17. “ඇස් ඇත්තාවූ ඒක රාජවූ (හෙවත්) මුළු සක්වලට ශ්‍රේෂ්ඨවූ ස්වර්ණ වර්ණවූ පෘථිවිය බබුළුවන්නාවූ මේ සූර්යතෙම නැගෙණහිර දිගින් උදාවෙයි. එහෙයින් රත්රන් බඳු පැහැ ඇතිපොළොව බබුළුවන්නාවූ ඒ සූර්යයාට නමස්කාර කරමි. ඒ සූර්යයා විසින් අද රක්ෂා කරණලද්දෙමු. දවල් දවස වාසය කරමු.
18. “සියලු ධර්මයන් නුවණින් දැන පරතෙරට ගියාවූ යම් ශුද්ධ බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද, ඔව්හු මාගේ නමස්කාරය පිළිගණිත්වා. “ඒ බුද්ධාදීහුද මා රක්ෂා කෙරෙත්වා. අතීතයෙහිවූ බුදුවරුන්ට නමස්කාරවේවා. ඒ බුදුවරුන්ගේ බෝධියටද නමස්කාර වේවා අර්හත් ඵල විමුක්තීන් මිදුනවුන්ටද නමස්කාර වේවා, තදංග විමුක්ති ආදී පඤ්චවිධ විමුක්තියටද නමස්කාර වේවා. ඒ මයුරයා මේ පිරිත තොට ගොදුරු සෙවීම පිණිස හැසිරේයයි” වදාළේය.
ඇස් ඇත්තාවූ ඒක රාජවූ (හෙවත්) මුළු සක්වලට ශ්‍රේෂ්ඨවූ ස්වර්ණ වර්ණවූ පෘථිවිය බබුළුවන්නාවූ මේ සූර්යතෙම බැසයයි. එහෙයින් රත්රන් බඳු පැහැ ඇතිපොළොව බබුළුවන්නාවූ ඒ සූර්යයාට නමස්කාර කරමි. ඒ සූර්යයා විසින් අද රක්ෂා කරණලද්දෙමු. මේ රාත්‍රිය වාසය කරමු.
සියලු ධර්මයන් නුවණින් දැන පරතෙරට ගියාවූ යම් ශුද්ධ බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද, ඔව්හු මාගේ නමස්කාරය පිළිගණිත්වා. ඒ බුද්ධාදීහුද මා රක්ෂා කෙරෙත්වා. අතීතයෙහිවූ බුදුවරුන්ට නමස්කාරවේවා. ඒ බුදුවරුන්ගේ බෝධියටද නමස්කාර වේවා අර්හත් ඵල විමුක්තීන් මිදුනවුන්ටද නමස්කාර වේවා, තදංග විමුක්ති ආදී පඤ්චවිධ විමුක්තියටද නමස්කාර වේවා. ඒ මයුරයා මේ පිරිත කොට වාසය කැප කෙළේය.
9. මොර ජාතකය.
19. “කාරණා කාරණා දන්නාවූ හංසයෝ යම් සේ විනීලකවූ මා උසුලත්ද එපරිද්දෙන්ම වේදේහ නම්වූ මියුළු නුවර වටකොට වසන්නාවූ රජුන්ගේ අශ්වයෝ උසුලන්නාහුය”යි සිතමි.
20. “විනීලය පර්වත දුර්ගය සේවනය කරන්නෙහිය. පුත්‍රයා තට භූමි නොවූ පර්වත විෂමස්ථානය සේවනය කෙරෙහිය. ග්‍රාමාන්තයෙහිවූ අපවිත්‍ර තැන් තාගේ මවට වාසස්ථානය මේ වාසස්ථානය සේවනය කරවයි” කීයේය.
10. විනීලක ජාතකය.
දළ්හවග්ගො පඨමො.
එහි උද්දානය:
වරමල්ලිකදද්දරසුකරකො
උරගුත්තම පඤ්චම ගග්ගවරො,
මහතී චමූ යා ච සිගාලවරො
සුහනුත්තමමොරවිනීල දස.