512. කපිත්‍ථඵලදායක ථේරාපදානය
“ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, ස්වර්‍ණවර්‍ණවූ, වීථියට පිළිපන්නාවූ බුදුරජුන් දැක ගිවුළුඵලයක් (දිවුල් ගෙඩියක්) දුනිමි.
“මින් එක් අනුවන කපෙහි වූ එකල්හි යම් (ගිවුළු) ඵලයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කපිත්‍ථඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කපිත්ථඵලදායකත්ථෙරස්සාපදානං දුතියං.
513. කොසුම්භඵල දායක ථේරාපදානය
“කුඹුක් රුකක් මෙන් බලන, දේවාතිදේවවූ, නරශ්‍රේෂ්ඨවූ, වීථියට පිළිපන් බුදුරජුන්හට කොසුම්භ ඵලයක් දුනිමි.
“මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයෙහි මේ විපාකයයි.
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කොසුම්භඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කොසම්බඵලියත්ථෙරස්සාපදානං තතියං.
514. කෙතක පුප්ඵිය ථේරාපදානය
“පුරුෂොත්තමවූ බුදුරජතෙම විනතා නදී තීරයෙහි වැඩහුන්නාහ. (මම) මැනවින් සන්සුන්වූ, එකඟවූ කෙළෙස් රජස් විරහිත බුදුරජුන් දුටිමි.
“එකල්හි මම මී සුවඳ වහනය වන වැටකෙයියා මලකින් පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ පිදීමි.
“මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කෙතක පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කෙතකපුප්ඵියත්ථෙරස්සාපදානං චතුත්ථං.
515. නාගපුප්ඵිය ථේරාපදානය
“ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, ස්වර්‍ණවර්‍ණවූ, වීථියට පිළිපන්, සම්බුදුරජුන්හට නා මලක් පිදීමි.