460. ගන්‍ධපූජක ථේරාපදානය
4859. (ආදාහනය සඳහා) චිතකය කරන කල්හි නානා සුගන්‍ධයන් රැස්කරන කල්හි මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ සුවඳ මිටක් පිදීමි.
4860. මින් සියක් දහස්වන කපෙහි යම් චිතක පූජාවක් කෙළම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. චිතක පූජාවෙහි මේ විපාකයයි.
4861. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
4862. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
4863. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්‍ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්‍ධපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ගන්ධපූජකත්ථෙරස්සාපදානං දසමං.
උද්දානය:
ජගතිදායක ද, මොරහත්ථිය ද, සීහාසනවීජක ද, තිඋක්කාධාරක ද, අක්කමනදායක ද, වනකොරණ්ඩිය ද, එකඡත්තිය ද, ජාතිපුප්ඵිය ද, පට්ටිපුප්ඵිය ද, දසවන ගන්ධපූජක ද (යන මොවුහු ය). ගාථාවෝ සත්සැටක් යයි නුවණැත්තවුන් විසින් ගණින ලදහ.
ජගතිදායකවග්ගො ඡචත්තාලීසමො.
47. සාලකුසුමිය වග්ගය
461. සාලකුසුමිය ථේරාපදානය
පදුමුත්තර බුදුරජතෙම පිරිනිවි කල්හි (උන්වහන්සේගේ) ශ්‍රී දේහය චිතකයට නැංවූ කල්හි සල් මල් පිදීමි.
මින් සියක් දහස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. චිතක පූජාවෙහි මේ විපාකයයි.
මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සාල කුසුමිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සාලකුසුමිය ථෙරුන්ගේ අපදානය පළමුවැනියි.
462. චිතක පූජක ථේරාපදානය
ධ්‍යාන වඩන්නාවූ, ලෝකබන්ධුවූ සිඛී බුදුරජාණන් වහන්සේගේ චිතකයට සපු මල් අටක් පිදීමි.
මින් එක් තිස්වන කපෙහිවූ එකල්හි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. චිතක පූජාවෙහි මේ විපාකයයි.
මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතක පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
චිතකපූජක ථෙරුන්ගේ අපදානය දෙවැනියි.
463. චිතක නිබ්බාපක ථේරාපදානය
වෙස්සභූ බුදුරජුන්ගේ සිරුර දැවෙන කල්හි මම සුවඳ පැන් ගෙන චිතකය නිවීමි.
මින් එක් තිස්වන කපෙහි (බුදුරජුන් ගේ) චිතකය නිවූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සුවඳ දිය දීමෙහි මේ විපාකයයි.
මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.