475. කුම්මාසදායක ථේරාපදානය
4986. පිඬු පිණිස හැසිරෙන්නාවූ විපස්සී බුදුරජුන් හිස් පාත්‍රය දැක කුම්මාස (කොමු පිට්ටු) ගෙන පිරවීමි.
4987. මින් එක් අනූවන කපෙහි වු එකල්හි යම් කුම්මාසයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. කුම්මාස දානයෙහි මේ විපාකයයි.
4988. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
4989. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
4990. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුම්භදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කුම්මාසදායකත්ථෙරස්සාපදානං පඤ්චමං.
476. කුසට්ඨදායක ථේරාපදානය
4991. වැස නිමවන ලද බඹසර ඇති, බ්‍රාහ්මණ වංශයෙහිවූ කාශ්‍යප බුදුරජුන්හට පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ ලහබත් අටක් දුනිමි.
4992. මෙම කල්පයෙහිම සලාක බත් අටක් දුනිමි. (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සලාක බත් අටක් දීමෙහි මේ විපාකයයි.
4993. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
4994. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
4995. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුසට්ඨදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කුසට්ඨකදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
477. ගිරිපුන්නාගිය ථේරාපදානය
4996. එකල්හි සොභිත නම් සම්බුදුරජතෙම චිත්‍රකූට පර්‍වතයෙහි වැඩ විසූහ. මම ගිරි පුන්නාග (කඳුවල හැදෙන දොඹ) පුෂ්පයන් ගෙන (එම) බුදුරජුන් පිදීමි.
4997. මින් සිව් අනූවන කපෙහි බුදුරජුන්හට යම් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
4998. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
4999. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.