1. 2. 4.
4. අවිජ්ජානීවරණ සූත්රය
14. මෙය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, යම් නීවරණයකින් වැසුනාවූ සත්වයෝ දීර්ඝකාලයක් මුලුල්ලෙහි සර්වප්රකාරයෙන් දුවද්ද, සැරිසරද්ද මහණෙනි, මේ අවිද්යා නීවරණය යම්සේද, (මින්) අන්යවූ එකනීවරණයකුදු මම නොමදකිමි. මහණෙනි, අවිද්යානීවරණයෙන් වැසුණු සත්වයෝ බොහෝකලක් (සසර) නැවත නැවත දුවති, සැරිසරති’යි.
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “යම් නීවරණයකින් සත්වයෝ මෙසේ වැසුණාහුද, යම් ප්රකාරයකින් මෝහයෙන් වැසුණාවූ (සත්වයෝ) රෑ දාවල්හි සසර සැරිසරද්ද, එබඳු මෙයින් අනාථවූ එකද ස්වභාවයෙක් (නීවරණයක්) නැත්තේමය.
3. “යම් (“ආර්යශ්රාවක) කෙනෙක් වනාහි මෝහය පහකොට මෝහ නමැති අඳුරු රැස ගැසුවාහුද, ඔහු තුමූ නැවත සසර) සැරිනොසරති. ඔවුන්ගේ (සැරිසැරීමට මුල්) කාරණයක් වේද, නැත්තේ යයි
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
1. 2. 5.
5. තණ්හාසඤ්ඤොජන සූත්රය
15. මෙය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, මේ සංයෝජනයකින් (බැම්මකින්) බැඳුණු සත්වයෝ බොහො කලක් මුලුල්ලෙහි (සසර ඔබිනොබ) දුවද්ද, සැරිසරද්ද, මහණෙනි, මේ තෘෂ්ණා සංයෝජනය යම්සේද, (එබඳු) අන් එක සංයෝජනයකුදු මම නොම දකිමි. “මහණෙනි, තෘෂ්ණා බන්ධනයෙන් බැඳුණු සත්වයෝ වනාහි බොහෝ කලක් මුලුල්ලෙහි දුවත්, හැසිරෙත්යයි”
“මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “බොහෝ කලක් මුලුල්ලෙහි සැරිසරන්නාවූ සත්වතෙමේ තෘෂ්ණාව යහළුකොට ඇත්තේය. මේ මිනිසත්බවද වර්තමාන ආත්මභාවය හා අනාගතාත්මභාවයද එබඳු අන්යාත්මභාවයද ඇත්තාවූ සසර නොඉක්මවයි.
3. “මෙසේ දුඃඛයට මූලකාරණයවූ තෘෂ්ණාව දෝෂ වශයෙන් දැන (නොහොත්) සසර නොඉක්මවන දෝෂය දැන තෘෂ්ණාවද සසර දුකට ප්රමාණ කාරණයයි දැන පහවූ තෘෂ්ණාව ඇත්තාවූ මතු ප්රතිසන්ධිය නොගන්නාවූ සිහි ඇත්තාවූ භික්ෂුතෙම පිරිනිවන් පාන්නේයයි”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
1. 2. 6.
6. බහුපකාර මනසිකාර සූත්රය
16. මෙය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, මේ නුවණින් මෙනෙහි කිරීම යම් ප්රකාරයකින්වේද, මහණෙනි, නොපැමිණි අර්හත්ඵලය ඇත්තාවූ ශ්රේෂ්ඨවූ නිර්භයවූ (අර්හත් ඵලය) පතමින් වසන්නාවූ ශෛක්ෂ (මතුමාර්ග ඵලයන් පිණිස හික්මෙන්නාවූ සෝවාන්) මහණහට මෙසේ බොහෝ උපකාරවූ තමාගේ සන්තානයෙහි උපන් කාරණයයි. මෙසේ කොට අන් එකද කාරණයක් නොම දකිමි. මහණෙනි, නුවණින් මෙනෙහි කරණු යේ අකුසල් පහ කෙරෙයි, කුසල් වඩායයි.”
භාග්යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක. එහි මේ කරුණ මෙසේ කියනු ලැබේ.
2. “ශෛක්ෂ භික්ෂුවට උතුම් රහත්බවට පැමිණීම පිණිස නුවණින් මෙනෙහි කිරීම බොහෝ උපකාරවූ ස්වභාව ධර්මයෙකි. එසේ (උපකාරවූ) අනික් ධර්මයෙක් නැත. නුවණින් වීර්යය කරන්නාවූ මහණතෙම දුක් ක්ෂය කිරීමවූ නිවණට පැමිණෙන්නේයයි”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.