445. උත්තලි පුප්ඵිය ථේරාපදානය
4747. “මැනවින් බැසගත් මුල් (හා) ඇටුවම් ඇති, කොළවන් රැස් ඇති, නාග වෘක්‍ෂ (නුගරුක්) බෝධියෙහි උත්තලි මල් ගෙන පිදීමි.
4748. “මෙම කල්පයෙහිම යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බෝධි පූජාවෙහි මේ විපාකයයි.
4749. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
4750. “ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
4751. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උත්තලිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
උත්තලිපුප්ඵියත්ථෙරස්සාපදානං පඤ්චමං.
446. අම්බාටකිය ථේරාපදානය
4752. “වෙස්සභූ බුදුරජතෙම මැනවින් පිපීගිය සල් වනයකට පිවිස, ගිරිදුර්‍ගයන්හි විශිෂ්ඨ ජන්ම ඇති සිංහ රාජයෙකු මෙන් වැඩහුන් සේක.
4753. “පුණ්‍යක්‍ෂෙත්‍රවූ, මහාවීරවූ (උන්වහන්සේ දැක) පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, සියතින් (එම බුදුරජුන්හට) ඇඹරැල්ල ගෙඩියක් පිදීමි.
4754. “මින් එක්තිස්වන කපෙහිවූ එකල්හි යම් ඵල පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
4755. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
4756. “ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
4757. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බාටකිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අම්බාටකියත්ථෙරස්සාපදානං ඡට්ඨං.
447. සීහාසනික ථේරාපදානය
4758. “මම සව්සත්නට හිත කැමැත්තාවූ පදුමුත්තර බුදුරජුන්හට පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ සිහසුනක් දුනිමි.
4759. “මම දෙව්ලොව හෝ, මිනිස් ලොව හෝ, ඒ යම් තැනක වෙසෙම් නම් මහත්වූ විමානයක් ලැබීමි. සිහසුන් දනෙහි මේ විපාකයයි.