502. එකපත්ත දායක ථේරාපදානය
“මම හංසවතී නගරයෙහි කුම්භකාරයෙක් (කුඹලෙක්) වීමි. චතුරෝඝයන් තරණය කළාවූ, ආශ්රව රහිතවූ, කෙළෙස් රජස් විරහිත බුදුරජුන් දුටිමි.
“මම මැනවින් කරන ලද මැටි පාත්රයක් බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේට දුනිමි. (කාය වඞ්කාදියෙන් තොර බැවින්) ඎජුවූ තාදී ගුණ ඇති බුදුරජුන්හට පාත්රය දී,
“භවයෙහි උපදිනු ලබන්නාවූ මම රන් තලි ලබමි. රජතමයවූද, ස්වර්ණමයවුද, මිණිමයවූද,
“පාත්රද පරිභෝග කරමි. පුණ්ය කර්මයාගේ මේ විපාකයයි. මම යසසටද, ධනයටද හිමිවූයේ වෙමි.
“යම්සේ සොඳුරු (සාරවත්) කෙතෙක රෝපනය කරන ලද ස්වල්පවූද බීජය මැනවින් වැසි ලැබෙන කල්හි (එහි) ශෂ්ය ඵලය ගොවියා සතුටු කෙරේද,
“එසේම බුද්ධ ක්ෂෙත්රයෙහි රෝපනය කරන ලද මෙම පාත්ර දානය (බීජය) නමැති වැසි වස්නා කල්හි (එහි) (විපාක) ඵලය මා සතුටු කරන්නේය.
“සඞ්ඝයාවූද, ගණයාවූද යම්තාක් (පුණ්ය) ක්ෂෙත්රයෝ විද්යමාන වෙත්. නමුදු සව්සත්නට සුව දෙන්නාවූ බුද්ධ ක්ෂෙත්රය සමාන කෙතක් (නම්) නැත.
“පුරුෂ ශ්රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. එක පාත්රයක් දී අචල පදයවූ නිවණට පැමිණියේ වෙමි.
“මෙයින් එක් අනුවන කපෙහි වූ එකල්හි යම් පාත්රයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පාත්ර දානයාගේ මේ විපාකයයි.
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
“ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්රිවිද්යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකපත්ත දායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
එකපත්තදායකත්ථෙරස්සාපදානං දුතියං.
503. කාසුමාරි ඵලදායක ථේරාපදානය
“පිපීගිය කිණිහිරි රුකක් සේ බබලන, කඳු අතරෙහි වැඩහුන්නාවූ, (කෙළෙස්) රජස් විරහිත, ලෝකජ්යෙෂ්ඨවූ, නරශ්රේෂ්ඨවූ බුදුරජුන් දුටිමි.
“මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, හිසෙහි ඇඳිලි බැඳ, ඇත්දෙමට (ගෙඩියක්) ගෙන බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
“මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් ඇත්දෙමට ඵලයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
“ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්රිවිද්යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කාසුමාර ඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කාසුමාරඵලියත්ථෙරස්සාපදානං තතියං.
504. අවට ඵලිය ථේරාපදානය
“පස් මරුන් දිනූ, සියල්ල තෙමේම අවබෝධකරගත්, දහසක් රැස් ඇති භාග්යවත් තෙමේ විවේක (සමාධි)යෙන් නැගිට පිඬු පිණිස නික්මුණසේක.
“(එසේ නික්මුණු) නරශ්රේෂ්ඨයන් වහන්සේ දැක මම (අවට) ඵලයක් ගත් අත් අත් ඇත්තේ, උන්වහන්සේ වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ (එම) අවට ඵලයක් දුනිමි.
“මෙයින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් අවට ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.