4. සංඛපාල ජාතකය
3223. “සුන්දරවූ ශරීරෝභාස ඇත්තේ ප්‍රසන්නවූ ඇස් ඇත්තේ වෙහිය. පින්වත් තෙමේ ශ්‍රේෂ්ඨ කුලයෙන් පැවිදිවීයයි හඟිම්. සප්රාඥය කෙසේනම් වස්තූන්ද සම්පත්ද හැර ගිහිගෙන් නික්ම පැවිදිවීදැයි
3224. “නරදේවවූ මහරජ, මහත් ආනුභාව ඇත්තාවූ නාග රාජයාගේ විමානය තෙමේ දැක පුණ්යයන්ගෙන් මහත්වූ විපාකයද දැක මම ශ්‍රද්ධාවෙන් පැවිදිවූයෙමියි
3225. “කැමති දෑ කැමැත්තෙන්ද භයින්ද ද්වේෂයෙන්ද ප්‍රව්‍රජිතයෝ බොරු බස් නොකියත්. විචාරණ ලද්දේ මට මේ කාරණය කියව, එය අසා මාගේ ප්‍රශාදය හටගන්නේය.
3226. “මහරජ, වෙළඳාම පිණිස යන්නාවූ මම මහා මාර්ගයෙහි අතිශයින් වැඩුනාවූ ශරීරය ඇති මහත්වූ නාගයෙකු තඩලාගෙණ සතුටු වෙමින් යන්නාවූ වැදි පුත්‍රයන් දුටුවෙමි.
3227. “මහරජ, ඒ මම ඔවුන් හා එක්වීමි. අතිශයින් ඩැහැගත් ලොම් ඇත්තේ භයවූයේ ඔවුන්ට මෙසේ කීයෙමි. බිහිසුනු ශරීරයක් ඇති මේ නාගතෙම කොහි ගෙනියනු ලැබේද, වැදිපුත්රයිනි, නාගයාගෙන් කුමක් කරන්නහුදැයි ඇසීමි.
3228. “අතිශයින් වැඩුනාවූ ශරීර ඇති උරග නම්වූ මහත්වූ මේ නාගතෙම භෝජනය පිණිස ගෙණයනු ලැබේ. මොහුගේ මාංශය මිහිරිද මහත්ද මෘදුද වේ. වේදේහි පුත්‍රය, ඔබ මෙහි රස නොදන්නෙහිය.
3229. “මෙයින් අපි සිය ගෙදරට ගොස් ශස්ත්‍රයන් ගෙණ කඩ කඩ කොට කපා සතුටුවෙමින් මස් අනුභව කරන්නෙමු. අපි වනාහි ඒකාන්තයෙන් නයින්ගේ සතුරෝ වෙමුයි කීහු.
3230. “අතිශයින් වැඩුනාවූ සිරුරු ඇති මහත්වූ මේ සර්ප තෙම ඉදින් භෝජනය සඳහා ගෙණයනු ලැබේ නම්, මම තොපට ගවයන් සොළොස් දෙනෙක් දෙමි. මේ නාගයා බැම්මෙන් මුදා හරිව්යයි කීයෙමි.
3231. “ඒකාන්තයෙන්ම මෙතෙම අපගේ මන වඩන්නාවූ ආහාරයවේ. බොහෝවූද නාගයෝ අප විසින් අනුභව කළ විරූහ. විදේහි පුත්‍රවූ ආළාරය, ඔබගේ ඒ වචනය කරමු. ඔබ අපගේ මිත්‍රයාද වෙවයි කීහ.
3232. “මහරජ, එකල්හි නාසයෙන් විද කරණලද යම් බැමි වූවාහුද, ඔව්හු ඒ නාගයා බන්ධනයෙන් මිදුවාහුය. බන්ධනයෙන් මිදුනාවූ ඒ නාරජතෙමේද පෙරදිගට අභිමුඛව මොහොතක්කල් ගියේය.
3233. “පෙරදිගට අභිමුඛව මොහොතක්කල් ගොස් කඳුළු පිරුණු නෙත්වලින් මා දෙස බැලීය. එකල්හි මම දසැඟිලි ඇඳිලි බැඳ පිටුපසින් ඔහුට අනුව ගියෙමි.
3234. “ඔබ ඉක්මන් කොටම යව සතුරෝ තා නැවත අල්වා නොගනිත්වා වැද්දන් හා එක්වීම නැවත දුක්වන්නේ මැයි. භෝජ පුත්රනම්වූ වැද්දන්ගේ නොපෙනීමට යවයි කීමි.
3235. “ඒ නාරජතෙම විශේෂයෙන් ප්‍රසන්නවූ නිල් පැහැ ඇත්තාවූ සිත්කළුවූ මනාකොට ඇති දඹගස් වලින් හා හොමු වඟුවලින් ගැවසී ගත්තාවූ විලට ගියේය. සතුටු සිත් ඇති එතෙර කළ භය ඇති ඒ නාරජතෙම එහි ඇතුල්වූයේය.
3236. “මහරජ, ඒ නාරජතෙම ඒ විලට ඇතුල්ව නොබෝ කලකින්ම දිව්‍ය ශරීරයෙන් යුක්තව මා ඉදිරියෙහි පහළවූහ. පුත්‍රයෙක් පියෙකුට මෙන් හෘදයංගමවූ කනට සැපවූ වචන කියමින් මට උපස්ථාන කෙළේය.
3237. “පින්වත් ආළාරය, ඔබ මාගේ මවද වෙහිය. පියාද වෙහිය. අභ්යන්තරවූ ප්‍රාණය දුන්නාවූ යහළුවාද වේ. ස්වකීය ඍද්ධියද නැවත ලබාදෙන ලද්දේවෙමි. ආළාරය, බොහෝ කෑ යුතු දෑ ඇති බොහෝවූ ආහාරපාන ඇති ශක්‍රයාගේ දිව්‍යපුරය වැනිවූ මාගේ නිවාසස්ථානයන් බලවයි නාරජතෙම කීයේය.
3238. “මහරජ, ඒ නාග භවනය යම්තැනෙක පැමිණියවුන්ගේ ශෝකය දුරුකෙරෙද්ද, එහි කැට කැබිලිති සහිතවූද මෘදුවූද යහපත්වූද නීච තෘෂ්ණාවලින් යුක්තවූද රජස් රහිතවූද භූමි තොමෝ ප්‍රශාද එලවන්නීය. එබඳු භූමි භාගවලින් යුක්තවේ.
3239. “එහි සමව පිහිටියාවූ භූමියවේ. වෛදූර්‍ය්‍ය බඳු නිල් පැහැ ඇති පොකුණක් වේ. එහි සතරදිශාවෙහි ඉතා රම්‍යවූ අඹ වනයවේ. එහි පැසුනාවූද තරුණවූද ඵල හටගත් අඹගස් වෙත්. ඔව්හු හැම ඍතුවලම ඵල දරත්ය යි කීයේය.