15. වීසති නිපාතය
1. මාතංග ජාතකය
අපිරිසිදු වස්ත්ර ඇති ලාමකවූ පාංශු පිශාචකයෙකුමෙන් තොප කොයිසිට එන්නෙහිද, කසලගොඩින් ලබාගත් වස්ත්රයක් බොටුවෙහි බහාගෙණ දන් පිළිගැණීමට නුසුදුසුවූ තෝබොල, කවරෙක් වන්නෙහිදැයි.
යශස් ඇත්තාවූ මණ්ඩව්ය කුමාරය, ඔබගේ මේ ආහාරය පිළියෙල කරණලදී. එය කනු ලබත්. අනුභවද කරණු ලබත්. පානයද කරණු ලබත්. අනුන් දුන් දෙයින් යැපෙන්නාවූ මා නුඹ දන්නෙහිය, එළඹ සිට ලැබිය යුතු ආහාරය චණ්ඩාලතෙමේ ලබාවායි.
මාගේ මේ ආහාරය ජාති සම්පන්න බ්රාහ්මණයන් සඳහා කරණලදී. ඇදහිලිමත්වූ මාගේ මේ දානය තමහට වැඩ පිණිසවේ. චණ්ඩාලය, මෙතැනින් ඉවත්ව යව. කුමකට මෙහි සිටින්නෙහිද, මා වැන්නෝ තොපට දානය නොදෙත්යයි කීයේය.
එම්බා කුමාරය, ශෂ්ය ඵලය කැමැතිවන්නාහු ගොඩබිමද වලතැනද ජල බහුල භූමියෙහිද බිජුවට වපුරත්. මෙබඳුවූ ඇදහීමෙන් දානය දෙව, මෙසේ දක්ෂිණාර්හයන් සතුටු කරන්නෙහි නම් ඉතා මැනවැයි කීයේය.
යම් ක්ෂෙත්රයන්හි මම බිජුවට පිහිටුවම්ද, ලෝකයෙහි එබඳු ක්ෂෙත්රයෝ මට ප්රකටයහ. ජාතියෙන්ද, මන්ත්රවලින්ද යුක්තවූ යම් බ්රාහ්මණ කෙනෙක් වෙද්ද, ඉතා ප්රියශීලීවූ ඔව්හු මේ ලෝකයෙහි ක්ෂෙත්රවෙත්යයි කීයේය.
ජාති මදයද අධික මානය ඇති බවද ලෝභයද ද්වේෂයද මදයද මෝහයද මේ සියලු අගුණයෝ යමෙකුන් කෙරෙහි පවතිද්ද, ඔව්හු මේ ලෝකයෙහි අප්රිය ස්වභාව ඇත්තාවූ ක්ෂෙත්රයෝ වෙත්.
ජාති මානයද අධික මාන්නය ඇතිබවද ලෝභයද ද්වේෂයද මදයද මෝහයද යන මේ සියලු අගුණයෝ යමෙකුන් කෙරෙහි නොවෙද්ද, ඔව්හු මේ ලෝකයෙහි ඉතා ප්රිය ස්වභාව ඇත්තාවූ ක්ෂෙත්රයෝ වෙත්.
මේ දොරටුවල සිටියාවූ උපජොතියාද උපඤ්ජායයාද තවද භණ්ඩ කුච්ඡියාද යන දොරටු පාලයෝ කොයි ගියාහුද, මොහුට දඬුවම්ද වධද දී ගෙලෙහි අල්වාගෙණ මේ චණ්ඩාලයා ඇද දමව්යයි.
මානවකය, යම්බඳුවූ නුඹ ඍෂිහට පරිභව කෙරෙහිද, ඒ නුඹ නියෙන් පර්වතය සාරන්නෙහිය දතින් යකඩය කන්නෙහිය ගිනි ගිලින්ට උත්සාහ කරන්නෙහිය.
සත්යවූ පරාක්රම ඇති මාතංග ඍෂිතෙම මේ වචනය කියා බමුණන් බලා සිටියදීම අහසෙහි නැග ගියේය.
හිස පිටුපසට පෙරලනලදී. කිසිවක් නොකොට හැකිපරිදි අතද දිගහරියි. මළහුගේ මෙන් ඇස් සුදුවන්වූහ. කවරෙක් නම් මාගේ මේ පුතුට මෙසේ කෙළේදැයි.
අපිරිසුදු වස්ත්ර දරන්නාවූ ලාමකවූ පංශු පිශාචකයෙකු මෙන් කශලගොඩ තිබී ගත් වස්ත්රයක් බොටුව සිට පෙරවාගෙණ ශ්රමණයෙක් මෙහි ආවේය. හෙතෙම ඔබගේ මේ පුතුට මෙසේ කෙළේයයි.
එම්බා මානවකයෙනි, බොහෝ ප්රඥා ඇත්තාවූ ඒ ශ්රමණයන් වහන්සේ කවර දිශාවකට ගියේදැයි මේ කාරණය මට කියව්. ඔහුගේ සමීපයට ගොස් ඒ වරදට පිළියම් කරන්නෙමු. පුත්රයාගේ ජීවිතය ලබන්නෙමු නම්, ඒ ඉතායෙහෙකැයි කීය.
බොහෝ ප්රඥා ඇත්තාවූ උන්වහන්සේ ආකාශ පථ නම් මාර්ගයාගේ මැද සිටියාවූ පසළොස්වක්හි සඳ මෙන් අහසට නැග ගියේය. තවද සත්යවූ ප්රතිඥා ඇති යහපත් ස්වභාව ඇති ඒ ඍෂිතෙම නැගෙණහිර දිශාවට ගියේයයි එහි සිටි මානවකයෝ කීහ.