522. මඤ්චදායක ථේරාපදානය
13. “ලෝක ජ්‍යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති විපස්සී බුදුරජුන්හට මා විසින් පහන් සිතින් යුතුව සියතින්ම එක ඇඳක් දෙන ලදී.
14. “එම මඤ්චක දානය කරණකොටගෙන හස්ති යානද, අශ්ව යානද යන දිව්‍යමය යානයන් ලබමි. ආශ්‍රවක්‍ෂයටද පැමිණියේ වෙමි.
15. “මින් එක් අනුවන කපෙහි මම යම් මඤ්චක දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මඤ්චක දානයාගේ මේ විපාකයයි.
16. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
17. “ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මඤ්චදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මඤ්චදායකත්ථෙරස්සාපදානං දුතියං.
523. සරණ ගමනීය ථේරාපදානය
19. “එකල්හි ආජීවකයෙක් වූ මමද, භික්‍ෂුවක්ද නැවකට නැගුනෙමු. නැව බිඳෙන කල්හි භික්‍ෂුව මට සරණ දුන්නේය.
20. “මින් එක් අනූවන කපෙහි වූ එකල්හි ඒ භික්‍ෂු තෙම මට යම් සරණයක් දුන්නේද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මෙය සරණාගමණයෙහි විපාකයයි.
21. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
22. “ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සරණ ගමනීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සරණගමනියත්ථෙරස්සාපදානං තතියං.
524. අබභඤ්ජන දායක ථේරාපදානය
24. “මම බන්ධුමතී නගරයෙහි රජ උයනෙහි වසමි. එකල්හි මම දහම් කරකය (පැන් කෙණ්ඩිය) දරන්නාවූ සම් හඳින්නෙක් වීමි.
25. “(එහිදී) සියල්ල තෙමේම දත්තාවූ, පස් මරුන් ජයගත්තාවූ, වීර්‍ය්‍යයෙහි මෙහෙයූ සිත් ඇති, ධ්‍යාන කරන්නාවූ, ධ්‍යානයෙහි ඇළුනාවූ (පඤ්ච) වශීතාවන්ගෙන් යුක්තවූ, නිර්‍මලවූ බුදුරජුන් දුටිමි.
26. “සියළු අභිමතාර්ත්‍ථයන් සමෘද්‍ධ කළාවූ, චතුරෝඝයන් තරණය කළාවූ, ආශ්‍රව රහිතවූ (බුදුරජුන්) දැක මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ ඇඟ ගල්වන තෙලක් දුනිමි.
27. “මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් (අබ්භඤජන) ඇඟ ගල්වන තෙල් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. අබ්භඤ්ජන දානයාගේ මේ විපාකයයි.
28. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
29. “ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අබ්භඤ්ජන දායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අබ්භඤ්ජනදායකත්ථෙරස්සාපදානං චතුත්ථං.
525. සුපට දායක ථේරාපදානය
31. “විපස්සී බුදුරජතෙම දිවා විහරණයෙන් නික්මුණහ. මම (උන්වහන්සේ දැක) සැහැල්ලුවූ මනා වස්ත්‍රයක් දී කල්පයක් ස්වර්‍ගයෙහි සතුටුවීමි.
32. “මින් එක් අනූවන කපෙහි මනාවූ වස්ත්‍රයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මනාවූ වස්ත්‍ර දානයාගේ මේ විපාකයයි.
33. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
34. “ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.