553. ගයාකස්සප තෙරුන්ගේ අපදානය
එකල්හි මම අඳුන් දිවි සම් දරන්නෙක්ව, කදක් කර තබා ගත්තෙක් වීමි. කද බිම තබා දඹ (කෝල) ඵල මාගේ අසපුවට ගෙනාවෙමි.
එකල්හි ඒ භාග්යවත් ජිනයන් වහන්සේ, තනිවම දෙවැන්නෙකු නැතිව, සියලු කල්හි බබළමින් මාගේ අසපුවට වැඩි සේක.
තම සිත පහදවාගෙන, මනා වත් පිළිවෙත් ඇති බුදුරදුන් වැඳ, දෑතින්ම ඔසවා බුදුරදුන්ට දඹ (කෝල) ඵල පූජා කළෙමි.
මෙයින් එක්තිස්වන කල්පයෙහි යම් ඵලයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ දඹ (කෝල) ඵල දානයෙහි ඵලයයි.
මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ මුලිනුපුටා දමන ලදහ. ඇතුකු මෙන් බැඳීම් සිඳ දමා ආශ්රව රහිතව වාසය කරමි.
බුදුරජාණන් වහන්සේ සමීපයට මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යාවෝ ලබන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව්පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙසේ ආයුෂ්මත් ගයාකස්සප තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තුන්වන ගයාකස්සප තෙරුන්ගේ අපදානයයි.
554. කිම්බිල තෙරුන්ගේ අපදානය
කකුසඳ බුදුරදුන් පිරිනිවන් පෑ කල්හි, වසී ගුණ ඇති ඒ බ්රාහ්මණයා (බුදුරදුන්) විෂයෙහි, සලල මල් ගෙන මම මණ්ඩපයක් කරවූයෙමි.
තව්තිසාවට ගියෙමි. උතුම් විමානයක් ලැබුවෙමි. අන් දෙවියන්ට වඩා බබළමි. මෙය පුණ්ය කර්මයේ ඵලයයි.
දවාලෙහි හෝ රාත්රියෙහි හෝ සක්මන් කරන්නා වූ ද සිටින්නා වූ ද මා හට සලල මල්වලින් සෙවනැල්ලක් වේ. මෙය පුණ්ය කර්මයේ ඵලයයි.
මේ කල්පයෙහිම යම් බුද්ධ පූජාවක් කළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ බුද්ධ පූජාවෙහි ඵලයයි.
මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ මුලිනුපුටා දමන ලදහ. ඇතුකු මෙන් බැඳීම් සිඳ දමා ආශ්රව රහිතව වාසය කරමි.
බුදුරජාණන් වහන්සේ සමීපයට මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යාවෝ ලබන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව්පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙසේ ආයුෂ්මත් කිම්බිල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සිව්වන කිම්බිල තෙරුන්ගේ අපදානයයි.