20. සිඛී බුද්ධවංසො
1. විපස්සී බුදුරජුන්ට පසු කාලයෙහි සම්බුදුවූ, දෙපා ඇති සතුන්ට උතුම්වූ, අසමවූ, සමාන පුද්ගලයෙකු නැති “සිඛී” නම් ජිනරාජතෙම වී.
2. මරසෙන් පරදවා, උතුම් බුදුබවට පැමිණි සේක්, සත්ත්වයන්ට අනුකම්පාකොට දම්සක් පැවැත්වූ සේක.
3. සිඛී මුනි සඳුන් දම්සක් පවත්නා කල්හි කෝටි සියක් දහසක් දෙනෙකුන්ට පළමු ධර්මාවබෝධය වී.
4. නැවතද මිනිසුන්ට උතුම්වූ ගණදෙටු (සිඛී) බුදුරජුන් දම් දෙසන කල්හි කෝටි දහසක් දෙනෙකුන්ට දෙවන ධර්මාවබෝධය වී.
5. දෙවියන් සහිත ලෝකයාට යමාමහ පෙළහර දක්වන කල්හි කෝටි අසූ දහසක් දෙනෙකුන්ට තුන්වන ධර්මාවබෝධය වී.
6. මහර්ෂීවූ සිඛී බුදුරජුන්ටද, තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති, කෙලෙස් කිලිටු නැතිකළ රහතුන් වහන්සේලාගේ සන්නිපාත (රැස්වීම්) තුණක් වූහ.
7. ලක්ෂයක් භික්ෂූන්ගේ පළමු රැස්වීම වී. අසූ ලක්ෂයක් භික්ෂූන්ගේ දෙවන රැස්වීම වී.
8. ජලයෙහි වැඩෙන ලද පියුමක් මෙන් නොතැවරුනාවූ සැත්තෑ දහසක් භික්ෂූන්ගේ තුන්වන සමාගමය වී.
9. මම ඒ කාලයෙහි “අරින්දම” නම් රජව බුදුපාමොක් සඟන ආහාර පානයෙන් වැළඳවූයෙමි.
10. මම බොහෝ උතුම් පිළිද, අපමණ පිළි සහල්ද පූජාකොට, සරසන ලද ඇත් යානයක් බුදුරජුන්ට පිදුවෙමි.
11. ඇත් යානය අගයකොට (සඟනට) කැප බඩු පිරිනැමූයෙමි. මගේ සිත සතුටින් නිතර දැඩිකොට එළඹ සිටී.
12. ලොවග නාහිමිවූ ඒ සිඛී බුදුරජතෙමේද, “මේ (අරින්දව රජ) තෙම මෙයින් තිස් එක්වන කපෙහි බුදුවන්නේය” යි මා ගැණ ප්රකාශයක් කළ සේක.
13. රම්යවූ කිඹුල්වත්පුරයෙන් නික්ම තථාගත තෙමේ ප්රධාන වීර්ය්යය වඩා දුෂ්කර ක්රියාවන් කොට,
14. තථාගත තෙමේ අජපාල නුගරුක මුල හිඳ, එහිදී කිරිබත් පිළිගෙන නේරඤ්ජරා ගං තෙරට එළඹෙන්නේය.
15. ඒ ජින තෙමේ නේරඤ්ජරා ගං තෙරදී කිරිබත් වළඳා සැරසූ උතුම් මගින් බෝමැඩ වෙත එළඹෙන්නේය.
16. ඉක්බිති උතුම්වූ මහත් යසස් ඇති ඒ මුනි තෙමේ බෝමැඩ පැදකුණු කොට ඇසතු රුක මුලදී බුදුවන්නේය.
17. “මොහුගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නීය. පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
18. “කෝලිත” ද, “උපතිස්ස” ද යන අග්ර ශ්රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. “ආනන්ද” නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
19. “ඛෙමා” ද, “උප්පලවණ්ණා” ද යන අග්ර ශ්රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
20. “චිත්තා” ද, “හත්ථාලක” ද යන අග්ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. “නන්දමාතා” ද, “උත්තරා” ද යන අග්ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.”
21. අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,
22. දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.