවයි.” රජතෙම කීයේය.
100. “මහරජ, මට රාජ්‍යයෙන් හෝ නගරයෙන් හෝ ධනයෙන් හෝ ප්‍රයෝජන නැත්තේය. තවද ජනපදයෙන් ප්‍රයෝජනයක් මට විද්‍යමාන නොවේයයි” නන්ද පණ්ඩිතතෙම කීයේය.
101. “මහරජ, පින්වත්හුගේම රාජ්‍යයෙහි අණ පවත්නා තන්හිවූ ආරණ්‍යයෙහි එක් අසපුවක් ඇත්තේය. ඒ අසපුවෙහි මගේ පියාද, මවද යන දෙදෙන වසත්.
102. “ඒ පූර්වාචාර්‍ය්‍යයන් කෙරෙහි පිනක් කරන්ට මම නොලබමි. එබැවින් පින්වත්හු අධිපතිකොට ඇති පිරිවර සමග ගොස් සොණපණ්ඩිතයන් ආයතිසංවරය ඉල්ලමුයි හෙවත් ක්ෂමා කරවන්නෙමුයි” නන්ද පණ්ඩිතතෙම වර ඉල්විය.
103. “බ්‍රාහ්මණය, මට යමක් කියන්නෙහිද ඔබගේ ඒ මවනය කරමි. මේ කරුණද අපට කියනු මැනව. ඒ ක්ෂමාව ඉල්වන්නෝ කෙතෙක් වෙත්වායි කියන්නෙහිද?
104. “සියයකින් වැස්වූ දනව්වැසි ගෘහපතියෝද මහාසාර වූ මනාව උපන්නාවූ යස පිරිවර ඇත්තාවූ මේ සියලු රජවරුද මනොජ නම් රජවූ පින්වත් තෙමේද, යන සමාව ඉල්වන්නෝ වන්නාහු නම් ප්‍රමාණ වෙත්යයි” නන්ද පණ්ඩිතතෙම කීයේය.
105. “ඇතරුවෝ ඇතුන්ද අසරුවෝ අසුන්ද යොදත්වා. සාරථිය රථය සරසව, ඇතුන් අසුන් රථයන් සැරැසියයුතු භාණ්ඩයන් ගනිව්. රථයෙහි තිබූ ධ්වජ පාදයන්හි ධ්වජ ඔසවත්වා. යම් අසපුවෙක්හි කොශිය ගොත්‍ර ඇති තාපසතෙම වාසයකෙරේද, ඒ අසපුවට යන්නෙමියි” රජතෙම විධාන කෙළේය.
106. ඉක්බිති ඒ රජතෙම සිව්රඟ සෙනගින් පිරිවරණ ලද්දේ නුවරින් පිටත්වූයේය. කොශිය ගොත්‍ර ඇති තාපස තෙම යම් අසපුවෙක්හි වෙසේද, රජතෙම පිරිවර සමග සිත්කළුවූ ඒ අසපුවට ගියේය.
107. “කොළොම් ලීයෙන් කළාවූ කද සතර අහසඟුලක් උරහිස ස්පර්ශනොකරමින් එයි. දියගෙණඊමට යන්නා වූ කවර නම් කෙනෙකුන්ගේ මේ කදදැයි” මනෝජ රජතෙම ඇසීය.
108. “මහරජ, සීලාචාරසම්පන්න තාපසයෙක්වූ මම සෝණ නම් වෙමි. රෑ දාවල් අනලස්ව මව් පියන් පෝෂණය කරමි.
109. “මහරජ, වනයෙහිවූ පලවැලද අලමුල්ද හැර ගෙණවුත් පෙර කළගුණ සිහිකරමින් මම මව්පියන් පෝෂණය කරමියි” සෝණ පණ්ඩිතතෙම කීයේය.
110. “යම් අසපුවෙක්හි කෝශිය ගොත්‍ර ඇති තාපස තෙම වාසය කෙරේද, අපි ඒ අසපුවට යන්ට කැමැත්තෙමු. සෝණපණ්ඩිතයෙනි, යම් මගකින් ඒ අසපුවට යමුද, අපට ඒ මගකියනු මැනවැයි” රජතෙම කීයේය.
111. “මහරජ, මේ ඒකපදික මාර්ගයවේ. මේ මගින් යව්. යම් දිශාවෙක්හි මේ මේඝයකට බඳු පැහැඇති මනාව පිපි කොබෝලීල ගස්වලින් ගැවසීගත් වනලැහැබ පෙනේද, මෙහි මාගේ පියවූ කෝශියගෝත්‍ර ඇති තාපසතෙම වෙසේ යයි” සෝණ පණ්ඩිතතෙම කීයේය.
112. මහාර්ෂීවූ සෝණ පණ්ඩිතතෙම මෙය කියා රජුන්ට අනුශාසනා කොට ඉක්මන්ව අන්තරීක්ෂ නම්වූ අහසට පැනනැගී අනොතත්ත විලට ගියේය.
113. වහා පැන්ගෙණ අවුත් අසපුව හැමද අස්නක් පනවා පන්සැලට පිවිස පියාට දැන්වූයේය.