503. කාසුමාරි ඵලදායක ථේරාපදානය
“පිපීගිය කිණිහිරි රුකක් සේ බබලන, කඳු අතරෙහි වැඩහුන්නාවූ, (කෙළෙස්) රජස් විරහිත, ලෝකජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ බුදුරජුන් දුටිමි.
“මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, හිසෙහි ඇඳිලි බැඳ, ඇත්දෙමට (ගෙඩියක්) ගෙන බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
“මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් ඇත්දෙමට ඵලයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කාසුමාර ඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කාසුමාරඵලියත්ථෙරස්සාපදානං තතියං.
504. අවට ඵලිය ථේරාපදානය
“පස් මරුන් දිනූ, සියල්ල තෙමේම අවබෝධකරගත්, දහසක් රැස් ඇති භාග්‍යවත් තෙමේ විවේක (සමාධි)යෙන් නැගිට පිඬු පිණිස නික්මුණසේක.
“(එසේ නික්මුණු) නරශ්‍රේෂ්ඨයන් වහන්සේ දැක මම (අවට) ඵලයක් ගත් අත් අත් ඇත්තේ, උන්වහන්සේ වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ (එම) අවට ඵලයක් දුනිමි.
“මෙයින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් අවට ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අවට ඵලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අවටඵලියත්ථෙරස්සාපදානං චතුත්ථං.
505. වාරඵලිය ථේරාපදානය
“මම ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, වීථියට පිළිපන්, ස්වර්‍ණ වර්‍ණවූ සම්බුදුරජුන්හට වාර ඵලයක් දුනිමි.
“මෙයින් එක් අනූවන කපෙහිවූ එකල්හි යම් වාරඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වාරඵලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පාදඵලියත්ථෙරස්සාපදානං පඤ්චමං.
506. මාතූලුඞ්ගඵලදාකත්ථෙරාපදානං
“පසළොස්වක් පොහෝ දිනයෙහි සඳු මෙන් දිලිසුන, කිණිහිරි රුකක් වැනි, ප්‍රදීප වෘක්‍ෂයක් මෙන් බබලන, ලෝකනායකවූ බුදුරජුන් දුටිමි.
“මම නාරන් ගෙඩියක් ගෙන දක්‍ෂිණාර්‍හ දීමට සුදුසුවූ, ප්‍රාඥවූ, ශාස්තෘන් වහන්සේට පහන්වූයේ සියතින් දුනිමි.
“මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.