424. සත්තකදම්බ පුප්ඵිය ථේරාපදානය
61. “හිමවතට නුදුරෙහි කදම්බ නම් පර්වතයෙක් විය. එම පර්වත පාර්ශවයෙක්හි ඒ සත්බුදුවරයෝම වැඩ විසුහ.
62. “පිපුණු කොළාම් ගසක් දැක, ඇඳිලි බැඳ ගෙන, පුණ්ය චිත්තයෙන් උඩට දැමීමි.
63. “මැනවින් කරන ලද එම කර්මය කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
64. “මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි.
66. “මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
65. “ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්රිවිද්යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
67. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තකදම්බ පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සත්තකදම්බපුප්ඵියත්ථෙරස්සාපදානං චතුත්ථං.
425. කොරණ්ඩ පුප්ඵිය ථේරාපදානය
68. “පෙර මම වන කාර්මිකයෙක් (වනයෙහි කටයුතු කරන්නෙක්) වීමි. පිය මුතුන් පරපුරෙහි සිටම සිව්පාවුන් මැරීමෙන් ජීවත් වෙමි. මට පිනක් නැත.
69. “මාගේ අසපුව හාත්පස (තැනකදී) පසැස් ඇති, ලොකාග්රනායකවූ, තිස්ස බුදුරජ තෙමේ පදත්රය (අනිත්ය - දුඃඛ - අනාත්ම) ලෝකානුකම්පාවෙන් දැක්වූහ.
70. “තිස්ස නම්වූ බුදුරජුන්ගේ තුබූ පියවර දැක සතුටුවූයේ සතුටු සිතින් පියවර සටහනෙහි සිත පැහැදවීමි.
71. “මම පිපීගිය කරඬු ගසක් දැක (එම මල්) කිණිති සහිතව ගෙන, ශ්රේෂ්ට ශ්රීපාදයට පිදීමි.
72. “මැනවින් කරන ලද එම කර්මය කරණකොටගෙනද, චිත්ත ප්රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසාවට උත්පත්ති වශයෙන් ගියෙමි.
73. “දිව්යවූ හෝ, මනුෂ්යවූ හෝ යම් යම් යෝනියක උපදිම්ද, මම කරඬු මල් පැහැයෙන් පැහැ ඇත්තේව, ප්රභා සහිත වෙමි.
74. “මින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පද පූජාවෙහි මේ විපාකයයි.
75. “මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
76. “ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්රිවිද්යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
77. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කොරණ්ඩ පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කොරණ්ඩපුප්ඵියත්ථෙරස්සාපදානං පඤ්චමං.
426. සතමණ්ඩදායක ථේරාපදානය
78. “(සිව් සස් දහම් පිළිබඳව) මැනවින් සිතන ලද, ලෝක ජ්යෙෂ්ඨවූ, නර ශ්රේෂ්ඨවූ, මහ වනයට පිවිසියාවූ, වාතාබාධයකින් පෙළුනාවූ බුදුරජුන් දැක, සිත පහදවා ඉතා පිරිසිදු ගිතෙල් (ටිකක්) පිළිගැන්වීමි.
80. “(මෙම පුණ්ය කර්මය) කරන ලද බැවින්, රැස් කරන ලද බැවින්, මේ භාගීරථී ගඟද, සිව් මහ සමුදුරද මට ගිතෙල් සපයති.