53. “දුනු හියවුරු ගත් අත් ඇත්තවුන් විසින්ද, උතුම් කඩු දරන්නවුන් විසින්ද, හාත්පසින් පිරිවරණ ලද්දෙමු. කෙසේනම් මෙයින් මිදීමෙක් වන්නේද?
54. “බොහෝ කටයුතු ඇත්තවුන්ට කිසි අර්ථයෙක් උපන්නේවී නම් යෙහෙක. තිඹිරි ගසේ නොවැටුනු ගෙඩි ඇති තැන් ඇත. තිඹිරි කෑමටම ලැබේවායි” කීයේය.
7. තින්දුක ජාතකය.
55. “මාගේ උපන් තැනයයි කියාද, මා වැඩුනු තැනයයි කියාද, මෙසේ මඩෙහි වැදහොත්තෙමි. මා ඒ මඩ දුර්වලයෙකු යම්සේද, එසේම විනාශයට පැමිණ විය. කුම්භකාරය, එහෙයින් තට කියමි. මාගේ වචනය අසව ගමෙහි හෝ (නොහොත්) වනයෙහි හෝ යම් තැනක සුවයට පැමිණේද?
56. “එසේවූ ස්ථානය කාරණා කාරණා දන්නාවූ පුරුෂයාට උපන් ස්ථානය නමුදු වැඩුනු ස්ථානය නමුදුවේ. යම් තැනෙක්හි ජීවත් වන්නේද, එතනටම යන්නේය. වාසස්ථානයෙන් නැසුනේ නොවන්නේයයි’ කීයේය.
8. කච්ඡප ජාතකය.
57. “එයද ස්වල්පය ඒ මද බතද ඉඳුල්ය. ඒ මදවූ ඉඳුල් බතද අපට දුකසේ දුන්නේය. ඒ මම පිරිසිදුවූ බ්රාහ්මණ ජාති ඇත්තෙමි. යම් බතක් මා විසින් අනුභව කරණ ලදද එයද ලේ හා මිශ්රකොට වමාරණ ලදී.
58. “මෙසේ (ආජීව පාරිශුද්ධිශීල නම්වූ) ධර්මය දුරු කොට අධර්මයෙන් යම් මහණෙක් ජීවත් වේද, හෙතෙම ශත ධර්ම නම් බ්රාහ්මණ පුත්රයාමෙන් ලැබූ ලාභයෙන්ද, සතුටු නොවේයයි” වදාළේය.
9. සතධම්ම ජාතකය.
59. (අඥානයන් විසින් දෙන්නට නොපිළිවන් හෙයින්) දුද්දද නම්වූ දානය දෙන්නවුන්ගේ දුෂ්කරවූ කර්මය කරන්නවුන්ගේ අසත්පුරුෂයෝ අනුක්රියා කරන්නෝ නොවෙති. ඒ එසේමැයි සත් පුරුෂයන්ගේ ධර්මය නොදතහැකිවේ (නොහොත්) පැමිණෙන්ට නොපිළිවනි.
60. “එහෙයින් සත්පුරුෂයන්ගේද, අසත් පුරුෂයන්ගේද, මෙලොවින් පරලොව ගතිය වෙන වෙන වන්නේයි. එසේමැයි දානශීලාදියෙහි නොහැසිරෙන අපණ්ඩිත ජනයෝ නරකයට යෙති. දානශීලාදී ක්රියාවන්හි යුක්ත සත්පුරුෂ ජනයෝ ස්වර්ග පරායණකොට ඇත්තෝ වෙත්. (හෙවත්) මහත්වූ ස්වර්ග සුචය අනුභව කෙරෙතියි” කීයේය.
10. දුද්දද ජාතකය.
කල්යාණවග්ගො තතියො.
එහි උද්දානය:
සුසමඤ්ඤ මිගාධිභූ මාණවකො - වාරි පහූතරූපාදිච්චුපට්ඨානා, සකළාය සතින්දුක පඞ්ක පුන - සතධම්ම සුදුද්දදකෙන දස.