476. කුසට්ඨදායක ථේරාපදානය
4991. වැස නිමවන ලද බඹසර ඇති, බ්‍රාහ්මණ වංශයෙහිවූ කාශ්‍යප බුදුරජුන්හට පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ ලහබත් අටක් දුනිමි.
4992. මෙම කල්පයෙහිම සලාක බත් අටක් දුනිමි. (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සලාක බත් අටක් දීමෙහි මේ විපාකයයි.
4993. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
4994. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
4995. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුසට්ඨදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කුසට්ඨකදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
477. ගිරිපුන්නාගිය ථේරාපදානය
4996. එකල්හි සොභිත නම් සම්බුදුරජතෙම චිත්‍රකූට පර්‍වතයෙහි වැඩ විසූහ. මම ගිරි පුන්නාග (කඳුවල හැදෙන දොඹ) පුෂ්පයන් ගෙන (එම) බුදුරජුන් පිදීමි.
4997. මින් සිව් අනූවන කපෙහි බුදුරජුන්හට යම් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
4998. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
4999. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
5000. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගිරිපුන්නාගිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ගිරිපුන්නාගියත්ථෙරස්සාපදානං සත්තමං.
478. වල්ලිකාර ඵලදායක ථේරාපදානය
5001. එකල්හි සුමන නම් සම්බුදුරජතෙම තක්කරා රාජධානියෙහි වැඩ විසූහ. මම සියල්ල දත් බුදුරජාණන් වහන්සේට වල්ලිකාර ඵලයක් ගෙන දුනිමි.
5002. මින් එක්තිස්වන කපෙහි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
5003. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
5004. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
5005. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වල්ලිකාර ඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
වල්ලිකාරඵලදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.
479. පානාධිදායක ථේරාපදානය
5006. ලෝකජ්‍යෙෂ්ඨවූ, පසැස් ඇති අනොමදස්සී බුදුරජතෙමේ දිවා විහරණයෙන් නික්ම මාර්‍ගයට පිළිපන් සේක.
5007. මම මැනවින් කරන ලද පාවහන් (දෙකක්) ගෙන මාර්‍ගයට පිළිපන්නෙමි. එහිදී මනොඥවූ දර්‍ශන ඇති, මාර්‍ගයෙහි වඩින්නාවූ සම්බුදුරජුන් දුටුවෙමි.
5008. සිය සිත පහදවා පාවහන් (දෙක) බැහැරට ගෙන (බුදුරජුන්ගේ) පාමුල තබා මෙම වචනය කීමි.
5009. විනායකයන් වහන්ස, සුගතෙන්‍ද්‍රයාණන් වහන්ස, මහාවීරයාණන් වහන්ස, (මේ පාවහන් යුවල) දමාගනු මැනව. මෙයින් යම් විපාකයක් ලබන්නෙම්ද, (ඉන්) මාගේ යම් අභිමතාර්ත්‍ථයක් වේ නම් එය සමෘද්ධ වේවා.