459. පටි පුප්ඵිය ථේරාපදානය
4854. ශරීරය (ආදාහනය සඳහා) ගෙන යන කල්හි බෙර වයන කල්හි (මම) පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ රත්ලොත් මල් පිදීමි.
4855. (මම) මින් සියක් දහස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. චිතක (ආදාහන) පූජාවෙහි මේ විපාකයයි.
4856. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
4857. ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්රිවිද්යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
4858. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පටි පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පට්ටිපුප්ඵියත්ථෙරස්සාපදානං නවමං.
460. ගන්ධපූජක ථේරාපදානය
4859. (ආදාහනය සඳහා) චිතකය කරන කල්හි නානා සුගන්ධයන් රැස්කරන කල්හි මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ සුවඳ මිටක් පිදීමි.
4860. මින් සියක් දහස්වන කපෙහි යම් චිතක පූජාවක් කෙළම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. චිතක පූජාවෙහි මේ විපාකයයි.
4861. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
4862. ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්රිවිද්යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
4863. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්ධපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ගන්ධපූජකත්ථෙරස්සාපදානං දසමං.
උද්දානය:
ජගතිදායක ද, මොරහත්ථිය ද, සීහාසනවීජක ද, තිඋක්කාධාරක ද, අක්කමනදායක ද, වනකොරණ්ඩිය ද, එකඡත්තිය ද, ජාතිපුප්ඵිය ද, පට්ටිපුප්ඵිය ද, දසවන ගන්ධපූජක ද (යන මොවුහු ය). ගාථාවෝ සත්සැටක් යයි නුවණැත්තවුන් විසින් ගණින ලදහ.
ජගතිදායකවග්ගො ඡචත්තාලීසමො.
47. සාලකුසුමිය වග්ගය
461. සාලකුසුමිය ථේරාපදානය
පදුමුත්තර බුදුරජතෙම පිරිනිවි කල්හි (උන්වහන්සේගේ) ශ්රී දේහය චිතකයට නැංවූ කල්හි සල් මල් පිදීමි.
මින් සියක් දහස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. චිතක පූජාවෙහි මේ විපාකයයි.
මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.