1755. “අන්යයාගේ සියලු ලොකු කුඩා වරද නොදැක තෙමේ කල්පනා නොකොට අධිපතිතෙම දඬුවම නොපනවන්නේය.
1756. “යම් ක්ෂත්රියයෙක් තෙම කල්පනා නොකොට යමෙකුට දඬුවම් කෙරේද, හෙතෙම කටුසහිත භෝජනය ගිලින්නේ නම්වේ. ජාත්යන්ධයෙකුමෙන් මැස්සන් සහිත භෝජනය අනුභව කරන්නේ නම් වේ.
1757. “යමෙක් තෙම දඬුවම් නොකටයුත්තාට දඬුවම් කෙරේද, දඬුවම් කටයුත්තාට දඬුවම් නොකෙරේද, හෙතෙම විෂමවූ මාර්ගයට පැමිණි අන්ධයෙකු මෙන් සම නොසම දෙක නොදනියි
1758. “යමෙක් තෙම මේ කරුණු දැන ලොකු කුඩා සියලු වරද මනාකොට දැක අනුශාසනාකරන්නේද, ඒ රජතෙම රාජ්යානුශාසනා කරන්ට සුදුසුවේ.
1759. “ඒකාන්ත මෘදු භාවයෙන්ද ඒකාන්ත තියුණු භාවයෙන්ද තමා මහත් බැව්හි තබවන්ට නොහැක්කේය. එහෙයින් කායාදී ව්යපසමයෙහි හැසිරෙන්නේය.
1760. “යම් රජෙක් වැසියන් විසින් මඩනලද්දේ මෘදු සිත් ඇත්තේවේද, නොඉවසන සුළුවූයේ වෛරීන් ඇත්තේ වේද, එහෙයින් මේ කාරණා දෙක දැන මෘදු තියුණු භාවයන්ට මැදහත්ව හැසිරෙන්නේය.
1761. “රාගයෙන් රත්වූ තැනැත්තේ බොහෝවූද කරුණු කියන්නේය. ද්වේෂයෙන් දුෂ්ටවූ තැනැත්තේද බොහෝ කියන්නේය. මහරජ, ස්ත්රිය කරණකොට ගෙණ පුත්රයා නසන්ට සුදුසු නොවේ.
1762. “සියලු ලෝවැසිතෙම එක් පක්ෂයක් වූයේය. මේ ස්ත්රීතොමෝ තනිවූවාය. එහෙයින් මම මෑගේ වචනය පිළිපදින්නෙමි. යව් ඔහු ප්රපාතයෙහි බහාලව්යයි කීයේය.
1763. “නොයෙක් තල්ගස් පමණ ඇති ගැඹුරුවූ එතරවන්ට ඉතා දුෂ්කරවූ නරකයක් වැනිවූ පර්වත දුර්ගයෙහි හෙළනලද නුඹ වහන්සේ කුමකින් නොමළේද,
1764. “ඒ ප්රපාතයේ හටගත් බල ඇති ශක්තිමත්වූ පර්වත සමප්රදෙශයෙහි උපන්නාවූ නාගතෙම මා භොගයෙන් පිළිගත්තේය. එහෙයින් මම එහි නොමළෙමි.
1765. “රාජපුත්රය, එව, නුඹ ස්වකීය ගෘහයට ගෙණ යන්නෙමි. පින්වත, රාජ්යය කරව, වනයෙහි කුමක් කරන්නෙහිද,
1766. “යම්සේ බිළියක් ගිල ලේ සහිතව උදුරන්නේද, වමාරා දමා සුවපත් වන්නේද, එසේ සුවපත්වූ ආත්මය දකිමි.
1767. “නුඹ කුමක් බිලියයයි කීයෙහිද, නුඹ ලේ සහිතයයි කුමක් කීයෙහිද, නුඹ කුමක් උදුරණ ලදයයි කීයෙහිද, විචාරණලද මට කියව,
1768. “මම කාමයෝ බිලිය යයි කියමි. ලේ සහිතයයි හස්ති අශ්වයන් කියමි. මම හැරදමනලද්ද උදුරණ ලද්දයයි කියමි. ක්ෂත්රියය, මෙසේ දැන ගණුව.
1769. “මව්තොමෝ චිඤ්ච මානවිකාවූවාය. මාගේ පිය රජතෙම දෙවදත්තවූයේය. නුවනැත්තාවූ නාගතෙම ආනන්ද නම් වීය. දිව්ය පුත්රතෙම සාරීපුත්ර නම්විය රාජපුත්රතෙම මමවීමි. මෙසේ ජාතකය දරාගණිව්.”
9. මහාපදුමජාතකං.