59. (අඥානයන් විසින් දෙන්නට නොපිළිවන් හෙයින්) දුද්දද නම්වූ දානය දෙන්නවුන්ගේ දුෂ්කරවූ කර්මය කරන්නවුන්ගේ අසත්පුරුෂයෝ අනුක්‍රියා කරන්නෝ නොවෙති. ඒ එසේමැයි සත් පුරුෂයන්ගේ ධර්මය නොදතහැකිවේ (නොහොත්) පැමිණෙන්ට නොපිළිවනි.
60. “එහෙයින් සත්පුරුෂයන්ගේද, අසත් පුරුෂයන්ගේද, මෙලොවින් පරලොව ගතිය වෙන වෙන වන්නේයි. එසේමැයි දානශීලාදියෙහි නොහැසිරෙන අපණ්ඩිත ජනයෝ නරකයට යෙති. දානශීලාදී ක්‍රියාවන්හි යුක්ත සත්පුරුෂ ජනයෝ ස්වර්ග පරායණකොට ඇත්තෝ වෙත්. (හෙවත්) මහත්වූ ස්වර්ග සුචය අනුභව කෙරෙතියි” කීයේය.
10. දුද්දද ජාතකය.
කල්‍යාණවග්ගො තතියො.
එහි උද්දානය:
සුසමඤ්ඤ මිගාධිභූ මාණවකො - වාරි පහූතරූපාදිච්චුපට්ඨානා, සකළාය සතින්දුක පඞ්ක පුන - සතධම්ම සුදුද්දදකෙන දස.
4. අසදෘශ වර්ගය
213. “මහත්වූ බල ඇති ඊසැර දුර හෙළන්නාවූ ඉලක්කය නොවරදවා විදින සුළුවූ මහත් වූ සම්පට ආදීන් වීදාරණය කරන්නාවූ ධනුර්ධරවූ අසදෘශ නම් රාජ පුත්‍රතෙම
214. “සියලු සතුරන් යුද්ධකොට පළවා කිසිකුත් නොපෙළීය (හෙවත්) ප්‍රාණඝාත නොකෙළේය. කුමක් කෙළේද යත්? බාලසොහොයුරා සුවපත් කොට ශීල සංයමයට පැමිණියේයයි” කීයේය.
අසදිසජාතකං පඨමං.
215. “යුද්ධ භූමියෙහි හැසිරෙන්නාවූ ශූරවූ බල ඇත්තෙකැයි ප්‍රසිද්ධවූයෙහිය. හස්තිය වාසල් දොරට පැමිණ කුමක් හෙයින් පසුබස්නෙහිද?
216. නුවර යතුරු අගුළ වහා මර්දනය කරව. උළුවහු කණුද උදුරව හස්තිරාජය වාසල දොරවල් මැඩ වහා නුවරට ඇතුල් වෙවයි” කීයේය.
සඞ්ගාමාවචරජාතකං දුතියං.
217. “අල්ප රසවූ හීණ රස ඇත්තාවූ නියඳ වල්ලෙන් පෙරූ හෙවත් නියඳ වලින් කළ පෙරහනින් පෙරූ ජලය පානයකොට කොටළුවන්ට මදය හට ගණියි. ප්‍රණීතවූද මේ රසය පානයකොට අශ්වයන්ට මදය නොවඩන්නේය. කාරණා කිම්දැයි, විචාළෝ,”
218. “ජනශ්‍රේෂ්ඨය, ලාමක ජාති ඇත්තේ එයින් පුෂ්ට වූයේ රශයෙන් මඳවූද ජලය, පාණය කොට මත්වේ. බර උසුලන ස්වභාව ඇත්තාවූ උතුම් කුලයෙහි උපන් අශ්ව තෙමේ අග්‍රවූ මිදි රසය පානයකොට මත් නොවේයයි” කීයේය.
වාලොදකජාතකං තතියං.
219. “සාමනම් රජහුගේ පණ්ඩව නම්වූ අශ්වතෙම ගිරිදත්ත නම් කොරවූ අස් ගොව්වා විසින් දූෂණය කරණ ලද්දේ පුරාතනවූ ප්‍රකෘතිය හැර ඒ අස්ගොව්වාගේ ප්‍රකෘතියම අනුගමනය කෙරේ.
220. “ඉදින් ඔහුට අනුජාතවූ සුන්දරවූ ආකාරයෙන් කපනලද හිසරැවුල් ඇති පුරුෂයෙක් ඒ අශ්වයා කටකලියාවෙහි පටියෙන් අල්වාගෙණ අශ්ව මණ්ඩලයෙහි පරිවර්තනය කෙළේ වී නම් වහාම ඒ කොරබැව්හැර ඒ අස් ගොව්වාගේ ප්‍රකෘතියම අනුව ගමන් කෙරේයයි” කීයේය.
ගිරිදත්තජාතකං චතුත්ථං.