2. බහුපකාර වර්ගය
1. 2. 1.
1. මොහානභිජානන සූත්රය
11. මෙය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, (අරමුණු වල) මුළාවන ස්වභාවය විශේෂයෙන් නොදන්නේ පිරිසිඳ නොදන්නේ එහි සිත අලවන්නේ පහනොකරන්නේ දුඃඛ ක්ෂය යයි කියන ලද නිර්වාණය පිණිස අසමර්ථ වේ. “මහණෙනි, මෝහයද විශේෂයෙන් දන්නේම පිරිසිඳ දන්නේ එහි සිත නොඅලවන්නේ පහ කරන්නේ දුඃඛ ක්ෂය යයි කියන ලද නිවනට (පැමිණීම පිණිස) සමර්ථවේ”යයි.
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. ඒ සූත්රයෙහි මේ (ගාථා බන්ධනය) මෙසේ කියනු ලැබේ.
2. “යම් මෝහයකින් මුළාවූ සත්වයෝ දුගතියට යෙද්ද, පණ්ඩිතයෝ ඒ මෝහය මනාව දැන පහකරත්. පහකොට කිසිකලෙකත් මේ (කාම) ලෝකයට නැවත (ඉපදීම් වශයෙන්) නොපැමිණෙතියි”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
1. 2. 2.
2. කොධානභිජානන සූත්රය
12. මෙය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, ක්රෝධය විශේෂයෙන් නොදන්නේ පිරිසිඳ නොදන්නේ එහි සිත අලවන්නේ පහනොකරන්නේ නිර්වාණයට අසමර්ථ වේ. “මහණෙනි, ක්රෝධයද විශේෂයෙන් දන්නේම පිරිසිඳ දන්නේම එහි සිත නොඅලවන්නේම පහකරන්නේ නිර්වාණයට සමර්ථ වේයයි”
මේ අරුත භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “යම් ක්රෝධයකින් සිටියාවූ සත්වයෝ දුගතියට යෙද්ද, පණ්ඩිතයෝ ඒ ක්රෝධය මනාකොට දැන පහකෙරෙත්. පහකොට කිසිකලෙකත් මේ (කාම) ලෝකයට (ඉපදීම් වශයෙන්) නොපැමිණෙතියි”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
1. 2. 3.
3. මක්ඛානභිජානන සූත්රය
13. මෙය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, (අනුන්ගේ) ගුණමැකීම විශේෂයෙන් නොදන්නේ පිරිසිඳ නොදන්නේ එහි සිත අලවන්නේ පහ නොකරන්නේ නිවණට අසමර්ථවේ, “මහණෙනි, (අනුන්ගේ) ගුණ මැකීමද, විශේෂයෙන් දන්නේ පිරිසිඳ දන්නේ එහි සිත නොඅලවන්නේ පහකරන්නේ නිවනට සමර්ථවේ යයි.
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “යම් (අනුන්ගේ) ගුණ මැකීමකින් මකුවූ සත්වයෝ දුගතියට යෙද්ද, නුවණැත්තෝ ඒ ගුණ මකන (ස්වභාවය) මනාකොට දැන දුරුකරත්, පහකොට මේ (කාම) ලෝකයට නැවත කිසිකලෙකත් (ඉපදීම් වශයෙන්) නොපැමිණෙත් යයි.
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
1. 2. 4.
4. අවිජ්ජානීවරණ සූත්රය
14. මෙය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, යම් නීවරණයකින් වැසුනාවූ සත්වයෝ දීර්ඝකාලයක් මුලුල්ලෙහි සර්වප්රකාරයෙන් දුවද්ද, සැරිසරද්ද මහණෙනි, මේ අවිද්යා නීවරණය යම්සේද, (මින්) අන්යවූ එකනීවරණයකුදු මම නොමදකිමි. මහණෙනි, අවිද්යානීවරණයෙන් වැසුණු සත්වයෝ බොහෝකලක් (සසර) නැවත නැවත දුවති, සැරිසරති’යි.
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “යම් නීවරණයකින් සත්වයෝ මෙසේ වැසුණාහුද, යම් ප්රකාරයකින් මෝහයෙන් වැසුණාවූ (සත්වයෝ) රෑ දාවල්හි සසර සැරිසරද්ද, එබඳු මෙයින් අනාථවූ එකද ස්වභාවයෙක් (නීවරණයක්) නැත්තේමය.
3. “යම් (“ආර්යශ්රාවක) කෙනෙක් වනාහි මෝහය පහකොට මෝහ නමැති අඳුරු රැස ගැසුවාහුද, ඔහු තුමූ නැවත සසර) සැරිනොසරති. ඔවුන්ගේ (සැරිසැරීමට මුල්) කාරණයක් වේද, නැත්තේ යයි
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.