22. කකුසන්ධ බුද්ධවංසො
1. වෙස්සභූ නම් බුදුරදුන්ට පසු කාලයෙහි දෙපා ඇති සතුන්ට (දෙවි මිනිසුන්ට) උතුම්වූ, අපමණ ගුණ ඇති, (සතුරන්ට) ළංවිය නොහැකි, නම්න් “කකුසඳ” නම්වූ බුදුරජතෙම
2. පාරමිතා පිරීමෙහි පරතෙරට ගියේ, සිංහ රාජයෙක් මැදිරිය (කූඩුව) බිඳ, සියලු නවවිධ භවය උගුලුවා උතුම් සම්බෝධියට පැමිණි සේක.
3. කකුසඳ ලෝනාහිමිඳුන් දම්සක් පවත්වන කල්හි කෝටි සතලිස් දහසක් දෙනෙකුන්ට පළමු ධර්මාවබෝධය වී.
4. අන්තලික්ඛයයි කියන ලද අහසෙහි යුගල යුගල කොට, විකුවර්‍ණ ඎද්‍ධිය කොට, දෙවි මිනිසුන් කෝටි තිස් දහසක් දෙනෙකුන්ට (දෙවන සිවුසස්) අවබෝධය කරවී.
5. “නරදේව” නම් යකුහට සිවුසස් වදාළ කල්හි උන්වහන්සේගේ ධර්මාවබෝධය (ලද්දෝ) ගණනින් අසංඛ්‍යයකි.
6. කකුසඳ භාග්‍යවතුන් වහන්සේට, තාදී ගුණ ඇති, සන්සුන් සිත් ඇති, රාගාදී කිලිටු නැතිකළ රහතුන්ගේ එකම (රැස්වීමක්) විය.
7. ඒ කාලයෙහි ආසව ආදී සතුරු සමූහයා නැතිකිරීමෙන් දැමුනු බවට පැමිණි සතලිස් දහසක් භික්‍ෂූන්ගේ (රැස්වීම) වී.
8. මම ඒ කාලයෙහි “ඛෙම” නම් රජෙක් වීමි. තථාගතයන් වහන්සේටද, ජින පුත්‍රයන් (භික්‍ෂූන්)ටද බොහෝවූ දන් දී,
9. පාත්‍රයක්ද, සිවුරක්ද, අඳුන්ද, වැල්මීද, යන ආදී දෑ දී (පුදා) කැමතිවන ලද ඒ මේ උතුම් සියල්ලද පිළියෙළකොට දුනිමි.
10. ලෝනාහිමිවූ ඒ කකුසඳ මුනි සඳුද, “මෙතෙම මේ භද්‍ර කල්පයෙහි බුදුවන්නේය” යි මා ගැන ප්‍රකාශයක් කළ සේක.
11. ඒ තථාගත තෙම ඒ දිනයෙහි මනරම් කිඹුල්වත් නුවරින් නික්ම, බුදුවීමට උත්සාහකොට, දුෂ්කර ක්‍රියාද කොට,
12. ඉක්බිති ඒ තථාගත තෙම අජපල් නුගරුක මුලෙහි හිඳ, එහිදී කිරිබත පිළිගෙන, නෙරංජරාවට එළඹෙයි.
13. නැවත ඒ ජිනරාජතෙම නෙරංජරා නදී තීරයෙහිදී කිරිබත වළඳයි. ඉක්බිති දෙවියන් විසින් පිළියෙළ කළ උතුම් මගින් බෝගස කරා එළඹෙයි.
14. මහා යසස් ඇති ගෞතම නරදෙටු තෙම ඊට පසු උතුම් බෝමැඩ පැදකුණුකොට ඇසතු ගස මුලදී බුදුබව අවබෝධ කර ගන්නේයි.
15. “මොහුගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නීය. පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
16. “කෝලිත” ද, “උපතිස්ස” ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. “ආනන්‍ද” නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
17. “ඛෙමා” ද, “උප්පලවණ්ණා” ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
18. “චිත්තා” ද, “හත්‍ථාලක” ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. “නන්‍දමාතා” ද, “උත්තරා” ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.”
19. අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,
20. දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.
21. “ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.
22. “යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,