344. යමක් දකීද, එය නො කැමති වෙයි. යමක් නොදකීද එය වනාහී කැමති වෙයි. බොහෝ කලක් ඇවිදින්නේයයි සිතමි. හෙතෙම යම් ජල රහිත ගංගාවක් කැමතිද, එය නොම ලබන්නේය.
345. යමක් ලැබේද එයින් සතුටු නොවේ. ලබන්නට ප්රාර්ථනා කෙරෙයි. යමක් යමක් ප්රාර්ථනා කොට ලදද ඒ ඒ වස්තුවට නින්දා කරයි. එසේමැයි තෘෂ්ණාව නම් සීමාව ඉක්මවූ රූපාදීන් අරමුණු කොට ඇත්තීය. පහවූ තෘෂ්ණා ඇත්තවුන්ට නමස්කාර කරන්නෙමු.
4. වීතිච්ඡ ජාතකය.
346. පෙරවරු ආදී කාලය තෙම තමා හා සමඟ සියලු සත්වයන් කන්නේය. යම් බඳුවූ කාලය කෑවාවූ සත්වයෙක් ඇද්ද, හෙතෙම තෘෂ්ණාව වැඩීය.
347. රෝම ඇති මහත්වූ බොහෝවූ මිනිසුන්ගේ ශීර්ෂයෝ දක්නා ලැබෙත්. ඒ හිස්ද බෙල්ලෙහි තබන ලද්දාහුය. මෙහිලා කන් ඇත්තෝ හෙවත් ප්රඥාවත්හු සමහර කෙනෙකියි.
5. මූලපරියාය ජාතකය.
348. සංයම නැත්තාවූ පුරුෂතෙම පහරදී පීඩා කොට මරා දානය දේද, මෙබඳුවූ බත අනුභව කරන්නාවූ හෙතෙම පාපයෙන් තැවරේ.
349. දුශ්ශීලයා ඉදින් අඹු දරුවන්ද මරා දන් දෙන්නේද, ප්රඥා සහිතවූ තැනැත්තේ වනාහි ඒ දානය අනුභව කරන්නේද? පාපයෙන් මිශ්ර නොවේයයි.
6. තෙලොවාද ජාතකය.
350. පාදඤ්ජලී නම් රාජ කුමාරයා ඒකාන්තයෙන් සියල්ලන් ප්රඥාවෙන් ඉක්මවා බබළයි. මත්තෙහි එසේමැයි තොල් බිඳියි. ඒකාන්තයෙන් අන් කරුණක් බලයි.
351. මේ පාදඤජලීනම් කුමාරයා ධර්මයද අධර්මයද අර්ථයද අනර්ථයද නොදනියි. තොල් බිඳුමෙන් පිටත් කිසිවක් මේ තෙම නොදනියි.
7. පාදඤ්ජලි ජාතකය.
352. තොප හැමදෙනා විසින් කෑලගස දක්නා ලදී. මෙහි කුමකට සැකකරව්ද? සියලු තන්හි රථාචාර්යා තොප විසින් නොම විචාරණ ලද්දේය.