19. “කාරණා කාරණා දන්නාවූ හංසයෝ යම් සේ විනීලකවූ මා උසුලත්ද එපරිද්දෙන්ම වේදේහ නම්වූ මියුළු නුවර වටකොට වසන්නාවූ රජුන්ගේ අශ්වයෝ උසුලන්නාහුය”යි සිතමි.
20. “විනීලය පර්වත දුර්ගය සේවනය කරන්නෙහිය. පුත්‍රයා තට භූමි නොවූ පර්වත විෂමස්ථානය සේවනය කෙරෙහිය. ග්‍රාමාන්තයෙහිවූ අපවිත්‍ර තැන් තාගේ මවට වාසස්ථානය මේ වාසස්ථානය සේවනය කරවයි” කීයේය.
10. විනීලක ජාතකය.
දළ්හවග්ගො පඨමො.
එහි උද්දානය:
වරමල්ලිකදද්දරසුකරකො
උරගුත්තම පඤ්චම ගග්ගවරො,
මහතී චමූ යා ච සිගාලවරො
සුහනුත්තමමොරවිනීල දස.
2. සන්ථව වර්ගය
21. “අර්ථය දන්නාවූ ආචාර ආර්යවූ පුද්ගලතෙමේ අනාර්යවූ හෙවත් නිර්ලජ්ජවූ නින්දිතවූ පුද්ගලයා හා වශයෙන් එක්වීමක් වේවයි යහළු කමක් වේවයි නොකරන්නේය. කුමක් හෙයින්ද යත්? බොහෝ කලක් එක්ව විසූයේද, එය නොසලකා පාප ක්‍රියාවක් කරන්නේය. කුමක් මෙන්ද යත්? ඉන්ද්‍රසමාන ගොත්‍ර නම් තපස්වීහු (කළ්‍යාණ මිත්‍ර කම නොසලකා මැරූ) හස්තියා මෙනි.
22. “සීලයෙන්ද ප්‍රඥාවෙන්ද ශ්‍රැතයෙන් දැයි මා හා සමානයයි යමක්හු වනාහි දන්නේද ඔහු හා සමගම මිත්‍රත්වය කරන්නේය. කුමක් හෙයින්ද යත්? සත්පුරුෂයා හා සංගමය සුව එලවන්නේයයි” කීයේය.
1. ඉන්දසමානගොත්ත ජාතකය.
23. “නින්දිත පුරුෂයා හා යම් එක්වීමක් වේද, ඒ එක්වීමට වඩා අධිකවූ ලාමක කමෙක් නැත්තේය. කුමක් හෙයින්ද යත්? ගිතෙලින්ද කිරිබතින්ද සන්තර්පණය කරණලද වහ්නි දෙවතාවා දුකසේ කරණලද පර්ණකුටිය (පන්සල) දැවීද, එහෙයිනි.
24. “සත්පුරුෂයා හා යම් එක් වීමෙක්වේද, ඒ මිත්‍ර සමාගමයට වඩා අධිකවූ ශ්‍රේෂ්ඨ කමෙක් නැත්තේය. කුමක් හෙයින්ද යත්? සාමාවූ මුවදෙන සිංහයෙකුගේද ව්‍යාඝ්‍රයෙකුගේද දිවියෙකුගේද මුහුණ මිත්‍ර සම්බන්ධයෙන් ලොවීයයි” කීයේය.
2. සන්ථව ජාතකය.
25. සුදුවූ දළ ඇති රන් දැලින් ගැවසීගත් සියයකටද වැඩිවූ තොපගේ මේ මුවෝ කෘෂ්ණ මෘගයහ. තොපගේ මේ හස්තීන් සුසීමය. පිය මුතුන් සම්බන්ධව සිහි කරමින් දෙමියි කීයෙහිද?
26. “සුදුවූ දළ ඇති රන් දැලින් වැසුනාවූ මාගේ මේ මෘගයෝ කෘෂ්ණ මෘගයහ. මාණවකය, ඒ මේ තොපගේ මේ ඇතුන් පියමුතුන් සම්බන්ධව සිහි කරන්නෙම් දෙමියි කියමියි” කීයේය.
3. සුසීම ජාතකය.