1743. යමෙකුට මේ ලෝකයේ කවදාවත් සත් පියවරක් පමණවත් මිතුරුකමක් නොවීද, උපන් සතුරන් වූ ඒ දෙදෙනා යහළුවන් වී හැසිරෙති. ඊට හේතු කිම?
1744. ඉදින් අද උදය ආහාර වේලාවෙහි මට මේ පැනය විසඳන්නට නොහැකි වුවහොත්, තොප සියල්ලන් රටින් නෙරපන්නෙමි. දුෂ්ප්රඥ ජාතිකයින්ගෙන් මට පලක් නැත.
1745. ඝෝර වූ මහාජන සමාගමයෙහි, ජනයාගේ කෝලාහලය හටගත් කල්හි, වික්ෂිප්ත වූ සිත් ඇත්තාහු, නොයෙක් සිතිවිලි ඇත්තාහු, අපි මේ පැනය කියන්නට නොහැක්කෙමු.
1746. ජනින්දය, එකඟ වූ සිත් ඇත්තාහු, එකිනෙකා රහසිගතව, අර්ථය සිතා, විවේක ස්ථානයක මනාව විමසා, ඉක්බිති ධීරයෝ මේ අර්ථය කියන්නාහුය.
1747. උග්ග පුත්රයන්ට සහ රාජ පුත්රිකාවන්ට එළුවාගේ මස් ප්රිය මනාප ය. ඔවුහු ඒ මස් බල්ලාට නොදෙති. එහෙත් එළුවාට දෙති. (බල්ලාගේ) ඒ එළුවා සමඟ ඇති මිතුරුකම අසව.
1748. අශ්වයාගේ පිට ඇතිරීමෙහි සුවය සඳහා එළුවාගේ සම් ගසති. එය බල්ලාට නොඅතුරති. එහෙත් එළුවාට (අතුරති). (බල්ලාගේ) ඒ එළුවා සමඟ ඇති මිතුරුකම අසව.
1749. එළුවා ඇඹරුණු අං ඇත්තෙකි. බල්ලාට අං නැත. (එළුවා) තණ කන්නෙකි. (බල්ලා) මස් කන්නෙකි. එහෙත් ඒ බල්ලාගේ එළුවා සමඟ මිතුරුකම අසව.
1750. එළුවා තණ කන්නෙකි, කොළ කන්නෙකි. බල්ලා තණ කන්නෙක් නොවේ, කොළ කන්නෙක් නොවේ. බල්ලා හාවාද බළලාද අල්ලා ගනී. එහෙත් ඒ බල්ලාගේ එළුවා සමඟ මිතුරුකම අසව.
1751. අටක් අඩ පා ඇති (සිව්පා ඇති), අටක් නිය ඇති, නොපෙනෙන, මේ (එළුවා) මොහුට (බල්ලාට) වසාගෙන (ආහාර) ගෙනෙයි. මොහු (බල්ලා) අර (එළුවාට) මස් ගෙනෙයි.
1752. ප්රාසාදයට ගිය විදේහ රජතෙම අන්යොන්ය භෝජනයන්ගේ මාරු කර ගැනීම ඇසින් දුටුවේය. බඩගිනි ඇත්තාගේද (බල්ලාගේද), කට පිරුණු එකාගේද (එළුවාගේද) මෙය (මිත්රත්වය) ජනින්දයා දුටුවේය.
1753. යම් හෙයකින් මාගේ කුලයෙහි මෙබඳු පණ්ඩිතයෝ වෙත්ද, මට ඒකාන්තයෙන් මහත් ලාභයකි. ධීරයෝ සුභාෂිතයෙන් ගැඹුරට ගිය නිපුණ අර්ථය පසසති (විසඳති).
1754. තොප සියලු පණ්ඩිතයන්ට වෙළඹුන් යෙදූ රථය බැගින්ද, එක එක ධනවත් ගම්වර බැගින්ද දෙමි. (මම) සුභාෂිතයෙන් ඉතා සතුටු සිත් ඇත්තෙමි.
8. මෙණ්ඩකපඤ්හජාතකං.
1755. “අන්යයාගේ සියලු ලොකු කුඩා වරද නොදැක තෙමේ කල්පනා නොකොට අධිපතිතෙම දඬුවම නොපනවන්නේය.
1756. “යම් ක්ෂත්රියයෙක් තෙම කල්පනා නොකොට යමෙකුට දඬුවම් කෙරේද, හෙතෙම කටුසහිත භෝජනය ගිලින්නේ නම්වේ. ජාත්යන්ධයෙකුමෙන් මැස්සන් සහිත භෝජනය අනුභව කරන්නේ නම් වේ.
1757. “යමෙක් තෙම දඬුවම් නොකටයුත්තාට දඬුවම් කෙරේද, දඬුවම් කටයුත්තාට දඬුවම් නොකෙරේද, හෙතෙම විෂමවූ මාර්ගයට පැමිණි අන්ධයෙකු මෙන් සම නොසම දෙක නොදනියි
1758. “යමෙක් තෙම මේ කරුණු දැන ලොකු කුඩා සියලු වරද මනාකොට දැක අනුශාසනාකරන්නේද, ඒ රජතෙම රාජ්යානුශාසනා කරන්ට සුදුසුවේ.
1759. “ඒකාන්ත මෘදු භාවයෙන්ද ඒකාන්ත තියුණු භාවයෙන්ද තමා මහත් බැව්හි තබවන්ට නොහැක්කේය. එහෙයින් කායාදී ව්යපසමයෙහි හැසිරෙන්නේය.