11. මහාපලෝභන ජාතකය.
284. “සියලු කාම සම්පත්තීන් සමෘද්ධවූ කශී දනව්වෙහි රජහට මහත් ඍද්ධි ඇත්තාවූ දිව්යපුත්රයෙක් බ්රහ්ම ලෝකයෙන් චුතව පුත්රයෙක්ව උපන්නේය.
285. “වස්තු කාම ක්ලෙශකාමයන්හි ආශාව හෝ කාම සංඥාව හෝ බ්රහ්මලෝකයෙහි විද්යමාන නොවේ. යම් කුමාරයෙක් ඒ බ්රහ්ම ලෝකයෙහි නිපදවනලද ධ්යාන සංඥාවෙන්ම යුක්ත වූයේද, හෙතෙම කාමසම්පත් පිළිකුල් කෙළේය.
286. “ඔහුගේද අන්තඃපුරයෙහි පියා විසින් මනාකොට සාදවනලද ධ්යානාගාරයක් හෙවත් විවේකව වසන ගෙයක් වූයේය. හෙතෙම එහි විවේකයෙන් යුක්තව හුදකලාව රහසිගතව ධ්යාන කෙළේය.
287. “ඒ රජතෙම මාගේ මේ එකම පුත්රයා කම්සැප අනුභව නොකෙරේයයි පුත්ර ශෝකයෙන් පෙළුනේ වැළපුනේය.
288. “යම්සේ මාගේ පුත්රයා කම්සැප කැමතිවන්නේද, මෙහි එබඳු කවර උපායක් හෝ වේද, කවරෙක් හෝ පළිබොධ කාරණයක් දනීද, කවරෙක් මාගේ පුත්රයා පොළඹවන්නේදැයි කීයේය.
289. “ඒ අන්තඃපුරයෙහිම රූපයෙන් හා වර්ණයෙන් යුක්තවූ නැටීමට හා ගී කීමට දක්ෂවූ වීණාවාදනයෙහිද සමර්ථවූ කුමරියක් වූය. ඕතොමෝ එහි රජු වෙත පැමිණ මෙය කීය.
290. “ඉදින් මාගේ ස්වාමි පුරුෂයා වන්නේ නම් මම ඔහු පොළොඹවන්නෙමි කියායි. එසේ කියන්නාවූ ඒ කුමාරියට රජතෙම තීම ඔහු පොළොඹවා ගනුව, තීගේ ස්වාමි පුරුෂයා වන්නේයයි මෙය කීයේය.
292. “ඕතොමෝද, අන්තඃපුරයට ගොස් බොහෝවූ කාමයන්ගෙන් යුක්ත කොටසින් කාවදින්නාවූ ප්රේම උපදවන්නාවූ විසිතුරු ගාථාවන් කීහු.
293. “ගායනා කරණු ලබන්නාවූ ඒ ස්ත්රියගේද ශබ්දය අසා මේ අනිර්ථිගන්ධ කුමාරයාට කාමරාගය උපන්නේය. හෙතෙම පිරිවර ජනයා විචාළේය.
294. “මේ කවරෙකුගේ ශබ්දයෙක්ද ඒ කවරෙක් හෝ උස් පහත්කොට අනෙකප්රකාරවූ සිත් කාවදින්නාවූ ප්රේම උපදවන්නාවූ තවද මාගේ කනට සුව එළවන පරිදි කියා දැයි ඇසීය.
295. “දෙවයන් වහන්ස, මෝතොමෝ ස්ත්රියක. මෝ තොමෝ මහත්වූ ක්රීඩාවක ඉදින් ඔබ කම්සැප අනුභව කරන්නේනම් එය වැඩි වැඩියක් කැමති වන්නාහුය.
296. “එසේනම් මොබට ඒවා නුදුරු තන්හි ගායනා කෙරේවා, සයනාගාරයට සමීපව මාගේ සමීපයෙහි ගායනා කෙරේවා.
297. “බිත්තියෙන් පිටත්හි ගායනාකොට ධ්යානාගාරයට ඇතුල්වූයේය. පිළිවෙළින් ඔහු වනයෙහිවූ ඇතෙකුමෙන් බැඳගත්තේය.
298. “ඒ කුමාරයාට කාම රසය දැන ඊර්ෂ්යා ස්වභාවයක් හටගත්තේ මමම කාම සම්පත් අනුභව කරන්නෙමි කම් සැප විදින අන්පුරුෂයෙක් නොවේවායි.