453. සීහාසන වීජක ථේරාපදානය
4813. මම තිස්ස බුදුරජුන්ගේ බෝධි වෘක්‍ෂයට වැන්දෙමි. විජිනිපතක් ගෙන එහි සිහසුනට පවන් සැලීමි.
4814. මින් දෙයානූවන කපෙහි සිහසුනට පවන් සැලූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පවන් සැලීමෙහි මේ විපාකයයි.
4815. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
4816. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
4817. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්‍ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සීහාසන වීජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සීහාසනබීජියත්ථෙරස්සාපදානං තතියං.
454. ති උක්කාධාරක ථේරාපදානය
4818. පදුමුත්තර බුදුරජුන්ගේ උතුම් බොධි වෘක්‍ෂයෙහි (ආලෝකය පිණිස) පහන් සිත් ඇති, සොම්නස්වූ (මම) පන්දම් තුණක් දැරීමි.
4819. ඒ මම මින් සියක් දහස්වන කපෙහි (යම්) පන්දම් (තුණක්) දැරූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පන්දම් දනෙහි මේ විපාකයයි.
4820. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
4821. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
4822. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්‍ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ති උක්කාධාරක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තිණුක්කධාරියත්ථෙරස්සාපදානං චතුත්ථං.
455. අක්කමන දායක ථේරාපදානය
4823. වැස නිමවන ලද බඹසර ඇති, බ්‍රාහ්මණ වංශයෙහිවූ, දිවා විහරණයෙහි හැසිරෙන්නාවූ කකුසඳ බුදුරජුන්හට මම පා තබන පුවරුවක් දුනිමි.
4824. මෙම කල්පයෙහිමවූ එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පා තබන පුවරු දනෙහි මේ විපාකයයි.
4825. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.