309. බුද්‍ධ සඤ්ඤක ථේරාපදානය
“සියක් රැස් ඇති, පීත වර්‍ණ රශ්මියෙන් යුත්, උදාවන හිරු වැනි වනයට පිවිසි ශාන්තවූ ලෝක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ (බුදුරජුන්),
“සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන් සිහිනෙන් දුටිමි. මම එහි (බුද්‍ධාළම්බනයෙහි) සිත පහදවා සුගතියෙහි උපනිමි.
“මින් සිව් අනූවන කපෙහි වූ කල්හි යම් බුද්‍ධ සංඥාවක් ලැබූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ සංඥාවෙහි (බුද්‍ධාළම්බන ප්‍රීතියෙහි) මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්‍ධසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
බුද්ධසඤ්ඤකත්ථෙරස්සාපදානං නවමං.
310. පබ්භාරදායක ථේරාපදානය
“මා විසින් පියදස්සී බුදුරජුන්හට ගිරි ගුහාවක් පිරිසිදු කරණ ලදී. තාදී ගුණ ඇති බුදුරජුන්ගේ පරිභෝගය පිණිස (පැන්) කළයක්ද එලවා තැබීමි.
“මහාමුනිවූ පියදස්සී බුදුරජ තෙමේ මට ඒ කරුණ මෙසේ ප්‍රකාශ කළ සේක. දහසක් කොටස් බෙදුම් ඇති, සියයක් ගෝලාකාර මුදුන් ඇති ධජයන්ගෙන් යුත්, කොළවන්වූ,
“ඒ යූපය (ප්‍රාසාදය) උපදින්නේය, අපමණවූ රුවන්ද (ලැබෙන්නේය). (මෙසේ) ගිරිගුහා දානය දී කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.
“මින් දෙතිස්වන කපෙහි මහත් බල ඇති සත් රුවනින් යුත් “සුසුද්‍ධ” නම් සක්විති රජෙක් වීමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පබ්භාරදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
පබ්භාරදායකත්ථෙරස්සාපදානං දසමං.
උද්දානය:
කෙසරය, ගන්ධය, පරමන්නය ද, ධම්මසඤ්ඤක ද, ඵලය ද, පසාද ද, ආරාමදායක ද, ලෙපක ද, බුද්ධසඤ්ඤක ද, පබ්භාරද ද යන මොහුයි. ගාථාවෝ එක් පනසක් යයි කීර්තිමත් කරන ලද්දාහුය.
පදුමකෙසරවග්ගො එකතිංසතිමො.
32. ආරක්ඛදායක වග්ග
311. ආරක්ඛදායක ථේරාපදානය.
2768. “ධම්මදස්සී බුදුරජුන්හට මා විසින් වැටක් කරවන ලදී. තාදී ගුණ ඇති (එම) විපදෝත්තමයන් වහන්සේට මා විසින් ආරක්‍ෂාවද දෙන ලදී.
2769. “එක් දහස් අටසිවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, එම කර්‍ම විශේෂය කරණ කොට ගෙන මාගේ (කාමාදී) ආශ්‍රව ක්‍ෂයට පැමිණියේය.
2770. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආරක්ඛදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ආරක්ඛදායකත්ථෙරස්සාපදානං පඨමං.
312. භොජනදායක ථේරාපදානය.
2771. “මැනවින් වැඩුනු තරුණ සල් ගසක් මෙන්ද, උස්ව නැගුණාවූ මුරුංගා ගසක් මෙන්ද, අහසෙහි දේදුන්නක් මෙන්ද, බුදුරජ තෙම හැම කල්හිම බබළයි.
2772. “මහර්ෂීවූ, දෙවැනි දේවවූ, ඒ වෙස්සභූ බුදුරජුන්හට මම පැහැදි සිතින් බොජුනක් දුනිමි.
2773. “එය පිළිගත් සියල්ල තෙමේම අවබෝධ කළාවූ පස්මරුන් ජයගත් බුදුරජ තෙම මට අනුමෝදනා දහම් දේශනා කළ සේක. ‘භවයෙහි උපදනා කල්හි ඔබහට (මෙහි) පුණ්‍ය ඵලය ලැබේවා’ යි කියායි.
2774. “මින් එක් තිස්වන කපෙහි වූ එකල්හි යම් දනක් දුනිමි. (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. භොජන දානයෙහි මේ විපාකයයි.
2775. “මින් පස්විසිවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති “අමිත්තභ” නම් සක්විති රජෙක් වීමි.
2776. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බොජනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
භොජනදායකත්ථෙරස්සාපදානං දුතියං.
313. ගතසඤ්ඤක ථේරාපදානය.
2777. “අනි ලඤ්ජස නම් වූද, අම්බර නම්වූද අහසෙහි පියවර නැත. එම අහසෙහි වඩින්නාවූ සිදුහත් බුදුරජුන් දුටිමි.
2778. “සුළඟින් සෙලවෙන්නාවූ සම්බුදුරජුන්ගේ සිවුර දැක (එසේම) උන්වහන්සේගේ ගමනද දැක බුදුරජුන් කෙරෙහි එකෙනෙහි මාගේ ප්‍රීතිය හටගත්තේය.