3. කළ්‍යාණ ධර්ම වර්ගය
41. “ජනෙන්ද්‍රය, ලෝකයෙහි යම් කලෙක්හි කල්‍යාණ ධර්ම ඇත්තේ යයි පැනවීමක් වීද, ඒ පැනවීමෙන් ප්‍රඥා සහිතවූ මනුෂ්‍යතෙමේ නොපිරිහෙන්නේය. අධ්‍යාත්මිකවූ ලජ්ජාවෙන්ද පුරුෂයෝ ප්‍රව්‍රජ්ජ්‍යා ධුරය ගනිත්,
42. “ජනප්‍රධානය, ලෝකයෙහි කළ්‍යාණ ධර්ම යයි යමක් ඇද්ද, ඒ මේ පැනවීම මෙහිලා මා විසින් අද පැමිණෙන ලදී. ඒ පැනවීමය මම බලන්නෙම් මෙහිලා පැවිදිවන්නෙමි. මෙහිලා කාම අනුභවයෙහි මාගේ කැමැත්ත නැත්තේයයි” කීයේය.
1. කළ්‍යාණ ධම්ම ජාතකය.
43. “මෘගරාජය, රජත පර්වතය කවරෙක් මහත්වූ ශබ්දයෙන් ගුගුරුවාද සිංහයෝ කුමකට ප්‍රතිනාද නොකෙරෙද්ද, මෙතෙම කිනම් එකෙක්ද?
44. “පුත්‍රය, මෘග ජාතීන්ගෙන් ඉතා පහත්වූ හිවලා හඬයි. මොහුගේ ජාතිය පිළිකුල් කරන්නාවූ සිංහයෝ නිශ්ශබ්දව හිඳිත් යයි” කීයේය.
2. දද්දර ජාතකය.
45. “පියාණෙනි, මේ මිනිසෙක් තල්ගස මුල ආශ්‍රය කොට සිටියේය. මේ ගෘහයද ඇත. එබැවින් මොහුට මේ ගෙය දෙමු.’
46. “පුතනුවෙනි, ඔහු නොකැඳවව, අපගේ ගෘහය දූෂණය කරන්නේය. සුශීලවූ බ්‍රාහ්මණයෙකුගේ මෙබඳුවූ මුහුණක් නොවේයයි” කීයේය.
3. මක්කට ජාතකය.
47. “ග්‍රීෂ්මයෙන් පීඩිත වූ පිපාසා ඇත්තාවූ තට බොහෝවූ ජලය දුනිමු. ඒ තෝ ජලය බී දැන් වඳුරු මුහුණු කොටගෙණ කිකිං යන ශබ්ද කෙරෙහිය. පවිටු ජනයා හා (හෙවත්) කෙළෙහිගුණ නොදන්නා ජනයා හා එක් නොවීම උතුම් වේ.
48. “කවර නම් වඳුරෙක් සිල්වත් යයි තා විසින් අසන ලද්දේද? දක්නා ලද්දේ හෝ වේද? දැන් වනාහී තා හිස වර්චස් සළා කිලුටු කෙරෙමි. අප වඳුරන්ගේ මෝතොමෝ ධර්මතා යයි” කීයේය.
4. දුතිය මක්කට ජාතකය.
49. “සියළු සත්වයන් කෙරෙහි ශීලයෙන් යුක්තවූවෝ විද්‍යමාන වෙත්ලු. හීනවූ වඳුරා බලව, හිරු වඳිමින් සිටිනේය යනුයි.”)
50. “මොහුගේ ශීලයක් දැන නොගණිව්. නොදැන ප්‍රශංසා කරන්නාහුය. ගිනි පුදන කෙනෙස්සද වර්චස් ලා කිළුටු කරණලදී. කෙණ්ඩි දෙකක්ද මොහු විසින් බිඳින ලදහයි’ කීයේය.
5. ආදිච්චුපට්ඨාන ජාතකය.
51. “ජනෙශ්වරය, ගස්වල අතු ගොදුරුකොට ඇති හෙවත්) සඤ්චාර ස්ථාන කොට ඇති මේ වඳුරා ඒකාන්තයෙන් අඥානය. මොහුගේ ප්‍රඥාව නැත. හුදෙක් (හෙවත්) කඩල මිටක් විසුරුවා බිම වැටුණු කඩල ඇටය සොයයි.
52. “එපරිද්දෙන්ම, රජ්ජුරුවෙනි, අපිද ඉතා ලොහොබිවූ යම් අනික් කෙනෙක් දැයි, මේ සියල්ලම කඩල ඇටයෙන් වඳුරා මෙන් මදදෙය නිසා බොහෝවූ දෙයින් පිරිහෙමුයි” කීයේය.
6. කළායමුට්ඨි ජාතකය.
53. “දුනු හියවුරු ගත් අත් ඇත්තවුන් විසින්ද, උතුම් කඩු දරන්නවුන් විසින්ද, හාත්පසින් පිරිවරණ ලද්දෙමු. කෙසේනම් මෙයින් මිදීමෙක් වන්නේද?
54. “බොහෝ කටයුතු ඇත්තවුන්ට කිසි අර්ථයෙක් උපන්නේවී නම් යෙහෙක. තිඹිරි ගසේ නොවැටුනු ගෙඩි ඇති තැන් ඇත. තිඹිරි කෑමටම ලැබේවායි” කීයේය.
7. තින්දුක ජාතකය.
55. “මාගේ උපන් තැනයයි කියාද, මා වැඩුනු තැනයයි කියාද, මෙසේ මඩෙහි වැදහොත්තෙමි. මා ඒ මඩ දුර්වලයෙකු යම්සේද, එසේම විනාශයට පැමිණ විය. කුම්භකාරය, එහෙයින් තට කියමි. මාගේ වචනය අසව ගමෙහි හෝ (නොහොත්) වනයෙහි හෝ යම් තැනක සුවයට පැමිණේද?