514. කෙතක පුප්ඵිය ථේරාපදානය
“පුරුෂොත්තමවූ බුදුරජතෙම විනතා නදී තීරයෙහි වැඩහුන්නාහ. (මම) මැනවින් සන්සුන්වූ, එකඟවූ කෙළෙස් රජස් විරහිත බුදුරජුන් දුටිමි.
“එකල්හි මම මී සුවඳ වහනය වන වැටකෙයියා මලකින් පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ පිදීමි.
“මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
“ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්රිවිද්යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කෙතක පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කෙතකපුප්ඵියත්ථෙරස්සාපදානං චතුත්ථං.
515. නාගපුප්ඵිය ථේරාපදානය
“ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, ස්වර්ණවර්ණවූ, වීථියට පිළිපන්, සම්බුදුරජුන්හට නා මලක් පිදීමි.
“මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
“ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්රිවිද්යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නාගපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
නාගපුප්ඵියත්ථෙරස්සාපදානං පඤ්චමං.
516. අජ්ජුන පුප්ඵිය ථේරාපදානය
“එකල්හි (මම) චන්ද්රභාගා නදී තීරයෙහි කිඳුරෙක් වීමි. (එහිදී) කෙළෙස් රජස් විරහිත, සියල්ල තෙමේම දත්, පස්මරුන් දිනූ බුදුරජුන් දුටිමි.
“පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, හටගත් ප්රීති ඇත්තේ, කුඹුක් මලක් ගෙන බුදුරජුන් පිදීමි.
“මැනවින් කරන ලද කර්මය කරණකොටගෙනද, චිත්ත ප්රණිධීන් කරණකොටගෙනද මම කිඳුරු සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
“සතිස් වරක් දෙවෙන්ද්රව දිව්ය රාජ්යය කරවීමි. දස වරක් චක්රවර්ති මහා රාජ්යය කරවීමි.
“(කරවන ලද) මහත්වූ ප්රදේශ රාජ්යය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය. සර්වඥවූ මහා පින්කෙතෙහි මා විසින් වපුල බිජුවට ආශ්චර්ය්යයකි.
“මාගේ කුශලය (තවත්) විද්යමානවේ. අනගාර්ය්ය නම්වු සසුනෙහි පැවිදිවීමි. මම අද ශාක්යපුත්රවූ බුදුරජුන්ගේ සසුනෙහි පිදිය යුත්තෙක් වෙමි.
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
“ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්රිවිද්යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අජ්ජුන පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අජ්ජුනපුප්ඵියත්ථෙරස්සාපදානං ඡට්ඨං.