454. ති උක්කාධාරක ථේරාපදානය
4818. පදුමුත්තර බුදුරජුන්ගේ උතුම් බොධි වෘක්‍ෂයෙහි (ආලෝකය පිණිස) පහන් සිත් ඇති, සොම්නස්වූ (මම) පන්දම් තුණක් දැරීමි.
4819. ඒ මම මින් සියක් දහස්වන කපෙහි (යම්) පන්දම් (තුණක්) දැරූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පන්දම් දනෙහි මේ විපාකයයි.
4820. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
4821. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
4822. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්‍ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ති උක්කාධාරක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තිණුක්කධාරියත්ථෙරස්සාපදානං චතුත්ථං.
455. අක්කමන දායක ථේරාපදානය
4823. වැස නිමවන ලද බඹසර ඇති, බ්‍රාහ්මණ වංශයෙහිවූ, දිවා විහරණයෙහි හැසිරෙන්නාවූ කකුසඳ බුදුරජුන්හට මම පා තබන පුවරුවක් දුනිමි.
4824. මෙම කල්පයෙහිමවූ එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පා තබන පුවරු දනෙහි මේ විපාකයයි.
4825. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
4826. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
4827. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්‍ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අක්කමන දායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අක්කමනදායකත්ථෙරස්සාපදානං පඤ්චමං.
456. වන කොරණ්ඩිය ථේරාපදානය
4828. ලෝකජ්‍යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේට වන කරඬු (මලක්) ගෙන පිදීමි.
4829. මින් සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
4830. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
4831. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
4832. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්‍ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වන කොරණ්ඩිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
වනකොරණ්ඩියත්ථෙරස්සාපදානං ඡට්ඨං.
වීසතිමං භාණවාරං.
457. එක ඡත්තිය ථේරාපදානය
4833. පෘථිවි තොමෝ හටගත් අඟුරු ඇත්තීය. එසේම මහී තොමෝ උණු අළු සහිතවූවාය. පදුමුත්තර බුදුරජතෙමේද එලිමහනෙහි සක්මන් කළ සේක.
4834. මම සුදු කුඩයක් ගෙන මගට පිලිපන්නෙමි. එහි සම්බුදුරජුන් දැක ප්‍රීතිය ඇතිවිය.