70. පුප්ඵචඞ්ගොටියත්ථෙරාපදානං
“උත්තම ජන්මවත් අභීත ස්වභාවය ඇති කේශර සිංහ රාජයෙකු මෙන්ද, පක්ෂීන් අතුරෙහි ශ්රේෂ්ඨවූ ගුරුළෙකු මෙන්ද, උතුම් ව්යාඝ්රයෙකු මෙන්ද,
“කෙළෙස් රහිතවූ, පසු මරුන් දිනුවාවූ, ශ්රමණයනට අග්රවූ, භික්ෂු සංඝයා පරිවරා හුන් තිලොවට පිළිසරණවූ සිඛී බුදුරජාණන් වහන්සේ (දිටිමි).
“උතුම් කටුකරඬු මල් ගොටුවක තබා, ගොටුවද සමග (එම මල් බුදුරජුන් හට) පිදීමි.
“විපදෝත්තමවූ, නරශ්රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ කෙරෙහි එම චිත්ත ප්රසාදය කරණකොටගෙන ජය-පරාජය දෙකම හැර නිශ්චල ස්ථානයට (නිවණට) පැමිණියේ වෙමි.
“මින් තිස්වන කපෙහිවූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකයයි.
“තිස් කපක් සම්පූර්ණවූ කල්හි සත්රුවණින් යුත් දේවභූති නම් සක්විති රජවරු පස් දෙනෙක් වූහ.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵචඞ්ගොටිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පුප්ඵචඞ්ගොටියත්ථෙරස්ස අපදානං දසමං.
උද්දානං:
සකචින්තනිය ද, අවොපුප්ඵිය ද, පච්චාගමනිය ද, පරප්පසාදක ද, භිසදායක ද, සුචින්තිත ද, වත්ථදායක ද, අම්බදායක ද, සුමන ද, පුප්ඵචඞ්ගොටිය ද යන මේ ථෙරවරු වෙත්. ගාථාවන් එක් සැත්තෑවක් (මෙහි) වදාරන ලදී. ධර්මාර්ථ දර්ශීහු විසින් ගණන් බලන ලදී.
සකවිත්තනියවග්ගො සත්තමො.
8. නාගසමාල වග්ග
71. නාගසමාල ථේරාපදානය
1. “මම සියලු නගර වාසීන්ගේ වැඳුම් පිදුම් සඳහා නගර මැද වීථියෙහි සුණු ගඩොල් ආදියෙන් නිමවන ලද සිඛී බුදුරජුන්ගේ ස්ථූපයෙහි ආදර සහිතව පළොල් මලක් ගෙන තැබීමි.
2. “මින් එක් තිස්වන කපෙහිවූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදිනිම. ස්ථූප පූජාවෙහි මේ විපාකයයි.
3. “මින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති “භූමිය” නම් සක්විති රජෙක් විය.
4. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නාගසමාල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
නාගසමාලත්ථෙරස්සාපදානං පඨමං.
72. පදසඤ්ඤක ථේරාපදානය
5. “තිස්ස බුදුරජාණන් වහන්සේගේ තබන්නාවූ ශ්රී පාදය දැක සතුටුවූයේ සතුටු සිතින් ශ්රීපාදයෙහි සිත පැහැදවීමි.
6. “මින් දෙඅනූවන කපෙහිවූ යම් (ශ්රීපාද පිළිබඳ) සංඥාවක් ලැබීම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පද සංඥාවෙහි (සිරිපා සටහන් ගෙන එය පිදීමෙහි) මේ විපාකයයි.
7. “මින් සත්වන කපෙහි සත්රුවණින් යුත් මහත් බල ඇති සුමේධ නම් සක්විති රජෙක් විය.
8. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පදසඤ්ඤකත්ථෙරස්සාපදානං දුතියං.