1770. “කවර කර්මයන් කරන්නාවූ නුවණැත්තාවූ පණ්ඩිතතෙම දැකද අසාද සතුරා යම්සේ දැනගන්නේද, එපරිද්දෙන් නුවණැත්තේ කෙසේ උත්සාහ කරන්නේද,
1771. “ඒ මිත්ර ප්රතිරූපකයා දැක සිනාවක් නොකෙරේ. ඔහුට සතුටුනොවේ. ඔහුට ඇස් දල්වා බැල්මක් නොදේ. ඔහුගේ කථාවට විරුද්ධවද සිටියි.
1772. “ඒ මිත්ර ප්රතිරූපකයාගේ සතුරන් සේවනය කෙරේ. ඔහුගේ මිතුරන් සේවනය නොකෙරේ. ගුණ කියනු කැමැත්තන් වළක්වයි. ආක්රොෂ කරන්නවුන්ට ප්රශංසා කෙරෙයි.
1773. “ඔහුට සැඟවියයුත්ත නොකියයි. ඔහුගේ සැඟවිය යුත්ත නොසඟවයි. ඔහුගේ කර්මාන්තය වර්ණනා නොකරයි. ඔහුගේ ප්රඥාවට ප්රශංසා නොකරයි.
1774. “ඔහුගේ අනභිවෘද්ධියෙහි සතුටුවෙයි. ඔහුගේ අභිවෘද්ධියෙහි නොසතුටුවෙයි. ආශ්චර්ය්යවූ භෝජනයක් ලැබ ඔහු ගැන සිහියක් නූපදියි. එයින් ඔහුට අනුකම්පා නොකෙරෙයි. නොසතුටෙක්ද මෙයින් ලබන්නේය.
1775. “මෙසේ පණ්ඩිත තෙම යමකින් සතුරා දැකද අසාද දැනගන්නේද, මේ සොළොස් ආකාරයෝ සතුරා කෙරෙහි පිහිටියාහුය.
1776. “කවර කර්මයන් කරන්නහු දැකද අසාද නුවණැති පණ්ඩිතතෙම මිත්රයා දැනගන්නේද, නුවණැත්තේ කෙසේ උත්සාහ කරන්නේද,
1777. “ඔහුගේ නොරට ගියාවූ මිත්රයා සිහි කරයි. ආවහු දැක සතුටුවෙයි. ඉක්බිති මමත්වය කරන්නේවෙයි. වචනයෙන් සතුටු වන්නේය.
1778. “ඔහුගේ මිත්රයන්ම සේවනය කෙරේ. ඔහුගේ සතුරන් සේවනය නොකෙරේ. ආක්රොෂ කරන්නවුන් වලක්වයි. ගුණ කියනු කැමැත්තවුන්ට ප්රශංසාකරයි.
1779. “ඔහුට සැඟවිය යුත්තද කියයි. ඔහුගේ සැඟවිය යුත්තාද සඟවයි ඔහුගේ කර්මාන්තද වර්ණනා කරයි. ඔහුගේ ප්රඥාවටද පසසයි.
1780. “ඔහුගේ අභිවෘද්ධියෙහි සතුටුවෙයි. ඔහුගේ අනභිවෘද්ධියෙහි නොසතුටුවෙයි. ආශ්චර්ය්යවූ භෝජනයක් ලැබ ඔහුට දෙන්නෙමියි සිහිය උපදියි. එයින් ඔහුට අනුකම්පා කෙරෙයි. සතුටක්ද මෙයින් ලබන්නේය.
1781. “මෙසේ පණ්ඩිත තෙම යමකින් මිත්රයා දැකද අසාද මනාව දැන ගන්නේද, මේ සොළොස් ආකාරයෝ මිතුරා කෙරෙහි පිහිටියාහුය.”
10. මිත්තාමිත්තජාතකං.
ද්වාදසකනිපාතං නිට්ඨිතං.
එහි උද්දානය:
ලහුචිත්ත, සාසාල, කසන්ති, නැවත අථ කාම, දසබලුට්ඨාන, වරො, අථ කණ්හ, සුකොසිය, මෙණ්ඩවරො, පදුමො සහ මිත්තවාරයෙන් දසයයි.